ලේකම්ලාගේ අනුර
තඹුත්තේගම සිද්ධීයේ කළහකාරී ලෙස හැසුරුණු 49 දෙනෙක් අද (5) තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් කේ.ඒ.රමිලා නදීෂාණි මහත්මිය වෙත යොමු කිරිමෙන් පසු ඇප මත මුදා හැරීමට නියෝග කළාය.
තඹුත්තේගම දී රාජාංගණය ගොවීයන් පිරිසක් ජල ගැටලුවක් මුල් කරගනිමින් කළ විරෝධතාවයේ දී අධිකරණ නියෝග නොසළකා උද්ඝෝෂණය කළැයි මොවුනට එරෙහිව ඇති චෝදනාව වේ.
පොලීසිය වෙනුවෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිස් පරික්ෂක කේ.එම්.පී.එස් පි‍්‍රයන්ත මහතා පෙනී සිට නීතිවිරෝධී උද්ඝෝෂණය පිළිබඳ ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙලෙස නියෝග කෙරිණි.
එක් අයකුට ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කරන ලෙසත් සෑම මසකම අවසන් ඉරිදා තඹුත්තේගම පොලීසියේ පෙනී සිටින ලෙසත් නැවත කලහාකාරී ලෙස හැසිරුණොත් රිමාන්ඩ් කරන බව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.