මාකොළ බටලන්දේ සයදරු මවක (64) ගෙළ සිරකර මරා දැමීයැයි සැකපිට මත්කුඩුවලට ඇබ්බැහිවූවකු බව කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඇගේ දරුවන් හය දෙනාම එතෙර ගොස් සිටිති. ගෙදරින් සොරකම් කළ රුපියල් ලක්ෂ දෙක හමාරක පමණ බඩු මහරගම තැන් කිහිපයකට විකුණා තිබියදී සොයාගෙන ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවනේ මත් කුඩු නිසා අද සිද්ධ වෙන දේවල්? (නි)
දරුවන් හය දෙනෙක් දුක් විද දැඩි කෙරුවා මවු තනි කර දමා හැම දෙන රට රටවල සැරි සැරුවා හදවෙත දුක වැඩියි නෙතු කදුලැලි පෙරුවා මත් කුඩු නිසා අද ගෙන යයි මම මරුවා (නි)
සැක පිට නෙමෙයි හරියටම මිනිහා තමයි (ස)
වරුණ, දෙමව්පියෝ තනිකරා දරුවෝ රට යන එකත් ඒවගේම දෙයක් නේද ? ඔවුනුත පව් (ස)
මම මේ දන්නෙ නැති නිසයි අහන්නෙ. රටේ අපරාද අඩු කරන්න මෙතෙක් රජය මොකක්ම හරි වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවලා තියෙනව ද? එහෙම නැත්නම් ජනපතිඳුන් හා එක්ව ගෝඨාබය මැතිදුන් එහෙම වැඩපිලිවෙලක් කලොත් හොඳයි. (ස)
කිසිම සැකයක් නෑ කුඩු කාරයෝ තමයි මේ වැඩේ කරන්න ඇත්තේ. (අ)
ඔය මිනීමරුවෝ එක්කෙනෙක් දෙන්නෙක් අල්ලා මැරුවනම් හුගක් දුරට අපේ රටට සහනයක් ලැබේවි (ස)
තනිව ජීවත් වෙන්න හොද නැහැ. (නි)
මතක නෑ කියල කියන්න තියෙන්නෙ (අ)
බටලන්ද කැලණියට කිට්ටුවනේ තියෙන්නේ. කුඩු කප්පිත්තෙක්ගේ ගෝලයෙක් වෙන්න ඇති. කෝ අර කෑ ගහන අය? (නි)
බලධාරියනි, මේ බෞද්ධ රටෙන් මත් කුඩු ඉවත් කිරීමට සහයෝගය දෙන්න. නැත්නම් අහිංසක ජීවිත රටට තව කොච්චර නැති වෙයිද කියල කාටද කියන්න පුළුවන්? (නි)
මේ දරුවන්ගෙන් එක් කෙනෙකුටවත් හිතුනේ නැද්ද තමන් වෙනුවෙන් මෙච්චර දුක්වින්ද දෙමවුපියන්ව වයසට ගියහම තනිනොකර බලාගන්න ඕනෑ කියලා (නි)
අනේ මන්දා මිනිසුන්ට මොනවා වෙලාද කියලා (නි)