අමල් වික්‍රමරත්න
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීමට ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි කටයුතු වල නිරතව සිටි ගුරුවරු ඇතුළු අධ්‍යාපන ශ්‍රේෂ්ත්‍රයේ සෙසු නිලධාරීන්ට අසාධාරණයක් සිදුවන බව ඒ මහතා පැවසීය.
තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ දිනය දීර්ඝ නොකළහොත් අධ්‍යාපන ශ්‍රේෂ්ත්‍රයේ සැලකිය යුතු පිරිසකට පළාත් පාලන මැතිවරණයේ ඡන්ද අයිතිය අහිමි වන බව ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව අප අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් විමසුවිට සඳහන් කර සිටියේ තැපැල් ඡන්ද අයදුම්පත් බාරගන්නා දිනය කිසිසේත් දීර්ඝ නොකරන බවයි. අද (22) සවස 04.30ට පෙර තැපැල් ඡන්ද අයදුම්කරුවන් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත අයදුම්පත් බාරදීය යුතුබව පැවසීය.
මේවන විට එම කාලය අවසන්වී ඇතැයිද ඒ මහතා පැවසීය.දැනට ගෙන ඇති තීරණය අනුව ප්‍රමාදවී ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් භාර නොගන්නා බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
මැතිවරණය ප්‍රකාශ කර දින සිට මාසයකට ආසන්න කාලයක් තැපැල් ඡන්ද බාරදීම සඳහා කාලය ලබාදුන් බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට ඡන්දෙ දෙන්නද? ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. අපේ මේ පැත්තේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්නවා දුරාචාරවල යෙදෙන හතරක්, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ 3ක්, අශීලාචාර තක්කඩි 8ක්. ඒ අයව දකින්නවත් කැමති නැති නිසා ඡන්දෙ මගහැරෙන එකත් හොඳයි...
ගුරුවරු ඡන්ද වැඩවලට අවශ්‍ය නැහැ. අනෙක් සේවකයන් ගන්න පුළුවන්.