ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වන අද (12) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයේදී වයඹ යුනයිටඞ් පිල කඩුලූ 9 කින් උතුරු රුද්‍රාස් පිල පරාජය කිරීමට සමත් විය. වයඹ පිලේ ආරම්භක පිතිකරුවන් වූ තමීම් ඉක්බාල් (නොදැවී 93) සහ කම්රාන් අක්මාල් (79) ලකුණු 176 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. උතුර රුද්‍රාස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 179 (ඉම්රාන් ෆර්හත් 51, මහේල උඩවත්ත 28, බ්‍රෙන්ඩන් ටේලර් 10, චාමර කපුගෙදර 38, ෆර්විස් මහරුෆ් 28, ඉසුරු උදාන 38/2) වයඹ යුනයිටඞ් පිල  ඕවර 19.2 කදී කඩුලූ 1 ට 183 (තමීම් ඉක්බාල් නොදැවී 93, කම්රාන් අක්මාල් 79)