ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් විවිධ ස්ථානවල දී මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විවිධ අදහස් පළකිරීමෙන් වළකින ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිසුල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඇමැතිවරයා එලෙස කීවේ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ශ්‍රීලනිප මන්ත්‍රීවරුනට තම අදහස් පළ කිරීමට අවශ්‍ය නම් හෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය නම් පක්ෂ මූලස්ථානය ඊට යොදා ගත හැකි බව කී ප්‍රේමජයන්ත මහතා තම පක්ෂයේ මතයට අනුගත වෙමින් ඔවුන්ට අදහස් පළ කළ හැකි බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අබයරාමයේ තියෙන්නේ මොන රැස්වීම්ද ...? (නදී)
සඳුන් අපි තවමත් පරණ ලොක්කට බයයිනේ (නදී)
අනේ මන්දා මේ මහත්තයා මේවා වෙනතුරු කොහේ හිටියද කියලා? (නි)
විනයේ පිරිහීමක් මෙතන තියෙන්නේ.ඕනෑම ආයතනයක සංවිධානයක විනයක් නැතිවිට එහි පැවැත්මට විශාල බාධාවක් වනු නියතය. (නි)
පක්ෂය ඇත්තේ පාක්ෂිකයන් ලඟද....නැත්නම් පක්ෂ මූලස්ථානේද ? (ම)
අපි දැන් හැමෝම එකමුතු වෙලා සිරිපාල මහත්තයට අවශ්‍ය සම්පුර්ණ සහය ලබා දිය යුතුයි. එතුමා එන මැතිවරණයේදී ජයග්‍රහණය කරවන්න සියලු නිදහස් පාක්ෂිකයන්ගේ සහය ලබා ගතයුතුයි. (ම)
ජනාදිපතිවරණේ දිනුවේ සිරිසේන. මහමතිවරණේ දිනන්නේ සිරිපාල. අන්තිමට එජාපයට හුලන්.(ම)
ඉසුරන්දි, කරුණාකර ඔබ කියන්න ලංකාවේ විනය ඇතුව වැඩකරන එක දේශපාලන පක්ෂයක නමක්. (නි)
ඩබල් ගේම් ගහන සමහරු නිසා තමයි මේ ප්‍රශ්න (නි)
තමන්ට හිතෙන දේ කතා කිරීමට නිදහස තිබිය යුතයි. මොන විනයද?. හරි වැරදි කතා කිරීමට නිදහස අවශ්‍යයි. (නදී)
එතකොට පන්සල් ගානේ තියන ඒවත් ඉවරද? (නි)
මේ අවවාදය දෙන්න ඕනෑ පරාජිතයා පිටුපස යන ගෝල බාලයින්ට නොවෙයි, පාක්ෂිකයින් මෙන්ම ජනතාවත් රවටමින් රටම වනසන්නන්ට. (නි)
මිනිසුන්ට කතා කරන්න නිදහසක් තියෙන්න ඕනෑ. විනය කියන්නේ කෙනෙක් නායකයා කරගෙන එයාට ඕනෑ හැටියට හරි වැරදි ඕනෑම දෙයක් අනුමත කරන එක නොවෙයි. ගල් ගහනවා කිව්ව එක එහෙම විනයානුකූලද? එහෙම කිව්වම පක්ෂයෙන් මොකද කළේ? (නි)