IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තුන්වැනි වරත් බොම්බායට රන් අදින්න බැරි වේ

කටුනායක ගුවන් තොටේ සිට බොම්බායට සතියක් ඇතුළත රත‍්‍රන් ගෙන ගිය තෙවන සැකකරුත් අද අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ බුද්ධි තොරතුරු සේවය කියයි. රුපියල් ලක්ෂ 25 ක් වටිනා රන් බිස්කට් තුනක් ගුද මාර්ගයේ සඟවාගෙන ගිය සැකකරුවකු අද අත්අඩංගුවට ගැණුනි. ඒවායේ බර ග‍්‍රෑම් 310 කි. ඉකුත් 4 වැනිදාද කෝටි දෙකක රන් බිස්කට් 30 ක් බොම්බායට ගෙන යාමට උත්සාහ කළ දෙදෙනකු කටුනායක ගුවන් තොටේදී  අත්අඩංගුවට පත්විය. අද අත්අඩංගුවට ගත් සැකකරු  ව්‍යාපාරිකයෙකි. (35) ඔහු යූ.එල්. 141 දරණ ගුවන් යානයෙන් බොම්බායට යාමට පැමිණ ඇත.



අදහස් (0)

තුන්වැනි වරත් බොම්බායට රන් අදින්න බැරි වේ

අමිල කටුනායක Thursday, 06 September 2012 08:54 PM

ඉස්සර නම් ඒවා දාගෙන ගියේ බෙල්ලේ. ඒකටත් එක්ක දැන්? (නි)

:       0       0

රිෂාන් Saturday, 08 September 2012 12:38 PM

මොනවා කරත් කරන කෙනා කරනවා..(ස)

:       0       0

ෂෙරීෆ් Thursday, 06 September 2012 09:55 PM

ඉන්දියාවට යන සියල්ලන්ගේම ගුද මාර්ගය ස්කෑන් කරලා යැවිය යුතුයි. (නි)

:       0       0

චමින්ද Thursday, 06 September 2012 10:47 PM

මත් කුඩු, මැණික් සහ රත්තරන් රැගෙන යාමට මුහුදු මාර්ගය සහ ගුවන් මාර්ගයට අමතරව ගුද මාර්ගයද අද බහුලව යොදා ගැනේ. (නි)

:       0       0

ඇරිස් Thursday, 06 September 2012 11:00 PM

ඊයියා.... (නි)

:       0       0

තරිඳු Thursday, 06 September 2012 11:11 PM

ගුද මාර්ගය ආධායම් මාර්ගයක් කරගෙන වගෙයි ...(ස)

:       0       0

නිශාන්ත Thursday, 06 September 2012 11:19 PM

මෙයාගේ ගුද මාර්ගය රන් ආකරයක් නේ. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 06 September 2012 11:26 PM

අනේ කාලේ. මෙයාගේ ගුද මාර්ගය රන් ආකරයක්නේ. මට පොඩ්ඩක් ඉල්ලා ගන්න හිතෙනවා. (නි)

:       0       0

මනෝහරන් Thursday, 06 September 2012 11:25 PM

ඔය කියන මාර්ගය අධිවේගී එකක්ද? (නි)

:       0       0

සුනිල් Thursday, 06 September 2012 11:57 PM

මේ මාර්ගය අවහිර කරන්න නම් එපා. ට්‍රැෆික් නැත්තේ මේ මාර්ගයේ විතරයිනේ. (නි)

:       0       0

රත්නා Friday, 07 September 2012 02:02 PM

කාන්තා පාර්ශවේ අය ආඩම්බරයෙන් පැළඳගෙන ඉන්නේ කාගේ හරි ගුද මාර්ගයෙන් එලියට ආපු රන් අබරණද දන්නේ නැහැ. (ස)

:       0       0

මධූ Friday, 07 September 2012 02:10 AM

දැන්නම් වෙන තැනක් හොයා ගන්න වෙයි වගේ. (නි)

:       0       0

දේශප්‍රිය Friday, 07 September 2012 04:54 AM

අධෝ මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන. (නි)

:       0       0

පින්තූ සිරිල් Friday, 07 September 2012 05:27 AM

මේ මිනිස්සුන්ට ඇයි ව්‍යාපාරිකයන් කියන්නේ? මේ මිනිසුන් වංචා සහගත අයුරින්නේ සල්ලි හොයන්නේ. සුදුසුම නම තමයි වංචාකරුවන්. මේ වගේ ක්‍රම වලින් සල්ලි හොයන අය අද රටේ වැහි වැහැලා. මේ වගේ හේතු හින්දා තමයි සාධාරණ ව්‍යාපාරිකයන් හැමදාම හිඟන්නෝ වගේ ඉන්නේ. අනේ මන්දා, අද රටේ ව්‍යාපාරිකයන් කියලා සුපිරි ගෙවල්වල ඉන්න ප්‍රාඩෝ මොන්ටෙරෝ වල යන අය කොහොමද සල්ලි හොයලා තියෙන්නේ කියලා හිතාගන්න පුළුවන්. මම සාධාරණව ව්‍යාපාරයක් කරලා ආණ්ඩුවට බදු සහ වෙනත් ගෙවීම් කරලා වෙළඳපොලේ මිලට බඩු විකුණලා පාඩු වෙලා වැහුවේ මේ වගේ වංචාකාරයන් එක්ක හැප්පෙන්න බැරි වුණ හින්දයි. (නි)

:       0       0

පනාගොඩ Friday, 07 September 2012 05:37 AM

ඒ වුණාට හතරවැනි පාරට නම් ෂුවර් එකටම අදියි. (නි)

:       0       0

ලුම්බිණි Friday, 07 September 2012 05:56 AM

අයි අපට බොඩි ස්කෑනර් මැෂින් එකක් පාවිච්චි කරන්න බැරි? මේවා ඔක්කොම අල්ලන්න පුළුවන්නේ. (නි)

:       0       0

වරුණ Friday, 07 September 2012 07:04 AM

මේක හරි වැඩක්‍ නේ ලංකාවේ තියෙන රත්තරන් ඉන්දියාවට ඇදල හරියනවද ?කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා හොයලා බැලුවොත් හොදයි‍‍...(ස)

:       0       0

සේනානායක Friday, 07 September 2012 03:33 PM

ග්රෑම් 310 ගෙනියන්න තරම්..දෙවියනේ......(ස)

:       0       0

මුසාමිල් Friday, 07 September 2012 09:18 AM

මේ මාර්ගය වන් වේ..ඒත් සමහරු මේක පටලවාගෙන වගේ..මේ මාර්ගයටත් මාර්ග භාධක දාන්න වෙයි වගේ..(ස)

:       0       0

යොහාන් Friday, 07 September 2012 09:19 AM

ඉඳලා හිටලා මේ මාර්ගයෙත් ට්‍රැෆික් තියෙනවා....(ස)

:       0       0

සුජීව Thursday, 06 September 2012 07:51 PM

මේකේ මුල් ටික කියවද්දි තේරෙන්නේ රත්තරන් බොම්බායට ‍ගෙනිහින් එහෙදි අත්අඩංගුවට ගත්තා කියලයි..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site