දුම්පානය අවම කිරිම සදහා තනි සිගරට්ටුව විකිණිමට නොහැකිවන පරිදි නීතිරිති සකස් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලබාගැනීමේ සන්දේශය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්පානය අවම කිරිම සදහා දුම්කොළ බද්ද සියයට 90 දක්වා වැඩි කිරිම සහ සිගරට් පැකට්ටුවක් හදුන්වාදීමට ද පියවර ගන්නා බවයි.
දුම්කොළ වගාවෙන් ඉවත්වන ගොවීන් සදහා ලෝක බැංකුවේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය මත විකල්ප වගා ක්‍රම සදහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බුලත්සිංහල රැටියල විද්‍යාලයේ පැවැති සෞඛ්‍ය කඳවුරක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයසැරේ එකක් බොන කෙනා දහයක් බීලා තමා නවත්ත්වන්නේ, මෝඩ නීතියක්.
ඇමති තුමෝ, බොන එකා පරසක්වල ගැහුවත් බොනවා. ඇයි බැරි සිගරුට් නිෂ්පාදනය හා ගෙන්වීම නවත්වන්න.
පේන්නෙ මේ ඇමතිවරුන්ගෙ ඇන බුරුල් වෙලා
සිගරට් කොම්පැනි වල අාදායම් අඩු වෙච්ච එක , නගා සිටුවන්න වගේ රාජිත ලොක්ක හදන්නේ, අනේ යකෝ දුප්පත් මිනිස්සු තවත් දුප්පත් කරන ප්ලෑන් එකක් තමයි මේක,,,
වෙනදට එක සිගරට්ටුවක් අරන් බොන මිනිහ දැන් 2,3ක් අරන් ඔක්කොම බෝයි!
ඇයි ඔය වැඩේ තෙල් මිල වැඩි කරනවා වගේ එක රැයින් කරන්න බැරි කියවන්නේ නැතුව
කැකිල්ලේ රජතුමා නැවත පහලවෙලා ද ?
සිගරට් බොන අයට පොඩ්ඩක් තද වෙලා වගේ. හොද නීතියක්! සිගරට් බොන්න කොච්චර වියදම් කරනවද කියල දැන්නෙන්න මේ නිතිය ඉතා හොදයි.