පක්ෂ නායකත්වය හා විපක්ෂනායක පදවිය බෙදා ගැනීමේ කිසිම අදහසක් නැතැයිද නායකත්වයට තරඟ කිරීමට ගත් තීරණය වෙනස් නොවන්නේයැයිද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ මන්තී‍්‍රන් පිරිසක් සමග අද ප‍්‍රකාශ කෙළේය. ලබන ඉරිදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තමා නායකත්වයට පත්වෙන බවත් පක්ෂයේ සියලූ අර්බුද එයින් නිමවන බවත් කී ඔහු තනතුරු බෙදා ගැනීමට දැන් යෝජනා කරනුයේ තමා ජයගන්නා බව හොඳින්ම දන්නා නිසා බවත් දැන් එවැනි සාකච්ඡුාවකට සූදානම් නැති බවත් අවධාරණය කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය ජනතාවටය ආදරේ මොන දේශපාලනඥයද?
අලිය මලත් බඩ සුද්දයි
රනිල්ට දිනන්න පුළුවන් කෘත්‍යාධිකාරී ඡන්දෙන් විතරයි නේ. හැබැයි මේ සැරේ නම් පරාද වෙයි වගේ.
කුසල්ගෙ ප්‍රශ්නෙත් හරි, දෙන්නම අයින් වුණොත් පක්ෂයේ නමවත් රැකෙයි
අන්න හරි නායකතුමනි, ඔය විදියට එඩිතරව ඉන්න. ජනතාව ඔබවටා නිරායාසයෙන්ම පෙළගැසෙනු ඇති.
ගම්පහ දිස්ත්‍රික්කෙන් තුන් වෙනි ස්ථානය ගත්ත ඔබ නායකත්වයට?
කරු මැදිදුනි ඔබ දිනනවට අප කැමතියි.
දැන් විවේක සුවයෙන් ඉන්න ඕන කාලයයි.
අන්න හරි නායකතුමනි, ඔය විදියට එඩිතරව ඉන්න. ජනතාව ඔබවටා නිරායාසයෙන්ම පෙළගැසෙනු ඇති.
කරු ජයසුරිය මැතිතුමණි ඔබ සමග ගිය 17 දෙනා ඒක්ක එන්න. සියලු දෙනා එකතු වී වැඩ කරමු. පක්ෂය දිනවමු!!!!!
තරගෙන් පරදින කෙනා මොකද වෙන්නේ? දේශපාලනයෙන් සමු ගන්නවද?
අන්න එහෙම තමයි කෙළින් ඉන්න ඕන.
තාම දෙපැත්තට....
නායක තුමනි ඔබේ තීරනය නිවැරදි.අපි ඔබ සමගයි.මේ අය මුල සිටම කීවේ චන්දයකට එන බවයි.මොවුන් සමග දැන් සාමයක් නැත.ඡන්දයක් පවත්වා ඔබ යළි නායකයා වන්න.බුද්ධිමත් නියෝජිතයින් ඔබට සහාය දෙනු ඇත.
බල ලෝභය...
රනිල් මහත්මයාට අපෙන් පුභපැතුම් !!!
ඕකෙ වෙනස් කරන්න දෙයක් නැහැ.යුද්ධය දිනනවට මේ අයට බොහොම හිතේ අමාරුව තිබුන.රට ගැන හැගීමක් ඇතිකරගන්න බැරි විපක්ෂයේ, කවුරු නායකය වුනත් රටට වැඩක් නැහැ.
මොනව කිව්වත් අදහස එකයි.
වසර 17කට වැඩි කාලයක් දැන් අප විපක්ෂයට වී සීටින්නෙමු. කෘත්‍යාධීකාරී මණ්ඩලයේ ඔබතුමාට සහයෝගය දෙන පිරිසට මේ අසරණ පාක්ෂිකයන් විදින දහ දුක ගැන කණගාටුවක් නැද්ද? ආණ්ඩුව සමඟ ක්‍රිකට් ගැසීම පමණද අද කණ්ඩායමට කරන්නට ඉතිරිව ඇත්තේ. කරු ජයසූරිය මැතිතුමා නිතර පක්ෂයේ දුකට පත් ජනතාව වෙනුවෙන් ඇප කැප වී, ඔවුන්ගේ දුක සැප නිරතුරු සොයා බැලීමට වෙර දරයි. රනිල් මැතිදුනි, ඔබතුමාගෙන් අප ඉල්ලා සිටින්නේ දැන්වත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සැදීමට කරු ජයසූරිය මැතිතුමාට නායකත්වය භාර දෙන ලෙසය. අපි වසර 17කට අධික කාලයක් විදි අන්ත අසරණ කාලය නිම කරන්නට දැන් කාලය එළඹ ඇත.
නායකත්වයට මොන තරගද?