දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර දී සඳුදා පැවැත්වීමට නියමිත ඊළාම් සමුළුවට ඉඩ නොදෙන බව තමිල්නාඩු පොලිසිය එහි කැඳැවුම්කරු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ නායක එන් කරුණානිධිට දැන්වීය. එහෙත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර සමුළුව කෙසේ හෝ පවත්වන බව කරුණානිධි පවසයි. ඉන්දියා මහා ආණ්ඩුව ද ප්‍රාන්ත රජය ද මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පතා ඇත. ඉන්දියා මහා ආණ්ඩුව පැහැදිලිව අවධාරණය කර ඇත්තේ දෙමළ ඊළාම් ආධාරකරුවන්ගේ සංවිධානයේ (ටෙසෝ) මෙම සමුළුවේ දී ඊළාම් යන වචනය කිසිම ආකාරයකින් යොදා ගැනීමට ඉඩ නොදෙන බවයි. කරුණානිධි විසින් ටෙසෝ සංවිධානය ඇති කැරුණේ 1980 වේදීය. සමුළුව තහනම් කිරීමට හේතු කිසිවක් පොලිසිය කියා නැතත් රජයේ රෝහලක් ආසන්නයේ පුංචි ක්‍රිඩාංගනයක පැවැත්වීමට නියමිත මේ සමුළුවට එන බව කියන අති විශාල ජනතාවට එම පිටිය ඉඩ නැති බව පෙන්වා දෙයි.ඩී.එන්.කේ පක්ෂ මුරහෙළ පුවත්පත සඳහන් කරනුයේ ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් ලක්ෂයකට අධික පිරිසක් පැමිණෙන බවයි. සමුළුවට එන වාහන 1250 නිසා ප්‍රදේශයේ දැඩි තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය කියයි. මේ සමුළුව සම්බන්ධයෙන් බොරු කතා පතුරුවා ඇතැයි ද කොටි හිතවාදීන් හා අන්තවාදීන් ඊට එතියි කියන කථාව සම්පූර්ණ අසත්‍යක් බව ද කරුණානිධි පවසයි. නීතියට ප්‍රකාරව උසාවියට කරුණු ඉදිරිපත් කර සමුළුව පවත්වන බව ඔහු අවධාරණය කරයි. දෙමළ ජාතික සංධානය එම සමුළුවට යන බව කියා තිබිණි. එහි යෑමට අවසර ඉල්ලූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට කොළඹ ඉන්දියා මහා කොමසාරිස් කාර්යාලයයෙන් වීසා නොලැබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා න්‍යායාචාර්ය වෙන්න වගේ උත්සාහ කරන්නෙ කැපිල්ල හොඳයිනේ එංගලන්තෙ පුරවැසිකමත් දෙයි එහෙම උනොත්(නු)
අපේ රටෙන් ඔකට යන්න හදන එක්කෙනාව මොන්ටිසෝරියකට ඇරලා ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ කවි පන්තිය උගන්නන්න ඕන..!!(නු)
ඊලාම් කොහෙද දැන්. එවුව නැහැ දැන් (දී)
ජයවේවා
හොදම හොද වැඩේ. (නි)
මෙයාව ඉන්දියාවටම යවන්න...!!(නු)
අනේ හොදයි (දී)
ඕව එච්චර ප්‍රශ්න කරගන්න එපා සහෝදරවරුනේ. (නි)
ඔය තමිල්ණාඩුව ඉන්දියාවෙන් බෙදා වෙන් කර ගන්නේ නැතුව ඊළම එහේම පිහිටුවා ගත්තා නම් හරිනේ. (නි)
තමිල්නාඩුවේ තොටසක ඊළාම් රාජ්‍යය පිහිටුවා අපේ රටෙන් එහි යාමට කැමති අයව එහි යවමු. (නි)
හොද ඉදිරි පියවරක් (නි)
ඔවුන් බලන්නේ මුදල් පමණි. (නි)
ලංකාව අපේ අපේ රටට මොකුත් කරන්න අපි දෙන්නේ නැහැ (දී)
අපේ රටට අහිතක් වෙන දෙයක් කරන්න දෙන්න එපා (දී)
ගහල එලවන්න තිබ්බේ (දී)
ලොව වටේ සිටින මේ කොටි ත්‍රස්තවාදය ඉවර කළ යුතුයි (අ)
ත්‍රස්තවාදය ලොවේ පැවතුන තැනක් නෑ. මොනවා කළත් වැඩක් නෑ මෙයාලට ලංකාවේ ඉඩක් නෑ. මීට වඩා හොඳයි මේ සල්ලිවලින් දෙමළ මිනිසුන්ට උදව් කරන්න (අ)
වික්‍රමබාහු මහත්තය හොඳට හම්බකරනවා ඇති. (අ)
කොටින්ට කිරි පොවල පරිප්පු කවල දැන් තහනම් කරනවා. (අ)
ජනතාව එකතු වෙලා මේ මහත්තයාව රටින් එලවල දාන්න. ලංකාවේ ඉඳල ලංකාවටම අකුල් හෙලනවා. (අ)
දැං ඊළමක් නැහැ කරුණා නිධි මහත්තයෝ.. යන ලෝකෙකට ගිහිං ප්‍රභාකරන්වත් හමුවෙලා ඊළමක් හදන්න බලමු..(නු)
මෙයාගෙ නමටත් ලැජ්ජයි කරන වැඩවල හැටි දැක්කම..(නු)
මේ ඊළම හදන්නේ තමිල්නාඩුවේ නම් අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකාවේ එවැනි සමුළුවක් තියෙනවා නම් ජනපතිතුමාගේ අනුදැනුමක් අවශ්‍යයි. (අ)
වික්‍රමභාහු මහත්තයත් තමිල්නාඩුවට අරියනම් හරිනෙ නවතින්නම..!!.(නු)
තමිල්නාඩුවෙ සමුළු තියන්නේ ලංකාවෙ ඊලාම් හදන්නයි... ඒ නිසා මේකට යන ලාංකිකයන්ට දඩුවම් කළ යුතුයි...!!.(නු)
අපේ අදහස් දැකලා බයවෙලාද කොහෙද .(නු)
කොටින්ට කිරි පොවලා අපිට පරිප්පු කැව්වා..(නු)
ඔය යන්න හදන කෙනාත් යවලා ලංකාවෙ වීසා අවලංගු කළානම් ඉවරයි..!!(නු)
අරුණ ඔය වගේ මිනිස්සුට මහත්තය කියන්න එපා. සිංහල මිනිසුන් බෝම්බ තියල මරණ කොට එය සාධාරනය කරපු කෙනෙක් තමයි ඔය තමිල්නාඩුවට යැවුවනම් තමයි හොද. ඉන්දියාවට දැන් දැන් මේ කට්ටියගේ තරම තෙරනව වගෙයි. (දී)
මිනිහට ගහල දාමු කට්ටියක් යවල (දී)
තේරෙන්නේ නැ, "කොටි හිතවාදීන් හා අන්තවාදීන් ඊට එතියි කියන කථාව සම්පූර්ණ අසත්‍යක් බව ද කරුණානිධි පවසයි" එහෙනම් එන්නේ කොටි විරුද්දවාදීන් ද? (දී)
ඔය ඊලම තමිල්නාඩුවේම හද්දා ගත්ත නම් මොකද? (දී)
ලංකාවට මොකුත් කරන්න නම් දෙන්න එපා (දී)
ඇයි ශ්‍රී ලංකිකයෝ වික්‍රමභාහුට කළ හැකි දෙයක් යෝජනා කරන්නෙ නැත්තෙ..!(නු)
පව් අනේ කොටියෝ මේ වගේ අනාත වෙයි කියලා මම නම් හිතුවෙ නැහැ.. පොඩි සමුළුවක් වත් තියාගන්න තැනක් නැහැ...!!(නු)
ඊළම බර්මියුඩා ත්‍රිකෝණයේ හැදුවා නම් නේද හොද? (නි)
ලෝකයේ කොහේ ඊළම පිහිටුව්වත් අපිට කමක් නැහැ..ලංකාවෙ පිහිටුවන්න ආයෙත් හිතන්නවත් එපා සිහිනෙන්වත්... අපි මේරටේ සිටින සියලුජාතීන් සමගියෙන් ජීවත් වීමට අදිටන් කර ගනිමු...!!(නු)
අල්ලපු රටේ ආණ්ඩුවට පණ නැහැ.. ඒකමුතු නැහැ මේ අය.. නැත්නම් මේ අයට මේවා වැඩ නෙමෙයි.. දුබල ආණ්ඩුවක්...!!(නු)