ලේකම්ලාගේ අනුර
තඹුත්තේගම සිද්ධීයේ කළහකාරී ලෙස හැසුරුණු 49 දෙනෙක් අද (5) තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් කේ.ඒ.රමිලා නදීෂාණි මහත්මිය වෙත යොමු කිරිමෙන් පසු ඇප මත මුදා හැරීමට නියෝග කළාය.
තඹුත්තේගම දී රාජාංගණය ගොවීයන් පිරිසක් ජල ගැටලුවක් මුල් කරගනිමින් කළ විරෝධතාවයේ දී අධිකරණ නියෝග නොසළකා උද්ඝෝෂණය කළැයි මොවුනට එරෙහිව ඇති චෝදනාව වේ.
පොලීසිය වෙනුවෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිස් පරික්ෂක කේ.එම්.පී.එස් පි‍්‍රයන්ත මහතා පෙනී සිට නීතිවිරෝධී උද්ඝෝෂණය පිළිබඳ ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙලෙස නියෝග කෙරිණි.
එක් අයකුට ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කරන ලෙසත් සෑම මසකම අවසන් ඉරිදා තඹුත්තේගම පොලීසියේ පෙනී සිටින ලෙසත් නැවත කලහාකාරී ලෙස හැසිරුණොත් රිමාන්ඩ් කරන බව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම රටක ගොවියා පිළිබඳව ඇත්තේ මහත් පිළිගැනීමක් වන අතර ඔවුන්ගේ ගැටළු කිසිවිට පමා නොකර සෑම පහසුකමක්ම අදාළ පාලන තන්ත්‍රයන් විසින් සපයන්නේ උනන්දුවෙන බව නොරහසකි. අවාසනාවකට අප රටේ පරිපාලන හරකුන් සිටීමෙන් ගොවීන්ගේ ප්‍රශ්න පිළිබඳව සිතන්නේ සහ තීරණ ගන්නේ හරකුන් ලෙසය.
පොලිසියේ බත්කන අය නැති වුණාට උසාවියේ ඉන්නවා වගේ...
තෙල්දෙණියේ කේස් එක ඔයාලා දන්නේ නැද්ද?
අප රට පාලනය කල විදේශිකයින් එදා අධිකරණය පිහිටුවනු ලැබුවේ සාමාන්‍ය ජනයාගේ දේපල සූරාකෑම ආරක්ෂා කර ගැනීම පිණිසයි. එදා සිටම නොවෙනස්ව අධිකරණය එම කටයුත්ත නොපිරිහෙලා ඉටු කරමින් සිටින බැව් පෙනේ...