මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශකයකුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ තවත් තිදෙනකු කොළොන්නාවේදී ඝාතනය කිරීමේ නඩුව අද (22) කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනිණි.
එහි සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාද උසාවි පැමිණියේය. ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනියද අධිකරණයට පැමිණියාය.
පැමිණිල්ල මහාධිකරණයට කියා සිටියේ පැමිණිල්ලේ දසවැනි සාක්කිකරුවන ගලබඩට සිතාසි බාරදීම සඳහා ඔහු සොයාගත නොහැකි බවයි.
ගලබඩ මෙම සිද්ධියේ වෙඩි තැබීම දුටු බව කියන ප්‍රධාන සාක්කිකරුවෙකියි කියති. ඔහුව නොමැතිව නඩුව විභාග කරන්නැයිද පැමිණිල්ල මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන්ගෙන් ඉල්ලා සිටියේය.
ගලබඩ නමැත් සාක්කිකරු නොමැතිව නඩුව විභාග කරගෙන යනවාද නැද්ද තීරණය කිරීම සඳහා ජූනි 11 තෙක් නඩුව කල් තැබිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නඩුව කුමක් සිදුවේද?(හේ)
අන්තිමට වෙන්නේ දුමින්දයි හිරුණිකයි එකතු වෙන එකයි. (ත)
අපි බලන් ඉන්නේ හිරුනිකා මහින්දව පරද්දවල සිරිසේනව දිනවලනේ දැන් තියෙන්නේ.දුමින්දවත් එල්ලයිද දන්නෙ නෑ (බ)
මට නම් මේක දැනෙන්නෙ හරියට දෙමළ චිත්‍රපටියක් වගේ. (නි)
අන්තිමේදී කවුද කවදාද හිරගෙදරට යන්නේ? ජනතාව ආශාවෙන් බලාගෙන ඉන්නේ (නි)
ඉක්මණින් විසඳුමක් ලැබේවා කියලා පතනවා (නි)