ඉකුත් 8 වනදා තඹුත්තේගම ඉකිරිවැව ප‍්‍රදේශයේ වෙල් යායකට කඩාවැටුණු පාෂාණ කැබලි ධූම කේතුවක කොටස් විය හැකි බවත් එහි ජීවී විශේෂ සිටින බව පරීක්‍ෂණ මගින් තහවුරු වී ඇති බව තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා පැවැසීය
මෙහි විශේෂිත කඩයටම කාණ්ඩයේ ජීවීන්ගේ ඡායාරූප අන්වීක්‍ෂීය පරීක්‍ෂණ මගින් ලබා ගෙන බකින්හැමි විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතාට යොමු කිරීමෙන් අනතුරුව මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතා මෙම ජීවීන් විශේෂීත ඩයටම කාණ්ඩයට අයත් බව තහවුරු කළ බව වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා පැවැසීය
වෛද්‍ය පරීක්‍ෂණ විද්‍යාඥයකු වශයෙන් මා ඇත්තටම මේ විශ්වීය විපර්යාසයන් පිළිබදව ඇලූමිකරණ කෙනෙක් තඹුත්තේගමට වැටුණු මේ උල්කා කොටස් මා පරීක්‍ෂාවට ලක් කලා මෙම පාශාණ වල ඩයටම ජීවි විශේෂ හා තවත් ජීවි විශේෂ ඉන්නවා මා මෙහි තොරතුරු බකින් හැමි විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්්‍යය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතාට හා නාසා ආයතනයේ භූ විද්‍යාඥ
තාරකා ජීව විද්‍යා අංශයේ ආරමිභක සාමාජික - ඩයටම ජීවී විශේෂ පිළිබද විශේෂඥ රිචඩි හූවර් මහතා දැනුවත් කළා ඔවුන් දෙදෙනා ගේම අදහස වූයේ අරලගංවිල ප‍්‍රදේශයට වැටුණු උල්කා කැබලි වල වෙසෙන ජීවීන්ට වඩා මෙම ඩයටම ජීවි විශේෂය පිළිබද තවදුරටත් පරීක්‍ෂණ සිදුකල යුතු බවයි ඔවුන් දෙදෙනාම වඩාත් උනන්දුවක් මේ පිළිබදව දැක්වීම මම අගය කරනවා
ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතා අදහස් පළ කළේය මෙම පාෂාණ කැබලි අකුණු පාෂාණ කැබලි නොවන බවත් ඉකුත් දවස්හි සූර්යයා අසල ගිනි ගෙන දැවුණ ධූම කේතුවක කොටස් වන්නට ඇතැයි මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතා පැවැසීය වැඩිදුරටත් ඔහු සදහන් කරන්නේ මේ පිළිබද ලාංකික විද්‍යාඥයන් තවදුරටත් උනන්දු විය යුතු බවත්ය
මෙම උල්කා කැබලි වල පරීක්‍ෂණ සටහන් හා මේ පිළිබද වැඩිදුර තොරතුරු වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතාගෙන් 071 811 27 86 විමසිය හැකි බව හෙතෙම සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජීවීන් අවට පරිසරයෙන් එකතු වුනා වෙන්න පුළුවන් නේද ? (නදී)
මෙවැනි ආගන්තුක පාෂාණ වර්ග ඇත ආවරණ වලින් තොරව ස්පර්ශ කිරීමෙන් මිනිසුන්ට ගහ කොළට හානියක් සිදු වෙනවාද මහජනයා දෙනුවත් කලානම් හොඳයි, (දිල්)
ක්ෂුද්‍ර ජීවීන් අධික උණුසුම් තැන් වලත් ඉන්න පුළුවන්.(දිල්)
වායු ගෝලයේ ගැටීමෙන් ගිනි ගන්නා වස්තුවක ජීවීන් නොමැරී සිටියේ කොහොමද ? (නදී)
අල්ලන් හිටිය අයගේ අතේ සිටිය ජීවින් කුඹුරේ හෝ පොළොවේ හිටිය ජීවින් වෙන්න බැරිද? මුත්‍රා පරික්ෂණයකට සාම්පල ගන්න ක්‍රමයක් වත් මෙහි අනුගමනය කරල නැහැ නේද? (නදී)
අධික උෂණත්වය ඇති තැන් වලත් සමහරක් ක්ෂුද්‍ර ජීවින් සිටිය හැකි බව බීබීසී ලිවිං ප්ලැනට් එකේ දැක්කා.(නදී)
ඔය ජ්වීන් දැන් මෙහෙ පදිංචි උනාම කොටින්ගෙන් වැදුනට වැඩියෙන් වදිනවා. දැන්මම පලවා හරින්න.(නදී)
එම පාෂාණ වර්ගය අහසින් වැටුනා කියලා සැකයක් ඇත්නම් එය ස්පර්ශ නොකර ඒවා අතින් අල්ලන්නේ නැතුව අදාළ අංශ වලට දැනුම් දෙන්න කියලා පසු ගිය දවස් වල මාධ්‍ය මගින් දැනුවත් කර තිබුනා.(නදී)
ගත් උත්සාහය අගේ කොට සලකමි. ඇත්තටම ගිනියම් උන පාෂාණ වල ජීවින් රැදෙන්නේ කොහොමද ? බාහිර පරිසරයෙන් ආවද කියල බැලුවොත් නිවැරදිවම පිළිතුරු හොයාගන්න පුළුවන් වේවි. ඉහත අදහස් යොමුකළ සියලු දෙනාටම ස්තුතියි.(නදී)
අල්ලපු අයට මොකද වෙන්නේ? කවුරු හරි පසට ජීවින් ඇතුල් කරන්න රැකදී උඩින් ඇවිත් දම්ම ද දන්නවද? එහෙම ක්‍රම වලට රටවලට පහරදීම් කරන බවට වාර්තා හරියට පලවෙනවා. මේ ගැනත් හොයන්න? (අ)
මෙවැනි දේවල් වල සමහරවිට විකිරණශීලී ද්‍රව්‍ය පවා තියෙන්න පුළුවන් නිසා අනුවන අන්දමින් මෙලෙස ඇල්ලීම ඉතාමත් අවදානම්.(නදී)
මෙහි සඳහන් වන තාප උෂ්ණත්වය පොළොව ට සාපේක්ෂව ඉතා ඉහළ තාපයක් උවත් පිටසක්වල ජීවීන් ට ඒ තාපය ජීවයෙන් තොරවෙන්න බලපාන්නේ නැහැ. මහා පොළව මත වසර මිලියන ගණනක් තිස්සේ ජීවත්වන සුවිශේෂ ශුද්‍ර ජීවින් ගේ පැවැත්ම උල්කාපාත කොටස් සමග පතිතවූ පාෂාණ ආශ්‍රිත සම්භවයක් සමග සම්බන්ද බව මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා පර්යේෂණ වල ප්‍රතිපල ඔස්සේ ප්‍රකාශ කරනවා. අපි පොලවේ තත්වයන්ට සාපේක්ෂව හිතුවොත් මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්න අපහසු වෙනවා. (අ)
වල්ගා තරුව සුර්යාට අහුවෙලා පිචුචුනා නම් ඒකේ ජීවීන් කොහෙද? (නදී)
කුඹුරේ හිටපු පනුවෝ ටික මේකට ගිහිල්ලා වගේ.(නදී)