වත්මන් රජයේ දින සියයේ වැඩසටහනට යෝජිත ක්‍රියාකාරකම් යටතේ දිවයින පුරා පිහිටි තැපැල් හා උප තැපැල් කාර්යාලවලින් මෙරට ක්‍රියාත්මක වන දුරකතන ජාල සඳහා පෙර ගෙවුම් සේවය (රීලෝඩ්) ඇරැඹීමේ සමාරම්භක උත්සවය අද (21) මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය ඒ එම් එම් අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් තැපැල් මූලස්ථානයේ දී පැවැත්විණි.
අමාත්‍යංශ ලේකම් ඒ අබ්දුල් මජාඩ් හා තැපැල්පති ඩී එල් පී රෝහණ අබේරත්න මහත්වරු ද ඊට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැපෑලේ වැඩ හරියට කවදද.? (ර)
ගොන් කතා කියන්න එපා රාජෝ ඔයාට පුළුවන් රිලෝඩ් එක ආවද කියලා ඒ වෙලාවේම බලන්න (නදී)
රාජා මේක ලංකාවේ තියන දුරකථන වලට තමයි හදුන්නල දීල තියෙන්නේ. ඔයාට ඕනෙම වෙලාවක සල්ලි වැටුනද කියල දැනගන්න පුළුවන් (නදී)
පිටින් බලලා විතරක් කතා කරන්න එපා. 80% විතර පාර්සල් පිට රටින් එනකොටම කැඩිලා.එකේ වරද කොහෙවත් තැපැල් කාර්යාල නොව අසුරන කෙනාගේ වරද..ලාබෙට පහසුවට ප්‍රමාණවත් විදියට අසුරන්නේ නෑ.එතකොට පලුදු වෙනවා තමා.හරියට අසුන දේවල් ලේසියෙන් පලුදු වෙන්නේ නෑ.ලංකාවේ හොඳම මිනිස් ජාලය තියෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ.එකෙන් පලක් ගන්නවා මිසක හැම දේටම දොස් පවරන්න එපා.අයහපත විතරක් නෙමේ යහපත ත් දකින්න..... (ම)
ලියුම් බෙදන්න මොටර් සයිකල් දෙන්න ඕනේ.(හේ)
දැක්ක දවසේ ඉඳන් එකම තැන. ඇති යන්තම් නව්‍යතාවක් කරලා (ම)
දැන් තැපෑල වෙනද වගේ නෙවි ගොඩක් දියුණු වෙලා ගිහිල්ල බැලුවොත් එක දැනගන්න පුළුවන් (ම)
තැපෑල දැන් පෙර තිබු සේවාවට එහා ගිය සෑබෑ ජනතා සේවයක් ඉටුකරන ආයතනයක්.ඒක පිළිගන්න අකමැති හණමිටි අදහස් තිබෙන ඇත්තෝ ඉන්නතුරු ඔය මඩ නවතින්නේ නැහැ.කරුණාකර තැපැල් කාර්යාලයකට ගොස් නව සේවාවන් අත්විඳ කතාකරනවා නම් ගොඩක් හොඳයි. (නි)
දැන් ලෝකයේ බොහෝ දියුණු රටවල තැපැල් සේවාවන් වලට ආදායම අඩු වෙලා තියෙන්නේ. එයට හේතුව තමයි දියුණු නව තාක්ෂනය. ලියුම් ලියන කට්ටිය බොහෝ අඩු වෙලා. දියුණු රටවල තැපැල් සේවකයන් ඉවත් කරනවා. ඉතින් ඒ තැපැල් සේවාවන් පවත්වාගෙන යාමට නම්,වෙනත් විකල්ප ආදායම් මාර්ගයන් හොයා ගන්න වෙනවා. තැපැල් ගාස්තුව වැඩි කිරීම නම් විකල්පයක් නොවේ. සමහර රටවල ගමන් බලපත්‍ර අයදුම් පත්‍ර බාර ගන්නෙත් තැපැල් කන්තෝරුවෙන්. සති දෙකෙන් ගමන් බලපත්‍රය ගෙදරට එනවා. ඉතින් එවැනි දෙයක් වත් ලංකාවේ පටන් ගතහොත්, තැපැල් දෙපාර්තමේන්තුවට හොඳ ආදායම් මාර්ගයක් ලැබේවි.(නදී)
මෙවැනි වැඩ කටයුතු කෙටි කාලයකට සිමා නොවී දිගුකලක් වැජඹේවා! (නි)
ඒ විතරක් නෙවෙයි, කරනවානම් තැපැල්හල' වල මොනතරම් දේවල් තියනවද. (කේ)
නරකද පිටරට සිට එවන ලියුම් පාර්සල් කඩන වැඩේ ගැන යමක් කලොත්. (නදී)
මම යුරෝපයේ ඉඳන් ගුවන් තැපැල් වලින් එවපු ලැප්ටොප් එකකුත් හිස් පෙට්ටිය පමණයි හොයාගන්න පුළුවන් වුනේ. කවදාවත් ලංකාවට කිසිම වටිනා දෙයක් ගුවන් තැපෑලෙන් යවන්න නම් එපා. ලෝක හොරු ඉන්නේ. (නදී)
මොනවා වුනත් හොද වැඩක්. අද කොච්චර වයසක අය ගෙවල් වල ඉන්නවද කඩේකට යන්න බැරුව. ඒ මිනිස්සුන්ටනම් හොද දෙයක්. තැපැල් මාමාගෙන්ම රීලෝඩ් එක දාගන්න පුලුවන්. (ත)
මේකටත් පිටරට ඉඳලා එවන ලියුම් සහ පාර්සල් වලට වෙන හරියම වෙයිද දන්නෙ නැහැ. මේ වනතුරු ඒ ප්‍රධාන ප්‍රශ්නය විසඳිලා නැහැ. අපි කොහොමද විශ්වාස කරන්නේ අපේ රිලෝඩ් එකට දෙන සල්ලි හරියට වැටේවි කියලා. (නි)
පිටරටින් එවන තෑගි, බඩු හොරකම් කරන එකටත් පිළියමක් යෙදීමත් ලොකු දියුණුවක්. පිටු කීපයක ලියුමක් තිබුනොත් ලියුම කඩලා.ගුවන් තොටුපළට ගිහින් ගෙනෙන බඩු,ලියුම් වාහනය තුළදීම හොරකම් කරලා (නි)