ආණ්ඩුවෙ ජ්‍යොෂ්ඨ කැබිනට් ඇමැති සයිස් කස්ටිය කිහිපදෙනෙක් ඇඟ රත්වෙච්ච වෙලාවක කරපු කතාබහක් මේ... මාතෘකාව ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට බාගැනීම....
බස්නාහිර පළාතෙ ජ්‍යෙෂ්ඨයෙක් මෙතෙන්දි කිව්ව ඇමැතිකම් දෙනවනම් ඕන වෙලාවක ඒකාබද්දෙ තුන්දෙනෙක් ගන්න පුළුවන් කියල. ඊළඟට කළුතර පළාතෙ ප්‍රබලයෙක් ඇහුව කව්ද ඒ තුන්දෙනා කියාපං මචං කියල
එහෙම ආවට ගියාට කියන්න බැහැ තුන්දෙනෙක් ඉන්නව... ඒක සත්තයි... උන්නැහේ ආයිම කීව... ඊට පස්සෙ එතන හිටපු පිරිසගෙත් පෙරුත්තය නිසා මේ තුන්දෙනා ගැන ඉඟියක් දෙන්න කතාව කිව්ව කෙනාට සිද්ධ වුණා.
එක්කෙනෙක් ගාල්ල මාතර පැත්තෙ කටකාරයෙක්. අනෙක උඩරට පළාතෙ මාලිගාවෙ තේවාව ඇහෙන මානෙ පදිංචි පොරක්. අනෙක් උන්නැහේ දඹුලුගල කිට්ටුව ඉන්න මහත්තයෙක්ලු. ඉතින් මේ ආරංචියෙ හරි වැරුද්ද ළඟදිම බලාගන්න පුළුවන් කියලත් කියනව.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd