රට පුරා ප්‍රදර්ශනය කැර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව රැගත් පුවරු හා බැනර් සියල්ල ඉවත්කරණ ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි. එම කාර්යාලය පවසන්නේ තම රුව සහිත පුවරු මින් ඉදිරියට ප්‍රදර්ශනය නොකරණ ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කැර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල් පුරවැසියාගෙන් හොඳ ආදර්ශයක්. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ තම රුව රැගත් පුවරු හා බැනර් ප්‍රදර්ශනය කිරීමක්. ඔබතුමාට ජයවේවා! (නි)
අන්න නියම නායකයා! (නි)
පින්තුර තිබුනත් කමක් නැහැ අනේ. දුන්න පොරොන්දු ටික ඉටු කරන්න ඉක්මනට. තවම ඉටු කලේ උතුරෙන් ඉල්ලපු ගිවිසුමේ එක පොරොන්දුවක් විතරයි. ආණ්ඩුකාරතුමාව එලවන එක. (නදී)
මෙන්න මිනිස්සු! (නි)
කෙනෙකුට තම නම රුව විකුණා මහජන හදවත් තුලට යන්න බැහැ. ගියත් එය තාවකාලිකයි. මෙතුමා යන විදිහට ගියොත් එතුමා ගේ නම සදාකාලිකව ලංකාවේ ජනතාවගේ හදවතේ ලියවෙනවා (නදී)
මමත් රජරට ගමක කෙනෙක්.මෙහෙ ජනතාව ඉතාම දුක් විදිනවා ඔබ තුමා නොදන්නවා නොවේ පසුගිය රජවරුන් මෙන් බොරු සොබන වැඩ අතහැර රට හොඳ පැත්තට ගෙනයන්න (දිල්)
මෛත්‍රීපාල මැතිතුමනි, ඔබතුමාව දිනවීමට කොන්දේසි විරහිතව කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අතේ තිබුන ටිකත් වියදම් කළ අපි වගේ අයට, අපේ මනසට ඔබතුමා මේ ලබාදෙන්නේ මිල කළනොහැකි සුවයක්. ඔබට දිර්ඝායුෂ! (නි)
මට නම් කියන්න තියෙන්නේ පිටරට සිට මෙතන අදහස් ලියන ලාංකිකයන්ට කළු සුද්ද කියපු බන්දුල පෙරේරා නැති වෙලාම ගිය කියලා විතරයි. අපි මව්බිමට කිසිම ආදරයක් නැති කුමන්ත්‍රණකාරී කොට්ටාසයක් ලෙස හඳුන්වමින් රට පාවා දෙන්නන් ලෙස පරිභව කරමින් අන්තර් ජාලයෙන් ආණ්ඩු පෙරලනවා යයි චෝදනා කරමින් මෙතන අදහස් ලියපු කෙනා දැන් වෙන නමකින් මෙතන ලියනවා. අපි තවමත් පරණ නමින්මයි. ඔන්න සිද්ධ වුන දේ ! (දිල්)
වටින කතාවක් .ඔබේ අමතිවරුන්ටත් මේ විදියේ පාලකයෝ හැසිරෙන විදිය කියා දෙමින් නිවැරදි පාලනයට ප්‍රවිෂ්ට වන්න.(හේ)
මේ අදහස ඉතාම අගය කළයුතුයි. නමුත් එය ජනාධිපතිතුමාට පමණක් සීමානොවිය යුතුයි. රජයේ සියලුම මන්ත්‍රී සහ ඇමතිවරුන්ගේ කටවුට් පෝස්ටර් එල්ලීම සහ ඇළවීම සහමුලින්ම නතර කළයුතුයි. මැතිවරණ කාලයේදී සෑම නගරයකම කාටත් පෙනෙන තැනක පළාත් සභාව විසින් තාවකාලිකව ඉදිකරන "අපේක්ෂක ප්‍රචාරක පුවරුවක " ඒ ඒ අපේක්ෂකයාට වෙන්කළ කොටසේ පමණක් ඡායාරූපයක් ඇළවීමට සීමා කළයුතුයි. මෙසේ කිරීමෙන් නගරය අපිරිසුදු නොවේ. මහජනයාටද සැනසීමකි. (නි)
හොද දෙයකි. නමුත් රටට අවශ්‍ය වන්නේ ආදර්ශවත් නායකයෙක් පමණක් නොවේ. දුෂණ වංචා පිටු දකින ගමන් "ස්ථිර සාර සංවර්ධනයක්" රටේ ඇති කළ යුතුය. ඒ සඳහා ආර්ථික ප්‍රතිපති ,ක්‍රම උපාය ක්‍රියාත්මක කළ යුතුය. .දැන් වැඩ පටන් ගන්න කාලය හරිය. මහජනයා බලපොරෝතුවනේ එවැනි ප්‍රවෘර්ති ඇසීමටය.(හේ)
ඡන්ද කාලයේදී පමණක් නොව කුමන අවස්ථාවකදී හෝ දැවැන්ත කටවුට් ඉදිකොට ගම නගර වල ප්‍රදර්ශනය කරවීම දැන්වත් නීතියකින් නතර කළ යුතුය. (හේ)
එතකොට කොරලවැල්ල දුම්රිය ස්ථානයේ ඇති, රුව සහිත පුවරුවත් ගලව ගෙන යනවද ? මම මේ නිකමට ඇහැව්වේ....(අ)
කොහොමද වෙනස (අ)
උතුරු පළාත් ආණ්ඩුකාරතුමා වෙනස් උනාද? (නදී)
පාරවල් වල යද්දී සද්ද දාගෙන ආරක්ෂක රථ හතරවටින් තියාගෙන යන මානසිකත්වයත් බිඳලම දාන්න. (නි)
අදහන්න වටිනා චරිතයක් ඔබ තුමා. ඉස්සර නම් කොහොමද, වැඩක් පටන් ගන්නත් ඉස්සෙල්ල පවුලේම මුනත්තහඩු ටික ගහගන්නවා. (අ)
බොහොම හොඳයි. පසුගිය කාලයේ කටවුට් ගහලා සමහර ගෙවල් වල වහලවල් පේන්නෙත් නැතිව තිබුනා. (නදී)
වෙල්ගම, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විදිහට පත්විය යුත්තේ සිවිල් රාජ්‍ය පරිපාලන නිළධාරියෙක්. හිටපු ජනධිපතිතුමා ත්‍රස්තවාදය පරදවා යුද්ධය අවසන් කර ඇත. දැන් උතුරට හමුදා නිළධාරියෙක් ආණ්ඩුකාර විදිහට අවශ්‍ය නැත. එලෙසම අනෙක් පළාත් වලටත් සිවිල් රාජ්‍ය පරිපාලන නිළධාරීන් පත්කළ යුතුයි (නි)
ඉතාම හොද කටයුත්තක් ඔබ තුමා කළේ. ඔය පෝස්ටර් ගහන අයගේ යටි අදහස තමා වංචාව දුෂණයට ඒ හරහා සහයෝගය ලබා ගැනීම නැතුව ආදරයට නොවේ. ඉන්දියානු සාගරයේ මුතු ඇටය බවට ඉක්මනින්ම නැවතත් පත්වේවි. ඔබ තුමාට බොහොම පින්. (අ)
අපිට නම් මේ සමහර අය ඇමතිවරු කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ (නි)
ඔබ තුමා ගැන විශ්වාසය තියපු ජනතාවගේ සිහින ඔබ තුමා ඉටු කරාවි කියලා පොදු මහජනතාව බලාපොරොත්තු වෙනවා ඇති (නදී)
ජය ශ්‍රී ජනපතිතුමනි. රටට යහපාලනයක් තිබේ නම් වෙනම පෝස්ටර් නැති උනාට ජනතාවගේ හදවත් තුල ඔබගේ රූපය සැමදා නොමැකෙනු ඇත. (නදී)
සත් භාවයෙන් කියනවා නම් අැත්තටම හොදයි. මට හිතෙන්නේ මහ මැතිවරණය ඉලක්ක කරගෙන තමයි ඔය ඔක්කොම කරන්නෙ. (නදී)
වෙනදා ජනතාව මේවාට පොලඹවනවා. අද ලොකු වෙනසක් අපට පේනවා. (නදී)
අර ගමක් ගමක් ගානේ හංදියක් හංදියක් ගානේ තියෙන පරණ මුණු කට්ට්ල ටිකට මොකද කරන්නේ (නදී)
ඇසළ, වසල කතා කියන්න එපා. මේක හොඳ ආරම්භයක් කියල ඒකට සහයෝගය දෙන්න. අපි කවුරුත් මනුස්සයෝ කියන එක අමතකද? (නදී)
නෑ කොරල වැල්ලට පිදුරු ගෙනියනවා (නදී)
අන්න මිනිස්සු (නදී)
හොඳ වැඩක් රටේ සල්ලි ඉතුරුකරන්න. අපි ගොඩක් දුක්විඳිනවා (නි)
ඔබතුමා ඉවත්කර ගත්තා කියමුකෝ.එතකොට අනෙක් මූහුණු? අද හැමතැනම කොළ කොඩිනේ.පෙළපාලි වැහිවැහැලා. (නි)
සමහර පරණ මුණු දකිනකොට අපි පොඩි කලේ කියවපු 'නෙල්ලි කැලේ බුරියා' චිත්‍ර කතාව මතක් වෙනවා. (ස)
ස්තූතියි ජනපතිතුමනි. මේ විදියට ඉදිරියට ගියොත් ඔබත් දිනුම්,රටත් දිනුම්! (නි)
රටේ ජනතාවගේ හදවතේ එතුමාගේ පින්තුරේ ඇදුනට පස්සේ මොකටද ඉතින් කාඩ්බෝඩ් පින්තූර. එතුමා නිවැරදිව ඒ ටික තේරුම් අරගෙන තිබෙනවා. අපේ රටේ සමහර මිනිසුන්ගේ පුහු ආකල්ප වෙනස් කිරීමට මේ රටට අවශ්‍ය වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා වැනි බුද්ධිමත් නිහතමානි නායකයින් තමයි. (නදී)
ඔහොම යමු. අපි හරි සතුටු වෙනවා. (නදී)
පෝස්ටර් නැතුව දිනූ අපේ ජනපති! අපිට වෙනසක් අවශ්‍යයි (නි)
අපිට නම් දැන් සමහරුන්ගේ රූපය දැකලම එපාවෙලයි තියෙන්නේ (නි)
දිනලා තාම පුටුවේ හිඳගත්තා පමණයි, ආසිරි මල් වරුසා මල් වෙඩි, මල් මාලා!! ටිකක් බලාගෙන සිටිමු අපි... මේ කවුද, මොකද කරන්නේ කියලා (නි)
ඉතා හොඳයි (නි)
ඉතා අගය කරනවා ජනපති තුමනි. ඔබේ මේ ආදර්ශය අනික් අයත් ගනී කියල හිතනවා (නදී)
ඔව් ඉතින්, එතුමාගේ රුව ජනතාවගේ හදවතේ ඇඳී තිබේ නම් ඒ ඇතිනේ.... (නි)
ඒත් පැරදිලත් පරණ ජනාධිපතිතුමාගේ රුව සහිත පුවරු තිබෙනවා තවමත් යම් යම් තැන්වල (නි)
කොරළවැල්ලේ දුම්රිය ස්ථානයේ පුවරුව ගලවන්න එපා කියල නැහැ නේද ලියනගේ මහත්මයා? ඔයාට පුලුවන්නම් යන එන ගමන් ගලවාගෙන යන්න. (නදී)
ඔන්න පලවෙනි පුරවැසියා. ජයවේවා මෛත්‍රී පාලනයට (නදී)
අපි දුරු රටවල සිට උනත් යහ පාලනයක් වෙනුවෙන් බලාපොරොත්තු දල්වා සිටිමු. අද ඒවා මල් පල ගනිමින් තිබෙනවා දැකීම ඇසීම තරම් සතුටක් තව නැහැ. ඒවගේම "අතිගරු" ආදී වශයෙන් ආමන්ත්‍රණය කිරීම් පවා නවත්වන්ට ඕනා. (නදී)
නායකයන් ජීවත් විය යුත්තේ ජන සිත් තුලය (නදී)
අපි අත ගෙවෙනකන් මෙතන ලියමින්, බන්දුල පෙරේරා වැනි කේවට්ටයන්ගේ නොපනත් කතා අසමින් ඔබතුමාට සහය දුන්නේ පුද්ගලික ලාභ ප්‍රයෝජන බලාගෙන නෙවෙයි. අවංකව රට යහපතක් වේවි කියල හිතාගෙන. ඒ විශ්වාසය රකිවී කියල බලාපොරොත්තු වෙනවා. (නදී)
පිටිගලගේ කතාව මාර කතාවක්. අපේ මිනිස්සු එහෙම තමයි. (නදී)
මේ ජනාධිපතිතුමා තව පාරක් ඉල්ලනේ නැති උනාට හැමෝම එතුමාව තියා ගනීවි (නදී)
හොඳ ප්‍රතිපත්තියක්. මේවගේ වැඩ පටන් ගත යුත්තේ ඉහලින්මයි. නැතුව කකුළුවෝ පැටවුන්ට කෙලින් යන්න කියා දෙන විදියට නොවේ. (නදී)
කොරළවැල්ලේ එ්ක තිබුනාවේ. ඒක ආසාවනේ. (නදී)
අන්න මිනිස්සු (නදී)
අනික් යටත් ආදර්ශයක් වන්නට ජනාදිපති දීපු උපදේශය ඉතා වටිනවා , අනික් අයත් මේක ආදර්ශයට ගනීවි. (ස)
ජනාධිපති වුනාට පස්සේ තවත් මොනවටද රටවටේ පොටෝ එල්ලන්නේ. වැඩවසම් නශ්ඨාවේශ දැන්වත් සමාජයෙන් තුරන් කරන්න අලුත් ජනාධිපතිතුමා ගත් තීරනය ඉතාමත් දියුනු සමාජයක් කරායන ලක්ෂනයක්. (නදී)
බොහොම හොඳයි, තවත් ආදර්ශවත් වන්නට ශක්තිය ලැබේවා. (නදී)
රැවටීම් වලට ලක් නොවෙන බුද්ධිමත් මිනිසෙක් රටේ නායකයා වූ වගයි (නදී)
හොද ආදර්ශයක්.(හේ)
ඕවා සැලකිල්ලට ගන්න ඕනා ද?කොච්චර දේවල් තියෙනවද.(නදී)
ඒක හරි බොරු වියදම් නොකර ඉන්න එක තමයි හොද?(හේ)
සර් ඔබ " නියම වීරයෙක් " ඔබ අපේ ගැලුවුම්කරු (නදී)
අයේෂාට ගැල් කරුවොත් ඉස්සරහට ගැලවුම් කරුවෝ වේවිද? (නදී)
අපේ හාමුදුරුවනේ, පින්තුර එපාලු. ගහන්න මගේ ඒවා. (නදී)
යහපත් ගුණයක්. එතුමගේ රුව සැබෑ ලෙසම තිබිය යුත්තේ මිනිසුන්ගේ හදවත් තුලයි (නදී)
වෙනස් නොවන චරිතයක්. එදත් අදත් ඵකම වගෙයි. කිසිම වෙනසක් නැහැ. (නි)
චන්ද්‍රානි, කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ උපතින් නෙමෙයි ක්‍රියාවෙන්. ඔබ 'ගැල්කරුවා' යනුවෙන් උපහාස කළේ කාටදැයි නොදනිමි. නමුත් ඔබ වැන්නන්ගේ වෘත්තීය කුමක්විය හැකිදැයි සමාජයට හොඳින් පැහැදිලි වෙනවා. (නි)
"බල සුබනිමිති පෙරමඟ නැකතටත් වැඩි". මිනිසුන්ගේ සිත් තුළ ජීවත්වෙන උතුමෙක්. (නි)
ඒවා ගළවන්න ඕනෑ ඒවා ගහපු අය නේද? (නි)
විහාරමහා දේවිය, දුටුගැමුණු රජතුමා , බණ්ඩාරනායක මහත්මා, ඩී.එස්. සේනානායක මහත්මා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිතුමියගේ රුව සහිත පුවරු කොහෙවත් එල්ලා නැහැ නේද? මෛත්‍රීපාල ගෞරවනීය ජනපතිතුමනි, නිකරුනේ මුදල් වියදම් කරන්න දෙන්න එපා. (නි)