දහස් ගණනක් වටිනා තැපැල් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තැපැල්කරුවකු ලෙස සේවය කළ ලාංකිකයකුට එරටින් පිටවන ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස රටින් පිටව යන ලෙස එරට අධිකරණයෙන් නියම කෙරුණේ ප්‍රදීපන් ලෝගනාදන් 29 හැවිරිදි ලාංකිකයකුටය.
2012 වර්ෂයේ දී බෝට්ටුවෙන් ඔහු ඕස්ට්‍රේලියාවට ගොස් තිබේ. වසර 4 ක් පුරා ලියුම් බෙදන්නෙකු ලෙස ඔහු ඕස්ට්‍රේලියාවේ සේවය කර ඇත.
ඩොලර් 5000 කට අධික වටිනාකමින් යුත් ඉලෙට්‍රෝනික උපකරණ සහ ජංගම දුරකථන අතුරුදන් වී ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව පැවසේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය ගිය තැන හොරකම.
වැඩිම හොරකම් සහ වංචා කරන මිනිස්සු ඉන්නේ අපේ වගේ රටවල ! අනුන්ගේ දෙයක් දැක්කම ඉන්න බෑ එක ගන්නකන්ම! තමන් වැඩ කරන ආයතනයන උනත් කමක් නෑ හොරකන් කරොත් ! ගුවන් තොටුපලේ ගමන් මල්ල හරියට ඉබ්බා දාලා නැත්නම් ඒවා හොරකම් කරනවා. ලියුම් කඩලා ඇතුලේ තියන වටිනා දේවල් සොරකම් කරයි. රේගුවේදී වාහන කැලි සොරකම් කරයි. මෙකි නොකී බොහෝ තැන්වල සිදුවන්නේ සොරකමයි.
ලැජ්ජාවේ බැහැ ගිය තැන වනසනවා.
ඕස්ට්‍රේලියාවට ගිහින් තියෙන්නෙත් හරි මාර්ගයෙන් නොවෙයි මයේ හිතේ. බෝට්ටුවෙන්නේ ගිහින් තියෙන්නේ. රස්සාවක් ලැබිලත් රස්සාව කරන් ඉන්න බැරි මෝඩයෙක්. තණ්හාව ඉස්මතු වෙලා අනුන්ගේ දේවල් දැක්කම. අනේ මෙහෙම ආශාවක්. අනේ මෙහෙම තණ්හාවක්. මිනිසුනේ ලැබේද ඉන් සැනසීමක්.
අපි නිවාඩුවකට ලංකාවට එනකොට ගෙනාපු ගමන් මලු වල තිබුන භාණ්ඩ කටුනායකදී සොරකම් කරලා. එහෙ කෙනෙකු තමන්ගේ වයසක පියාට දෙන්න කියලා අපේ අතේ එවපු බෙහෙත් ටික පවා ලගේජ් කඩලා අරගෙන. මෙහෙම හොරු උපදින්නේ ලංකාවේ විතරයි. උපන්දා සිටම සමහරු දරුවන්ට උගන්වන්නේ එක්කෝ නිකම් ඉඳලා අනුන්ගේ දේවල් කඩා ගන්න. නැතිනම් සොරකම් කරන්න. මගේ නෑදෑයන් බලන් ඉන්නේ අපි පිටරටදී මැරෙනකම්, ලංකාවේ දේපල ටිකට වග කියන්න. තව දන්නා කෙනෙකුගේ ලංකාවේ ගෙදරට එයාගේ නංගි සැමියා එක්ක ඇවිත් බලෙන් පදිංචි වෙලා. මෙහෙව් රටේ සමහර මිනිස්සු පිටරටදී සොරකම් කරන එක අහන්න දෙයක්ද ?
ඔස්ට්‍රේලියාවට දේශපාලන රැකවරණ පතමින් එන බහුතරයක් ලංකාවේ මහා පරිමාන අපරාධකාරයන්. මේවාට ලංකාවේ දේශපාලන අනුග්‍රහය කොයි ආණ්ඩුව යටතේත් ලැබෙනවා. මෙහෙ ඇවිත් කියන්නේ ලංකාවේ ඉන්න අමාරුයි මට ජීවිත තර්ජනයක් තිබෙනවා. ඊළඟට මෙහෙ ලැබෙන ඔක්කොම දීමනා ටික අරගෙන සැපට රටේ නම විනාස කරනවා. මේ මිනිස්සු හින්දා වැදගත් පිළිවෙලට නීතියට අනුව සංක්‍රමණය වුන ලාංකිකයටත් රැකියාවකට අවස්ථා නැහැ. ලාංකිකයන් කිව්වාම මෙහෙ මිනිස්සුන්ට ඉස්සර මතක් වෙන්නේ ක්‍රිකට් ! දැන් ලෝක හොරු සහ පවුල් ප්‍රශ්න නිසා සැමියා හෝ බිරිඳ මරපු ලාංකිකයන්. !
අපේ අය ලෝකේ කොහේ හිටියත් හොරකමට අති දක්ෂයෝ.
අපිට ජොබ් නැතුව ඉන්නවා තමුන්ලාට ඕස්ට්‍රේලියාවේ ජොබ් හම්බෙලා හිතට එකග වෙලා කරන්න බෑනේ... ලංකාවේ නමත් කැත කරනවනේ...
නමින් බෞද්ධ වුනත්, ලංකාවේ මිනිසුන් තරම් අනුන්ගේ දේට ඊර්ෂ්‍යයා කරන, හොරකම් කරන්නට මාන බලන ජාතියක් මම කිසිම රටක දැකලා නැහැ.
රටේ හැමතැනම විනය පිරිහිලා... කොතැන බැලුවත් හොරකම, වංචාව, මත්ද්‍රව්‍ය, රස්තියාදුකාරයෝ රටේ කිසිම නීතියක් නෑ. මෙහෙම වැඩිකල් යන්න බැහැ.. මොකක් හරි කරන්න වෙනවා. අපිට ලැජ්ජයි ලංකාවේ කියන්නත්...
මීට කලින් නවසීලන්තයේ සුපිරි වෙළඳහලක සොරකන්ම කළ ආපසු ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවෙක් පවා අපි දන්නවා. මම වසර 15 ක් පින්ලන්ත පදිංචි කරුවෙක්.., මේ දක්වා පොදු ස්තාන වලදී මගේ නැති වූ මුදල් පසුම්බි, කාර් යතුරු ආදිය මාස ගණනකට පසුව හෝ යලි නාඳුනන අය විසින් මට ලබාදී ඇත. අපගේ රැකියා ආයතනවල කොම්පියුටර් වැනි දේවල් කවදාවත් නම් ලියා බාරදී නැත. ඒවා නැති වන්නේද නැත...
ඕක මොකද්ද? කලකට පෙර නවසීලන්තයේ සුපරි වෙළඳ හලකින් බඩු සොරකම් කලා ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවෙකු සහ භාර්යාව ආපසු එව්වා.... පුරුද්ද අතහරින්න බැහැ..
ලාංකිකයෙක් නොවෙයි, කල්ලතෝනියෙක්.