ලලිත් කොතලාවල මහතාගේ ‘ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි රියල් ස්ටේට්‘ හා ‘ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි ප්‍රොපටි ඩිවෙලොපර්ස් ප්‍රයිවට් ලිමිටඩ්‘ ආයතන දෙකේ තැන්පත් කරුවනට ඔවුන්ගේ තැන්පතු ගෙවීම් සඳහා තැන්පත්කරුවන්ගේ සංගමයේ සාමාජිකයෝ සිව්දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (22) අධ්‍යක්ෂවරුන් ලෙස පත් කරනු ලැබූහ.
ස්වාධීන තැන්පත්කරුවන්ගේ සංගමයේ සී.කල්දේරා හා මහින්ද විජේසූරියද තැන්පත්කරුවන්ගේ සංගමයේ උපාලි රාජපක්ෂ හා ඈෂ්ලි විලත්ගමුවද ඔවුහුය. ප්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න හා අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය තැන්පත්කරුවන්ගේ නීතිඥවරුන්ගේ ඉල්ලීම අනුව ඔවුනට එම පත්වීම් දී නඩුව අවසන් කළේය.
බැංකු ගිණුම් පවත්වාගෙන යාම සඳහා නව අධ්‍යක්ෂවරුනට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය එම අධ්‍යක්ෂවරුන් සෙලින්කෝ ෆින්ගාරා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ක්ලබ්, ෆින්ගාරා ඉන්ටනැෂනල් ක්‍රිකට් ඇකඩමි ප්‍රයිවට් ලිමිටඩ්, එෆ් ඇන්ඩ් ජී මැනේජ්මන්ට් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් හා එෆ් ඇන්ඩ් ජී හවුසින් ප්‍රයිවට් ලිමිටඩ් යන අනු සමාගම්හි අධ්‍යක්ෂවරුන් ලෙසද පත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතයට ගනුදෙනු අැතොත් තව ටික දිනකින් එළියට ඒවි (නි)
මේ සල්ලි ආපසු ගෙවන්න ආණ්ඩුව මැදිහත් වුණානම් කාගේ සල්ලි වලින්ද ගෙවන්නේ? දන්නා කෙනෙක් කියන්න (නි)