ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණ මසුන් ඇල්ලීම හේතුවෙන් උතුරේ ධීවරයින්ට දිනකට මත්ස්‍ය කිලෝ 60000 ත් 80000 ත් අතර ප‍්‍රමාණයක් අහිමි වන බවට උතුරේ එක්සත් ධීවර සමිති නායකයෝ කියති.
‘‘ඉන්දීය ධීවරයින්ගේ මහා පරිමාණ ට්‍රෝලර් යාත‍්‍රා මගින් භාවිතා කරන තහනම් දැල් ආම්පන්න හේතුවෙන් උතුරු මුහුදේ තිබෙන මාළු බිත්තර කෝටි ගණනක් විනාශ වන බව මන්නාරම් එක්සත් ධීවර සමිති ජ්‍යෙෂ්ඨ නියෝජිත ජස්ටින් සොයිසා මහතා කීවේය.
‘‘ට්‍රෝලර් යාත‍්‍රා විශාල ප‍්‍රමාණයක අයිතිය තමිල්නාඩුවේ දේශපාලඥයින් සතු බවත් ඒ බලය අරගෙන ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණෙන බවත් උතුරේ එක්සත් ධීවර සමිති සන්ධානයේ සභාපති එස්.එමිලියාස් පිල්ලේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැත්තේ මිනිස්සුන්ට තියෙන්නේ උද්ඝෝෂණ කරන්න. උතුරු සහ තමිල්නාඩු දේශපාලකයන්ගේ පඹයෝ හදල පුච්චන්න . ඉන්දියාවේ කරන්නේ එහමනේ (බ)
හා..හා.. විරුද්ද වීම අපේ විදෙස් පිලිවතට හොඳ නැත (ම)
අපේ රටෙත් ඉන්නව නේද නාවික හමුදාවක් ..එයාල ඉන්නේ පොල් කඩන්නද? ඇයි උතුරේ මුහුදු සීමාවට ආරක්ෂාව යොදවල ඔය කියනා බලවතුන්ගේ බල බිදින්න බැරිද ? රාජපක්ෂකාලේ ඕව කරන්න බැරි හින්ද නේද එයාලව පන්න ගත්තේ? දැන් උතුරු දේශ දීමවේ මාළු අල්ලගන්න දින අසුවක් කාලයක් ඉන්දියාවට ලියල දීල, මයිත්ත්‍රී, දැන් අපිටද කොකා පෙන්නන්නේ. වෙඩි තිබ්බානම් දේස සීමාවට පනින අයට, අර සෝමාලියාව කොල්ල කරුවන්ට ගැහුවා වගේ ආයේ පැත්තේ පළාතේ එන්නේ නැහැ..?උඩු බුරන්න කට හයිය තිබුනට මදි. රටක් පාලනය කරන්න කොන්දක් ඇති රජයක් තියෙන්න ඕනේ..? (ස)
කෝ මේ අර යහපාලනයට ආවඩන කට්ටිය කවුරුවත් මේක ගැන මොනවත් කියන්නේ නැද්ද? (නි)
දියාරු ප්‍රතිපත්තීන් නිසා ඇතිවෙන ප්‍රතිපල තමා දැන් මේ බුක්ති විදින්නේ. (ස)
අනේ කමක් නෑ.රාජ්‍ය තාන්ත්‍රික සුහදත්වය නේ.(ම)
චීනෙන් ඇවිත් අපේ මුහුදේ මාළු නීතියට යටත්ව අල්ලාගෙන ගියොත් තමයි කාටත් අමාරු.(ම)
ඔය දැන් දමිල ජාතිය වෙනුවෙන් මොර දෙන උතුරුකරයේ වගේම තමිල්නාඩුවේ දේශපාලකයන්ට පුළුවන්නේ උතුරේ අහිංසක දෙමල ධිවර ජනයා වෙනුවෙන් හඩක් නගන්න මේ වෙන අසාධාරණය වෙනුවෙන්.(ම)
මාළු වගේද තියෙන ලෙන්ගතුකම සහ නෑදෑකම. (ම)