ලලිත් කොතලාවල මහතාගේ ‘ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි රියල් ස්ටේට්‘ හා ‘ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි ප්‍රොපටි ඩිවෙලොපර්ස් ප්‍රයිවට් ලිමිටඩ්‘ ආයතන දෙකේ තැන්පත් කරුවනට ඔවුන්ගේ තැන්පතු ගෙවීම් සඳහා තැන්පත්කරුවන්ගේ සංගමයේ සාමාජිකයෝ සිව්දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (22) අධ්‍යක්ෂවරුන් ලෙස පත් කරනු ලැබූහ.
ස්වාධීන තැන්පත්කරුවන්ගේ සංගමයේ සී.කල්දේරා හා මහින්ද විජේසූරියද තැන්පත්කරුවන්ගේ සංගමයේ උපාලි රාජපක්ෂ හා ඈෂ්ලි විලත්ගමුවද ඔවුහුය. ප්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න හා අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය තැන්පත්කරුවන්ගේ නීතිඥවරුන්ගේ ඉල්ලීම අනුව ඔවුනට එම පත්වීම් දී නඩුව අවසන් කළේය.
බැංකු ගිණුම් පවත්වාගෙන යාම සඳහා නව අධ්‍යක්ෂවරුනට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය එම අධ්‍යක්ෂවරුන් සෙලින්කෝ ෆින්ගාරා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ක්ලබ්, ෆින්ගාරා ඉන්ටනැෂනල් ක්‍රිකට් ඇකඩමි ප්‍රයිවට් ලිමිටඩ්, එෆ් ඇන්ඩ් ජී මැනේජ්මන්ට් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් හා එෆ් ඇන්ඩ් ජී හවුසින් ප්‍රයිවට් ලිමිටඩ් යන අනු සමාගම්හි අධ්‍යක්ෂවරුන් ලෙසද පත් කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 04
753
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
568
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තැන්පත්කරුවන්ට සැනසුම් සුසුම්
මුණසිංහ Saturday, 23 May 2015 02:57 AM
අතයට ගනුදෙනු අැතොත් තව ටික දිනකින් එළියට ඒවි (නි)
බමුණු ආරච්චි Saturday, 23 May 2015 12:25 PM
මේ සල්ලි ආපසු ගෙවන්න ආණ්ඩුව මැදිහත් වුණානම් කාගේ සල්ලි වලින්ද ගෙවන්නේ? දන්නා කෙනෙක් කියන්න (නි)