
(අංජුල මහික වීරරත්න)
තනි තනිව නොව සෑම බලවේගයක් සමගම එකට එකතු වී ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් අද(11)පැවසීය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද පස්වරුවේදී පැවැත්විණි.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් බහුතරයකගේ සහභාගීත්වයෙන් පැවැති මේ රැස්වීමේදී වර්තමාන දේශපාලන තත්ත්වයට අදාළ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිචාරය පිළිබඳ අදහස් ප්‍රකාශ කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂ සංවිධානය යළි ගොඩනැංවීමට අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වැදගත් අදහස් රැසක් සාකච්ඡා කිරීම විශේෂත්වයකි.
එසේම අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග සහ සංවිධාන සමග ඉදිරි සම්බන්ධීකරණ කටයුතු කරන ආකාරය පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් දැනුවත් කිරීමට පියවර ගැනුණි.
පක්ෂයේ විනය නීති රීතීවලට පටහැනිව ක්‍රියා කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ගත් පියවර එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ප්‍රකාශයට පත් කළාය.
එක්සත් ජාතික පක්ෂ සංවිධාන යළි ගොඩනැගීම සහ අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග, සංවිධාන සමග සම්බන්ධීකරණය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගනිමින් තීරණවලට එළැඹීම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විශේෂත්වයක් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෝ මීට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම එහෙම වැඩකරලා තමයි අති සාර්ථක තරුණ පුනරුත්ථාපන කඳවුරක් දැම්මේ.
වැඩක් වෙන්නේ නෑ.
මේ ටික කාලෙට සේරම ගොබ්බ හොරු කම්බයො ටික හොද පාඩම් ඉගෙන ගත්ය්හා මාලිමාවෙන්. බලය තියෙනකොට. ඔය කට්ටිය කොහොමද ජනතාවට දාපු සෙල්ලම් පොලිසිය එනි ටයිම් ලෑස්තියි කදුලු ගෑස් ගහන්න ජනතාවගෙ ඉල්ලිම් වලට. මුන් දැන් කියනවා එකතුවෙලා සමගියියෙන්. වැඩ කරමුලු. මොකටද දැන් සමගි වෙන්නෙ පාස්කු බෝම්බ. මීනිමැරුම්. කුඩු. දූශිතයින් සේරම එලිවෙන නිසාද. දැන් එකතුවෙලා සේරම වැලිකඩ යන්න. බරපතල වැඩ සහිත. ජනතාවගෙ. නරක කාලය ඉවරයි. මතු උපදින දරුවන් වාසනාවන්තයි. දැන් කිසි කෙනෙක් බෝදිපුජා තියන්න ලෙඩට බෙහෙත් ගන්න සාස්තර බලන්න පිටරට යන්නෙ නැහැ. ඉතුරු වෙන හැම සතයක්ම. ජනතාවට. සදහටම ඔහොම ඉන්න. මුන් ටික සමගිවුනත් නැතත් මාලිමාවට ප්ර්ශ්නයක් නැහැ
කුඩුකේඩු කමේ උල්පත ...
අපි පරම්පරා UNP… ඒත් පක්ෂයට ගිය කලක්
මේ හොරු ටික නඩුවලට බයෙන් එකට එකතුවෙයි. නමුත් නූතන පරම්පරාවෙ වැඩිදෙනෙක් ඔයාලට කැමතිනෑ. මොව්න් ගේ ගතානුගතික දේශපාලන්යෙන් රටට වැඩනොවනුඇත. අර හොඳට හිටිය ශාන් තුමත් මේ වලට වැටිල කරගත්තුදෙයක්. කමක් නෑ ශාන්, රටට පූර්වාදශ්යක් වෙන්න වැරද්දක් කර තිබෙනවානම් ටිකකලකට රට වෙනුවෙන් දඬුවම් විඳින්න, සතුටෙන් බාරගන්න. එතකොට නඩු වලට විරුද්දව බොරු පිකටින් නොකරාවි අනිත් අය.
මේ හොරු ටික නඩුවලට බයෙන් එකට එකතුවෙයි. නමුත් නූතන පරම්පරාවෙ වැඩිදෙනෙක් ඔයාලට කැමතිනෑ. මොව්න් ගේ ගතානුගතික දේශපාලන්යෙන් රටට වැඩනොවනුඇත. අර හොඳට හිටිය ශාන් තුමත් මේ වලට වැටිල කරගත්තුදෙයක්. කමක් නෑ ශාන්, රටට පූර්වාදශ්යක් වෙන්න වැරද්දක් කර තිබෙනවානම් ටිකකලකට රට වෙනුවෙන් දඬුවම් විඳින්න, සතුටෙන් බාරගන්න. එතකොට නඩු වලට විරුද්දව බොරු පිකටින් නොකරාවි අනිත් අය.