IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


තාත්තයි දුවයි කැනඩා අනතුරෙන් මරුට

ඇමෙරිකාවේ ප්ලොරිඩාවේ පස් දින නිවාඩුවක් ගත කැර කැනඩාවේ ටොරොන්ටෝ නුවර නිවසට එමින් සිටි ශ්‍රී ලාංකික පියෙක් ද දියනියක් ද අධිවේගී මාර්ග අනතුරකින් මරුමුවට පත්වූහ. මව බරපතල තුවාල ලැබීය. බීමත්ව සිටි බව කියන තරුණ රියැදුරා අධිවේගී මාර්ගයේ වැරැදි පැත්තේ ධාවනය කළ රියේ ශ්‍රී ලාංකිකයන් ගමන් කළ වෑන්රිය ගැටීමෙන් අනතුර සිදුවිය. ජයන්ත විජේරත්න (49) හා ඔහුගේ දියනිය එලීෂා (19) මියගිය දෙදෙනාය. ජයන්තගේ බිරිය ඇන්ටනට් බරපතල තුවාල ලැබීය. කැනඩා පොලිසිය ඉරිදා උදේ ඔවුන් පදිංචි ගෙදරට ගොස් දොරට තට්ටු කරන තුරු ජයන්ත විජේරත්නගේ පුත් බ්‍රයන් අනතුර ගැන කිසිත් දැන සිටියේ නැත. මාරක අනතුර සිදු කළ 19 හැවිරිදි රියැදුරා ද බරපතල තුවල ලබා රෝහල් ගත කරනු ලැබීය. අනතුර සිදු වීමට මද වේලාවකට කලින් බ්‍රයන්ගේ නැන්දා හා මාමා ඔවුන්ගේ ගෙදර බස්සවා ඇත. අනතුර සිදුවන විට කාරයේ සිටි පිරිස ඔවුන්ගේ ගෙදර සමීපයට පැමිණ සිටි බව කියති. ජයන්ත කැනඩාවේ හෝටලයක කළමනාකරුවෙක් විය. බ්‍රයන් ඉංජිනේරුවකු වීමට උගෙන ගනි. මියගිය එළීෂා  දෙළොස් වැනි ශ්‍රේණියේ උගනිය. ඇගේ බලාපොරොත්තුව වූයේ රසායන ඉංජිනේරුවරියක වීමයි.



අදහස් (0)

තාත්තයි දුවයි කැනඩා අනතුරෙන් මරුට

බිම්සර සඳගස්තැන්න Monday, 06 August 2012 09:29 PM

අනිච්චාවත සංඛාර උප්පාද වයධම්මිනෝ.

:       0       0

Reverend Dedunupitiye Upananda Monday, 06 August 2012 09:41 PM

කැනඩාවේ අපේ ශ්‍රී ලංකා ජනතාවගේ බලවත් සංවේගය. (අ)

:       0       0

primeshi Monday, 06 August 2012 10:04 PM

කොතන වුවත් නැත මරුවාහට බාදා (අ)

:       0       0

සුමිත් Monday, 06 August 2012 10:05 PM

හරිම දුකයි. (අ)

:       0       0

සුමිත් Monday, 06 August 2012 10:06 PM

අයියෝ හරිම දුකයි. (අ)

:       0       0

දුනුවිල Monday, 06 August 2012 10:14 PM

මෙය ඉතාම කණගාටුදායක ආරංචියකි. විජේරත්න පවුල ටොරොන්ටෝ වල කාගේත් සිත් දිනා සිටි ශ්‍රී ලාංකික පවුලක්. (නි)

:       0       1

ඇරිස් Monday, 06 August 2012 10:22 PM

අපගේ ශෝකය! (නි)

:       0       0

පැට්රික් අතුකෝරළ Tuesday, 07 August 2012 12:51 AM

කැනඩාවේදි උදව් කළ නීල් ජයන්ත විජේරත්න, ඔබ සදා අමරණීයයි. ඔබට හා දියණියට මොක් සුව! (නි)

:       0       0

oranhutan paris Tuesday, 07 August 2012 02:31 AM

මටත් දුකයි. (ත)

:       0       0

සංජය Tuesday, 07 August 2012 02:39 AM

නිවන් සුව පතමි! (නි)

:       0       0

සනත් ඉන්දික Tuesday, 07 August 2012 03:53 AM

ඔබලාට නිවන් සුව (දී)

:       0       0

රුවන් අබේගුනවර්දන Tuesday, 07 August 2012 10:50 PM

නීල් ඔබ සද අමරණීයයි , මගේ හොදම මිතුරා, නිවාඩුව ගතකරද්දී සෑම දිනකම මට කතාකලා, මෙය සිදුවීමට පැය 2 කට කලින් කීව කැනඩාවට ඇතුළුවුණා කියල. නමුත් ජීවිතය හරිම අස්තීරයි. විනාඩි 10 කින් ගෙදර යන්න තිබුනේ . ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේත් කැනඩාවේත් අපි එකට වැඩකලේ. දියණිය ඉතා හොදින් ඉගෙනීමේ කටයුතු කලා. බීමත් රියැදුරා කුමන ජාතිකයෙක්ද යන්න තවම නොදනී.නීල් සහ දියණියට මොක්සුව පතමු ! නීලිකා ඔබට ඉක්මන් සුවය ලැබේවා!(නු)

:       0       0

එරංත Tuesday, 07 August 2012 11:42 PM

අපගේ බලවත් ශෝකය..!!(නු)

:       0       0

තිලක් Tuesday, 07 August 2012 05:53 AM

ශ්‍රි ලාංකික අපගේ බලවත් ෂෝකය. ඔබ දෙපලට නිවන්සුව අත්වෙවා.(ත)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 07 August 2012 03:26 PM

අපේ බලවත් ශෝකය. මියගිය දෙපලට නිවන් සැපතත්, තුවාල ලත් මවට ඉක්මන් සුවයත් පතමු !!(නු)

:       0       0

නයනා වීරසිංහ Tuesday, 07 August 2012 08:08 AM

අපගේ බලවත් ශෝකය! (නි)

:       0       0

දිනුක Tuesday, 07 August 2012 08:11 AM

මගේ හද පතුළින්ම නැගෙන ශෝකය! (නි)

:       0       0

ලාල් Wednesday, 08 August 2012 08:35 AM

බීමතින් රිය පදවන්න එපා. දන්නවනේ වෙන දේ. අපගේ බලවත් ශෝකය! (නි)

:       0       0

සපුමල් Tuesday, 07 August 2012 09:22 AM

ඔබ දෙපලට නිවන්සුව අත්වේවා!

:       0       0

රෙක්ස් Tuesday, 07 August 2012 09:26 AM

ම‍ගේ බලවත් ශෝකය! (නි)

:       0       0

හරීන් Wednesday, 08 August 2012 09:29 AM

ඔබ දෙපළට නිවන් සුව පතමි! (නි)

:       0       0

සිසිර කුමාර Tuesday, 07 August 2012 09:58 AM

බීමත් කමේ ආදීනව. නිවන් සුව පතමි! (නි)

:       0       0

ගීත් Tuesday, 07 August 2012 04:33 PM

අපට හරිම කණගාටුයි ..මොක්සුව පතමි .. (දී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 07 August 2012 10:38 AM

පාදෝවා ශ්‍රී ලාංකිකයන්ගේ බලවත් ශෝකය! (නි)

:       0       0

සුගත් Tuesday, 07 August 2012 11:25 AM

ඉතාම කණගාටුදායක ආරංචියකි.නිවන් සුව පතමි ! (නි)

:       0       0

කුරේ Tuesday, 07 August 2012 11:34 AM

ඒ අය ‍ගෙනා ආයුෂ එපමණක් වෙන්න ඇති. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 11:49 AM

ඇත්තටම පවු. අපගේ බලවත් ශෝකය! (නි)

:       0       0

ක්‍රිෂාන්ත ඉතාලි ... Wednesday, 08 August 2012 11:15 AM

බලවත් ශෝකය (දී).

:       0       0

අනුලා Tuesday, 07 August 2012 12:03 PM

මියගිය ඔබ දෙපළට නිවන් සුව! මවට ඉක්මන් සුව! (නි)

:       0       0

ලලිත් පැරිස් Tuesday, 07 August 2012 05:49 PM

බීමත්කමේ පළ විපාකේ.. ශ්‍රි ලාංකිකයන්ට හොද පාඩමක්.. බීමත්ව රිය පදවන්න එපා කියන්නේ ඔන්න ඕකටයි.. නිවන් සුව පතමු..!!(නු)

:       0       0

ගාමිණී Tuesday, 07 August 2012 12:03 PM

කොතැන වුවත් නැත මරු හට බාදා ගෙවන මෙ සැප පින් ඇති තෙක් වේදා ගෙවන සසර දුක් බුදු බණ නාදා කුමන නැටුම් කෙළි කවට සිනාදා ඉච්ඡිතං පච්ඡිතං තුයිහං - ඛිප්ප මේව සමිජ්ජතු සබ්බෙ පූරෙන්තු චිත්ත සංකප්පා - චන්දෝපන්න රසො යථා. (නි)

:       0       0

රෝහිත බණ්ඩාර Wednesday, 08 August 2012 11:47 AM

මගේ බලවත් ශෝකය ,,, (දී )

:       0       0

සමන්ත Tuesday, 07 August 2012 12:38 PM

මින් මතුවට බොන අය සමග ගමන් නොයන්න..(නු)

:       0       0

සමන්ත Tuesday, 07 August 2012 12:48 PM

හරිම දුකයි. (නි)

:       0       0

මුදිත Tuesday, 07 August 2012 01:24 PM

ශ්‍රී ලංකා ටෙලිකොම් අපේ බලවත් ශෝකය ! (නි)

:       0       0

නලීන් Monday, 06 August 2012 07:47 PM

මියගිය අයට නිවන් සුව පතමි. (අ)

:       0       0

ලංකා Monday, 06 August 2012 08:26 PM

වෙලාව ආවහම ඉතින් කොහේ හිටියත් මාරයා ළගට යන්න වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 227 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site