(විනීතා එම් ගමගේ)
වර්තමානයේ තානාපති සේවාවන්වල යෙදී සිටින බොහෝ දෙනා එම සේවාව යොදා ගෙන ඇත්තේ විශ්‍රාම දිවිය විවේකයෙන් ගත කිරීම සඳහා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මේ නිසාම තානාපති සේවාවන්වලට විශාල තරඟයත් ඇති වී ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
ගෙවී ගිය දශකයේදී තානාපති සේවයට ගිය ඇත්තන් ගුණපාල මලලසේකර මහතා මෙන් රට ගැන සිතා කටයුතු කළේ නම් ශ්‍රී ලංකාව බොහෝ ඉදිරියට ගිය රටක් වී තිබෙනවාට අනුමානයක් නැති බවත්, මහා බලවතුන් ගෙන් බොහෝ දේ කරවා ගන්නට රටට අවස්ථාව ලැබෙන බවත් සිරිසේන මහතා සඳහන් කළේය.
අද තානාපති සේවයේ යෙදෙන සියලු දෙනා මලලසේකර චරිතය හැදෑරිය යුතු යැයිද එයින් පාඩම් උගත යුතුයැයි ද හෙතෙම පැවැසීය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (14) පැවැති මලලසේකර ගුණානුස්මරණ උත්සවයේ දීය. මලලසේකර පදනම මඟින් එම උත්සවය පවත්වනු ලැබීය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත, ඔබතුමා ඒ බව දන්නවනම්, නිවැරදි පියවරක් ගන්න. හැමෝටම වැරදි පේනවා. හැබයි ඒවා නිවැරිදි කරන ක්‍රියාමාර්ග කව්රුත් නොදනී.
කතාව ඇත්ත තානාපතිවරු මෙහෙ ජනපතිතිවරු වගේ
ඔබතුමාට දැන් වැටහුනාට වැඩක් නැහැ වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. තානාපති සේවයට යවන්න ඕන රට ගැන හොද දැනුමක් ඇති අය වැඩකට නැති අය යවල වැඩක් නැහැ.
ජනාධිපතිතුමාගේ මෙම අදහස ඉතාමත්ම නිවැරදිය. තනාපති සේවයේ මෙන්ම දැන උගත් පුද්ගලයින් ඒ සදහා යවන විට යවන රට අනුව ඔහුට තිබෙන සුදුසුකම් සොයා බැලිය යුතුය. ඔහුගෙන් ඉටුවිය යුතු රාජකාරි ලැයිස්තුවක් ලබා දිය යුතු අතර ඒවා ඉටු කෙරෙන්නේ ද යන්න මාස 3 වරක්වත් පසු විපරම් කොට බැලිය යුතුය. අසතුටුදායක නම් නැවත කැදවීම කළ යුතුය.
දැන් වත් මෙව්වා තේරෙනවා නම් හොඳි. සත පහකට වෙඩක් නැහැ මෙහෙ ඉන්න තානාපති.
ඉතින් ඒගොල්ලෝ ප්ලේන් එකේ නැගල ගිහිල්ලා තානාපති පුටුවේ වාඩි වෙනවය. චන්දෙන් පරදින හෝ වෙන ආයතනයක වැඩකර ගන්න බැරි එවුන්ව තානාපති කරන්නේ ඔබලාමයි. ඉතින් ඕක බොරුවට පත්තරේ දාගන්න කියලා වැඩක් නැත. ආරක්ෂක ලේකම් වැඩේ කර ගන්න බැරි එකා තානාපති කළා එයා වෙනකාගේවත් මිත්තරයෙක් නොවෙයි.
මෙතුමා කතා කරන්නේ හරියට තානාපතිවරු අපි පත් කරනවා වගේනෙ. අන්තිමට දුෂණ, වංචා, බඩු මිල ඉහල යාම, රාජ්‍ය දේපල විකිණීම, අරක මේක හැම එකටම දේශපාලකයෝ බනින්නේ ජනතාවටනේ. පුදුම රටක්
මෙතුම නෙමේද තානාපති වරු පත් කරන්නේ. අනුන්ට බැන බැන රට වටේ යන්නේ නැතිව වැඩක් කලානම් පහුගිය අවුරුදු 3 නාස්ති වෙන්නේ නැහැ. මෙයාගේ කතාව දෝලාවෙන් ගමන පයින්.
උසස්ම ගනයේ විද්වතෙක් තානාපති සේවයට යෝජනා කල ඔබතුම සැලකිල්ලක් දැක්වුයේ නැහැ .දැන් සියල්ල හමාරි . ශ්‍රී ලක නව වෙනසක් කර වේගයෙන් යමි ප්රන්සය මෙන්.
මෙික කලකට පෙර හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් පාර්ලිමේන්තුවෙදි මෙහෙම කීවා“මම දැන් වයසයි, සීතල රටක තානාපති කමක් ලැබෙනවානම් විවේකයෙන් ඉන්න පුලුවන් කියා. තානාපතිවරුන් වශයෙන් ශ්‍රී ලංකා විදේශ සේවයේ ජේෂ්ඨ නිලධාරීන් යවන්නේ නැතිව ඉඩම් ගොඩකරපු වෙන්දේසිකාරයන් යවන්නේ කවුද? ජනාධිපතිවරුම තමයි.
තානාපතිලා පත් කරන්නේ ඔබතුමා නේද? පහු ගිය කාලය තුල ඔබතුමා රට ගැන හිතන කී දෙනෙක් තානාපතින් වශයෙන් යැව්වද?
විවේකයෙන් පසු වෙමින්ත තව වත් අක්රමිකතාවල යෙදෙමින් තව තවත් හම්බු කොරන්න බව සමහර තානාපතිලා ගැන අහන්න ලැබෙන කතා වලින් වැටහෙනවා.එන එන හැම නායකයාටම පන්දම් අල්ලපු, ඇමෙරිකන් ජනාධිපතිවරනේදී සිංහල පත්තර වල තඩි දැන්වීම් පල කොරල ආවඩපු උන්නහෙලටත් තානාපති කම් හම්බුවෙලා තියනවනේ! ඔය විදිහට අපේ ආදිවාසී නායකයාටත් එකක් දුන්නා නම් වරදක් නැහැ!
අපටනම් තියෙන පොදු ප්රශ්නය මෙම " රටක් විනාශ කරන නාඩගම " දැන්ද දන්නේ යන්නය ????? මෙතුවක් බලයට පැමිණි සෑම "හිගන තුප්පහි පක්ෂයකින්ම මෙම අසීලාචාර වැරැද්ද ඉතාමත්ම සාර්ථකව " සිද්ධ උනා.තවත් එක් දෙයක් කීමටද සිතේ. මේ හැමෝම හොදින් නිදාගෙන මේ දැන් පියවි සිහිය ලැබුවසේ කතා කිරීමය .මේ සියල්ලෙන්ම අපට අදහස් වනුයේ මේ හැමෝම නැවතවරක් අපව රැවටීමට ගන්නා නිහින ක්‍රියාවක් බවය.
මෙය කතාකරනේ තනාපතිවරු අපි පත්කරනවා වගේනේ
ඕව අපිට කියෑ කියා ඉන්නද ජනතාව බලය දුන්නේ. 2015 දී නම් කිව්වේ හිටපු ජනපතිතුමා වැඩකරන්න දුන්නේ නැහැ කියල. ඒ උනාට දැන් පෙනෙනවා ඔබතුම දන්නේ අනුන්ට දොස් කියා කියා ඉන්න මිසක වැඩක් කරන්න නෙමෙයි කියල. එහෙම හැකියාවක් තිබුනානම් උතුරුමැද ඉන්න වකුගඩු ලෙඩ්ඩුන්ට සහනයක්, පහසුකම් දෙන්න සෞඛ්‍ය අමති කාලේ බැරිවුණා නම් දැන්වත් කරන්න තිබුනනේ. වාරිමාර්ග ඇමතිවිදිහට උතුරු මැදට මොනවද කලේ ?
කෝට් දෙකක ජනතාවක් අතරින් නිවැරදි තානාපති සේවයක් කරන්න බලය ඇති එකම පුද්ගලයා ඔබතුමා. ඔබ එය නොකර වෙදිකාවෙි කියවලා පලක් නැත. ඔබ තැමා කළමනාකරණය නොදන්න නිසා කියවනවා විතරයි. අපි කරන්න ඔන දේ දන්නවා එත් අපිට බලය නැ. පුලුවන්නමි මට එක මාසයක් ඔය බලය පවරනවානමි රටෙ මුලික ගැටලු ටික විසදන්න අවශ්‍ය සියලුම මුලික පියවර අරගෙන පෙන්වන්නමි. මොකද කියන්නේ. ඔබතුමාගේ රාජකාරි වලට මාවත් සම්බන්ධකරගන්න. ඔවබ දේවත්වයට පක්වන්න පිං කරගන්න මෙි රට හදලා දෙන්නමි.
සේවකයන් හොදට කාර්යක්ෂම වැඩ කරන්නේ නැත්තම් එයට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයා වන්නේ ඔව්න්ගේ නායකයි.. ඒ බව ඔබතුමාට කව්රුවත් කියල දීල නැහැ වගෙයි..
ඒක ඔබතුමාත් හොඳට තේරුම් අරගෙන තමයි විශ්‍රාම යන හමුදාපති ආදීන්ට තානාපතිකම් දෙන්නේ!
කවුද තාන්පතින්ව පත් කරන්නේ ?ජනාධිපති එහෙනම් අැයි වයස 75 පැන්න නිදියන අයව පත් කෙරුවේ අැයි වෙන රට වල පුරවැසි බාවය ගත්තු අයව පත් කෙරුවේ ?දැන්වත් සොයල බලන්න ඔවුන් කොච්චර බොරු කෙරුවද කියල .පෙර්මිට් එක ගන්න වාහනයක් අරගෙන එම්බස්ස්ය් එකේ වියදෙමෙන් පාර්ක් කරලා තිබ්බ . මීටින්ග් වල බුදිය ගත්ත ,ඔබතුමාගේ නම පාවිච්චි කරලා වැඩ කරව ගත්ත මිනිස්සු බය කෙරුව . රටේ අරටික සම්බන්දත ඇති කරන්න දෙන දීමනාව අරගෙන බොරු කරලා එකෙන් ජිවත් වුන තනිපාහි වරු ඉන්නවා කවුද හොයල් බැලුවේ .දැන්වත් විදේශ සේවයේ නිලදාරින්ව පත් කරන්න . මම කියන්නේ නැහැ ඔක්කොම විදේශ සේවයේ නොවන ය හොඳ නැහැ කියල නමුත් අැයි අැවිදගන්නවත් බැරි නිදියන මීටින්ග් වලට ගියාම අාවේ මොකද කියල මතක නැති අයව පත් කෙරුවේ.ඔවුන් විශ්‍රාම වැටුපත අරගෙන තානාපති වැටුපත් අරගෙන් දීමනාවත් අරගෙන අනික් නිලදාරීන්ගේ වැඩ වලින් එක ගෙන වැජබෙන වැඩකට නැති ය . දැන්වත් කරුණාකරලා හොඳ නිලදාරීන් පත් කරන්න නැත්තනම් පහලින් ඉන්න හොඳ නිලදරින්ටහ්ට් වැඩක් කරන්න බැහැ,
ඔය තානාපතිලව පත් කරන්නේ කවුද කියලා පත්තර අරන් එන කොලුවාගන් වත් අහගත්තා නම් ඔය ප්‍රශ්නෙ විසදගන්න තිබ්බා................
මම මෙතෙක්කල් දැනන් හිටියේ නැහැ නොවෙැ තානාපතිවරු පත්කරන්නේ ජනාධිපති කියලා.....කෝ මඩු වලිගයක් ......
දැන්වත් සොයාබැලීමක් කරන්න ගෙවපු සල්ලි අයකර ගන්නා නාකි වැඩකට නැති අනික් රටවල පුරවැසියන්ගෙන්. තමන්ගේ පරණ වැඩ ගැන පුරාජේරු කියවමින් දිප්ලෝමැච් ගැන කිසිම දැනුමක් නැති මීට් ඉස්සර ලැබිච්ච අවස්ථාවෙන් වෙන රටක් පුරවැසි භාවය ගත්තු අය යළිත් තම උපන් රට ගැන කොහොමද කතා කරන්නේ? රටට් ආදරේ නම් අයි පැනලා ගියේ? වෙන රටක ව්‍යවස්ථාව රකින බවට දිවුරුම් දීපු අය කොහොමද තානාපති කම් කරන්නේ? අනික් රටවල් හිනහ වෙනවා මේ වැඩ දිහා දැකලා.. පොඩ්ඩක් හොයලා බලන්න. අායෙත් උපදේශකයෝ වගේ එනවා. අායෙත් රට කනවා. මුළු කාලයම වැය කලේ තමන්ගේ නිලධාරින් ගැන වැරදි ප්‍රචාර යවන්න. සබන් කෑල්ලේ ඉඳලා එම්බසියි සල්ලි වලින් ගත්තේ. පෞද්ගලික ගමන් වල ට්‍රේලර් ගාස්තු ගෙවන්නේත් එම්බසි සල්ලි වලින්. එම්බසි චාර් එක රටින් පිට කී සැරයක් අවසර නැතුව ගෙනිච්චද? අනිත් නිලධාරීන් ගැන වැරදි කියමින් ඔවුන්ගේ කාර්යයන් තමන් කලබව කියමින් ලකුණු දා ගත්තද? හොයලා බලන්න තානාපති සේවය මේ වගේ අය නැති කළා. නමුත් කිසිම ක්‍රියා මාර්ගයක් නැහැ.. ලජ්ජා නැතුව දැන් උපදේශක තනතුරකුත් අරගෙන... මේ අයගේ උපදේශ නිසා තමයි දැන් රට ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙන්නේ. දැන්මම එලවලා දාන්න අපු රටටම....
අපේ රටේ නම් ජනාධිපති කම ගන්නෙත් විවේක ගන්නනේ .
දශක කීපයකට කලින් විදේශයන්වල සිටි ලංකා තානාපති වරුන්ගේ දක්ෂතාවය හින්ද තමයි අද වෙනකොට ලංකාවේ රජය කියන දේවල් වලට වඩා දෙමළ ඩයස්පෝරාව කියන දේ විදේශයන් පිළිගන්නේ .
වයස 65ක් වෙන හිටපු ආරක්ෂක ලේකම්තුමත් ජර්මනියේ තානාපති කලේ ඔබතුමාමනේ.
ඔබතුමා ජනාධිපති වශයෙන් ඒවා නිවැරදි කර සුදුසු අය පත් කරන්න. අපිට කිව්වට වැඩක් නැත.
ඔය ජාතියේ සමහර ඩිප්ලෝමාධාරීන්ව පත් කෙරුවේ මේ ජනාධිපතිතුමාම නොවැ !
"රටට ආදරේ නම් අැයි පැනලා ගියේ?" එහෙම කියන්න එපා රට හැර යන්නේ රටට අදරේ නැතිකම නිසාම නොවෙයි. ඔබ බෞද්ධාගමිකයෙක් නම් කියන්න බුදුරජාණන්වහන්සේ ඇයි පාරිලෙයිය වනයට වැඩියේ? ඒ වගේ හේතුත් මිනිසුන්ට රට හැර යන්න හේතු වෙනවා.
හේතු තියෙනවනම් යන්න හබි සල්ලි හම්බකරන්න යේ 75 දී ලංකාවට එන්න එපා අපිට ඇති වෙන්න පුද්ගලයෝ ඉන්නවා තානාපති සේවයට සුදුසු .නිදියන ය අපිට ඕනේ නැහැ .ඇවිල්ල කියන්නේ රටට් ආදරේ නිසා වැඩ කරන්න අව කියල .එහෙමනම විශ්‍රාම වැටුපත් අරගෙන තානාපති පඩිත් අරගෙන දීමනාවත් වැරදි විදිහට අරගෙන සබන් කල්ලත් අරගෙන කරන සේවය මොකක්ද .මෙව්වා අපි දැකල තියෙන ඒවා.අගමැති වැඩක් නැහැ මෙතනට මම කතෝලික .රට හැර යන්න හේතුව තිබ්බනම් හේතුව නැතුව යන්නේ පන්දම් අල්ලන්න පුළුවන් උනමද .75 කියන්නේ විවේක සුයෙන් ඉන්න වයස එක නිසා එක්සත් ජතින්ගේත් 70 විශ්‍රාම යවන්නේ .මොනවා උනත් වෙන රටක පුගලයෙකුට තානාපති කම් කරන්න බැහැ වෙනත් රටක් වෙනුවෙන්.