(විමුක්ති එස් රුද්‍රිගු)
තම ව්‍යාපාර බංකොලොත් වූ චීන මිලියනපති ව්‍යාපාරිකයෙකු ඉන්දීය රුපියල් කෝටි 52කට වැඩි තම ණය ගෙවා දැමීම සඳහා ග්‍රිල් කරන ලද සොසේජස් විකිණීමේ ව්‍යාපාරයක නිරත වීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා තුල විශාල අවධානයක් හිමිව ඇත.
ඔහු තම පාරිභෝගිකයන්ට සංග්‍රහ කිරීම සඳහා තම අතින්ම සොසේජස් පිළියෙළ කරන බවත් ඔහුගේ ජීවිත කතාව පිළිබඳ මේ වන විට චීනයේ පුවත්පත් වලද ශිර්ෂ පාඨ වෙන්වන බවත් සවුත් චයිනා මොර්නින්ග් පොස්ට් පුවත් පත පෙන්වා දෙයි.
ටැංග් ජියෑන් නම් 52 හැවිරිදි ව්‍යාපාරිකයා තම ව්‍යාපාර බංකොළොත් වීමෙන් පසුව ඉන්දීය රුපියල් කෝටි 52 කට වැඩි තම ණය ගෙවා දැමීම සඳහා වීදි කඩයක් ආරම්භ කරමින් උත්සහ දැරීම පිළිබඳව චීන ජනතාවගේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද පැසසුමට ලක්ව තිබේ.
වයස අවුරුදු 36 වන විට සැලකිය යුතු ධනස්කන්ධයක් එක්රැස් කරගෙන ඇති ටැංග් ජියෑන් ආපන ශාලා කිහිපයක අයිතිකරුවෙකුව සිට ඇති අතර 2005 වසරේදී වෙනත් අංශයක ආයෝජනය කිරීමට යෑමෙන් බංකොළොත් වී ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තම ණය ගෙවන්න සොසේජස් විකුණන චීන මිලියනපතියා
ravin Wednesday, 23 November 2022 05:58 PM
මේකට තමා දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියන්නේ...!
chandima Thursday, 24 November 2022 12:24 AM
ඒ කියන්නේ මේ චීන ඉන්දියාවට නයවෙලාද?නැතිනම් ඉන්දියන් කාරයින්ට පොල්ලක් තියලද?
Perera Thursday, 24 November 2022 09:50 AM
අපේ ලොක්කාටත් ගාලුමුවදොර වැඩේ බෙද බෙදා ඩොලර් වලට විකුනන්න පුළුවන් සුද්දන්ට