ඉන්දියාවේ තමිල්නාඩු නළු නිළියන් පිරිසක් එක්ව පසුගිය දා ශ්‍රී ලංකාවට එරෙහිව එරට දී සිදු කළ උපවාසයට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා කලාකරුවන්ගේ සංගමය සංවිධානය කළ අධිෂ්ඨාන පූජාවක් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අද සවස පැවැත්විණි. මාලනී පොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ ඇතුළු ප්‍රවීන නළු නිළියෝ රැසක්ම මෙම අවස්ථාවට එක් වූහ. සිංහල, දෙමළ, හින්දි හා ඉංග්‍රීසි භෂින් අධිෂ්ඨාන වදන් කිවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කලාකරුවන් අවුරැද්දකට වතාවක්වත් මෙහෙම භාවනාකරන එක ගතටත් සිතටත් හොදයි. හොද නිර්මාණශීලී අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්.(නදී)
මිනිසුන් හැමදාම මෙසේම ඉන්නවා නම් කොතරමි හොදද? (නි)
වෛරයෙන් වෛරය නොසන්සිදේ. අවෛරයෙන්ම වෛරය සන්සිදේ. තමිල්නාඩු නළු නිළියන්ට වඩා ශ්‍රී ලංකාවේ නළුනිළියන් බුද්ධිමත්. බුදුසරණයි.! (නි)
ස්තූතියි! (නි)
මේවා සංවිධානය කරන අයට බූ වැල්ලෙන් තලන්න ඕනේ. රජයෙන් එක දා ගන්න දේශපාලනේට සම්බන්ධ පන්දම්මු කරන වැඩ වලට අහිංසක කලාකරුවන්වත් බලෙන් ගන්නවා. දේශ ද්‍රෝහී ලේබලය අලවෙනවට බයෙන් ඔවුනුත් එනවා. තමිල්නාඩුවේ අය කරන ඒවාට මේ වගේ උත්තර දෙන්න ගියාම එයාලා තවත් ඉහල යනවා. අපි ඒ අයව ගණන් ගන්නේ නෙතුව ඉන්න ඕනේ. නැත්නම් උන් තවත් උඩ යනවා. (නදී)
මට නම් මෙයාලව දැක්කම ආඩම්බරයි (නි)
රන්ජි, මම ඔබගේ අදහසට එකගයි. (නි)
අමු කැවිලද? වැඩක් බලාගෙන යනවා හලෝ.(නදී)
මේ දේශප්‍රේමී කලාකරුවන්ට දාපු ප්‍රතිචාර එකක්වත් පල වෙන්නේ නැහැ. පල වුනානම් දැන ගන්න තිබුනා ජනතාවගේ අදහස් මෙයාල ගැන.(නදී)
භාවනා කරන එක ඉතාමත් හොඳ දෙයක්. හැමෝම දිනපතා මෛත්‍රී භාවනාව උදේ සහ සවස කළ යුතුයි. (නි)
අපි ප්‍රතිචාර දිය යුත්තේ මෙහෙමයි. බොහොම හොඳ වැඩක්. වෛර කරන්නාට මෛත්‍රී කිරීමෙන් ඔවුන්ම ලජ්ජාවට පත්වෙනවා. බෞද්ධ රටක් වශයෙන් මට හරිම ආඩම්බරයි. සහභාගී වුන හැම කලාකරයකුටම ඉස්තුයි.(නදී)
මේවා කලයුතු වැඩ, අපි මොකුත් නොකලානම් අපිව හෑල්ලු වෙනවා (දී)
අපේ සහයත් අපේ කළා කරුවන්ට ලැබෙනවා (දී)
මේ වෙල් තමයි ඔලුවෙන් වැඩකරන්ඩ ඕනෑ. (නි)