කටුනායක ගුවන් තොටේ සිට බොම්බායට සතියක් ඇතුළත රත‍්‍රන් ගෙන ගිය තෙවන සැකකරුත් අද අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ බුද්ධි තොරතුරු සේවය කියයි. රුපියල් ලක්ෂ 25 ක් වටිනා රන් බිස්කට් තුනක් ගුද මාර්ගයේ සඟවාගෙන ගිය සැකකරුවකු අද අත්අඩංගුවට ගැණුනි. ඒවායේ බර ග‍්‍රෑම් 310 කි. ඉකුත් 4 වැනිදාද කෝටි දෙකක රන් බිස්කට් 30 ක් බොම්බායට ගෙන යාමට උත්සාහ කළ දෙදෙනකු කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට පත්විය. අද අත්අඩංගුවට ගත් සැකකරු ව්‍යාපාරිකයෙකි. (35) ඔහු යූ.එල්. 141 දරණ ගුවන් යානයෙන් බොම්බායට යාමට පැමිණ ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් වෙන තැනක් හොයා ගන්න වෙයි වගේ. (නි)
මොනවා කරත් කරන කෙනා කරනවා..(ස)
ග්රෑම් 310 ගෙනියන්න තරම්..දෙවියනේ......(ස)
කාන්තා පාර්ශවේ අය ආඩම්බරයෙන් පැළඳගෙන ඉන්නේ කාගේ හරි ගුද මාර්ගයෙන් එලියට ආපු රන් අබරණද දන්නේ නැහැ. (ස)
ඉඳලා හිටලා මේ මාර්ගයෙත් ට්‍රැෆික් තියෙනවා....(ස)
මේ මාර්ගය වන් වේ..ඒත් සමහරු මේක පටලවාගෙන වගේ..මේ මාර්ගයටත් මාර්ග භාධක දාන්න වෙයි වගේ..(ස)
මේක හරි වැඩක් නේ ලංකාවේ තියෙන රත්තරන් ඉන්දියාවට ඇදල හරියනවද ?කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා හොයලා බැලුවොත් හොදයි...(ස)
අයි අපට බොඩි ස්කෑනර් මැෂින් එකක් පාවිච්චි කරන්න බැරි? මේවා ඔක්කොම අල්ලන්න පුළුවන්නේ. (නි)
ඒ වුණාට හතරවැනි පාරට නම් ෂුවර් එකටම අදියි. (නි)
මේ මිනිස්සුන්ට ඇයි ව්‍යාපාරිකයන් කියන්නේ? මේ මිනිසුන් වංචා සහගත අයුරින්නේ සල්ලි හොයන්නේ. සුදුසුම නම තමයි වංචාකරුවන්. මේ වගේ ක්‍රම වලින් සල්ලි හොයන අය අද රටේ වැහි වැහැලා. මේ වගේ හේතු හින්දා තමයි සාධාරණ ව්‍යාපාරිකයන් හැමදාම හිඟන්නෝ වගේ ඉන්නේ. අනේ මන්දා, අද රටේ ව්‍යාපාරිකයන් කියලා සුපිරි ගෙවල්වල ඉන්න ප්‍රාඩෝ මොන්ටෙරෝ වල යන අය කොහොමද සල්ලි හොයලා තියෙන්නේ කියලා හිතාගන්න පුළුවන්. මම සාධාරණව ව්‍යාපාරයක් කරලා ආණ්ඩුවට බදු සහ වෙනත් ගෙවීම් කරලා වෙළඳපොලේ මිලට බඩු විකුණලා පාඩු වෙලා වැහුවේ මේ වගේ වංචාකාරයන් එක්ක හැප්පෙන්න බැරි වුණ හින්දයි. (නි)
අධෝ මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන. (නි)
මේකේ මුල් ටික කියවද්දි තේරෙන්නේ රත්තරන් බොම්බායට ගෙනිහින් එහෙදි අත්අඩංගුවට ගත්තා කියලයි..(ස)
මේ මාර්ගය අවහිර කරන්න නම් එපා. ට්‍රැෆික් නැත්තේ මේ මාර්ගයේ විතරයිනේ. (නි)
ඔය කියන මාර්ගය අධිවේගී එකක්ද? (නි)
අනේ කාලේ. මෙයාගේ ගුද මාර්ගය රන් ආකරයක්නේ. මට පොඩ්ඩක් ඉල්ලා ගන්න හිතෙනවා. (නි)
මෙයාගේ ගුද මාර්ගය රන් ආකරයක් නේ. (නි)
ගුද මාර්ගය ආධායම් මාර්ගයක් කරගෙන වගෙයි ...(ස)
ඊයියා.... (නි)
මත් කුඩු, මැණික් සහ රත්තරන් රැගෙන යාමට මුහුදු මාර්ගය සහ ගුවන් මාර්ගයට අමතරව ගුද මාර්ගයද අද බහුලව යොදා ගැනේ. (නි)
ඉන්දියාවට යන සියල්ලන්ගේම ගුද මාර්ගය ස්කෑන් කරලා යැවිය යුතුයි. (නි)
ඉස්සර නම් ඒවා දාගෙන ගියේ බෙල්ලේ. ඒකටත් එක්ක දැන්? (නි)