IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තාත්තා අල්ලා බෝතලයකට දාන්න ඕනෑ

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පිළිතුරු දෙයි


OLYMPUS DIGITAL CAMERAප්‍රශ්නය - මගේ සැමියා රජයේ සේවකයෙකි. ඉතා සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ ද දැන් අපේ විවාහය දෙදරා යමින් පවතී. දිනපතා රෑ බෝ වී නිවසට එන සැමියා අතරමග ඇති නිවාසවල නානකාමරවලට එබිකම් කරමින් ගැහැනුන් නාන ආකාරය හොරෙන් බලා සිටින බව ගමේ අයට හසුවූයේය. මේ බව මා දැනගත්තේ ද ඒ සිද්ධියෙනි. ඔහුගේ පුරුද්ද අත් හැරීමට අකමැති වීම නිසා මා නාන අයුරු බැලීමට අවශ්‍ය බව ඔහු කීවේය. සැමියා බේරාගැනිමටත් දරුවන්ගේ ගෞරවය රැකීමටත් මම එයට ඉඩ දුන්නෙමි. දැන් ඔහු පවසන්නේ මගේ සිරුර අන් පිරිමින්ට පෙන්වීමට ඔහුට බලවත් කැමැත්තක් ඇති බවයි. වෛද්‍යතුමනි. මෙය මට බරපතල මානසික ගැටළුවකි. මෙයට ප්‍රතිකාරයක් ලබාගන්නා මගක් කියන්න.

-නිමාලි-

පිළිතුර - ඔබේ සැමියා අසාමාන්‍ය ලිංගික ආශාවකින් පෙළෙන බව පෙනෙනවා. ඔහු සාමාන්‍ය ආකාරයෙන් සිටියත් අසාමාන්‍ය හැසිරීම් පෙන්වනවා. සාමාන්‍ය ක්‍රමයට වඩා වැඩි තෘපත්තියක් මෙවැනි අය මේ අසාමාන්‍ය හැසිරීම් වලින් ලබනවා. මෙය හඳුන්වන්නේ දර්ශන කාමුකත්වය කියා. එය වඩාත් දරුණු අවස්ථාවකට පත්වීමේ දී බිරිඳ පවා බිලි ගැනීමට පෙළඹෙනවා. ඔබ පවසන ආකාරයට දැන් ඔහු එම තත්ත්වයට පත්වෙමින් සිටිනවා. මේ රෝගයට ප්‍රතිකාර තිබෙනවා. ඔබ සැමියා සමග ළඟම ඇති රජයේ රෝහලේ මනෝ වෛද්‍ය සායනයකට ගොස් ප්‍රතිකාර සඳහා ඔහු යොමුකරන්න. ප්‍රතිකාර ගැනීමට ඔහු අකමැතිනම් එය උපායශීලීව කළ යුතු දෙයක්. මුල් කාලයේ දී මේ සඳහා ප්‍රතිකාර ලබාදීමෙන් දර්ශන කාමුකත්වය සම්පූර්ණයෙන් ම සුව කළ හැකියි.


woman-with-shameප්‍රශ්නය - මා හට සබකෝලය පවතී. මෙය මට විශාල මානසික ගැටළුවකි. මෙයට ප්‍රතිකාර තිබේ ද ?  - සම්මානි-

පිළිතුර - සබකෝලය යනු යෞවන යෞවනියන් අතර බහුලව දැකිය හැකි මානසික ගැටළුවකි. සබකෝලය සාමාන්‍ය ලජ්ජාශීලී බව මෙන්ම දැඩි ලජ්ජාශීලී බවේ සිට ඉන් ඔබ්බට යන සමාජ භීතිකා රෝග තත්ත්වයක් දක්වාම වර්ධනය වූ අවස්ථා දක්නට ලැබේ.

මේ රෝග සඳහා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර පවතී. සබකෝලය මගහරවා ගැනීමට මනෝවිද්‍යාත්මක, චර්යාත්මක මෙන්ම ඖෂධීය ප්‍රතිකාර ඇත.  ප්‍රතිකාර ගැනීමට පෙර විශේෂ මනෝ වෛද්‍යවරයකු හමුවී හෝ ළඟම ඇති රජයේ රෝහලක මනෝවිද්‍යා සායනයකට ගොස් තම ගැටළුවේ තත්ත්වය හරිහැටි තේරුම් ගැනීම වැදගත්ය.


mans-man-drinkingප්‍රශ්නය - මගේ පුතා (32) දැඩි සේ මත්පැන් පානයටත් දුම්වැටි පානයටත් ඇබ්බැහි වී සිටියි. ඔහු මත්පැන් බී නිවසේ බඩු මුට්ටු විසි කරමින් අප සමග රණ්ඩු කරයි. ඔහුගේ මේ ක්‍රියාව නතරකරලීමට හෝ මත්පැන් බීමත් දුම්පානයත් එපා කරවීමට බෙහෙත් තිබේ ද ? 

පිළිතුර - මේ සඳහා බෙහෙත් තිබේ. සිදුවන්නේ බෙහෙත් බොන කාලයේ දී මත් පැන් හා දුම්පානය එපා වීමයි. බෙහෙත් ගන්නා කාලයේ දී ස්වල්ප වශයෙන් හෝ පරණ පුරුද්දට මත්පැන් පානය කළහොත් වමනය, පපුවේ ගැස්ම, රුධිර පීඩනය පහත වැටී ක්ලාන්තවීම වැනි ලක්ෂණ ඇතිවේ. ඒ හේතුවෙන් බෙහෙත් ලබා දිය යුත්තේ මනෝ වෛද්‍යවරයකුගේ නිර්දේශ ඇතිව පමණි. ළඟම ඇති රෝහලකින් විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවී අදාල ඖෂධ ලබා ගැනීමට හැකිවෙයි.


imagesප්‍රශ්නය - මම 40 හැවිරිදි බෞද්ධ කාන්තාවකි. ආගම දහමට දැඩි නැඹුරුතාවක් දක්වන්නෙමි. එසේ වුව ද සැමියාගේ බලපෑම් හේතුවේ මට මගේ පියාට සැලකීමට නොහැකි විය. පියා තනිවම නිවසේ සිටිය දී මියගියේය. දැන ගත්තේ ද දින දෙකකට පසුවය. පියා මියගොස් දැන් මාස 10ක් ගතවී ඇත. දැන් සෑම රාත්‍රියක ම පියා මගේ නිවසට පැමිණ බැණ වදින ආකාරය මට පෙනෙයි. ඔහු නරක උත්පත්තියක් ලබා ඇතැයි සියළු දෙනා පවසයි. තොවිලයක් කර පියා අල්ලා බෝතලයකට දමා මුහුදට දැමිය යුතුයැයි සැමියාගේ ඥාතීන් කීව ද මා එයට කැමැත්තක් නැත. මෙය මානසික රෝගයක් දැයි විටෙක මට සිතේ. මා කළ යුතු දෙයක් කියා දෙන්න.

පිළිතුර - ඔබ මුහුණ දී ඇති ගැටළුවට පිළිතුර ඔබගේ ප්‍රශ්නයේ ම සඳහන් කැර ඇත. මියගිය පුද්ගලයන් සැබැවින්ම යළි පැමිණෙන බවට කිසිදු සාක්ෂියක් නැත. තාත්තා ජීවත්ව සිටිය දී ඔබේ සිතැඟි පරිදි සැලකීමට නොහැකි වූ බව ඔබ පවසයි. මේ මානසික ගැටළුව හේතුවෙන් දැන් තාත්තා පැමිණ සිටින බවක් ඔබට පෙනෙන බව පැහැදිලිය. ළඟම ඇති රෝහලේ විශේෂඥ මනෝ විද්‍යා සායනයට ගොස් කරුණු කියා වහාම ප්‍රතිකාර ලබාගන්න.


එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

 

 



අදහස් (0)

තාත්තා අල්ලා බෝතලයකට දාන්න ඕනෑ

රෝයි Thursday, 20 August 2015 07:44 AM

ඇයි මනෝ වෛද්‍ය වරයාටම යොමුකරන්නේ - සුදුසුකම් ඇති මනෝ උපදේශක කෙනෙක් වෙතට යොමු කරන්න පුලුවන්නේද ? (ම)

:       0       0

විද්‍යා Monday, 28 March 2016 09:37 PM

පියාට සැලකීමට නොහැකි වීම ගැන මම අධිකව කනගටුවෙමි. පිය තුමාව බෝතලයකට දැමීමට පෙර . හැමදාම රාත්‍රියට නින්ද යාමට පෙර මෛත්‍රී භාවනාව කරන්න.තවද ජය පිරිතට සවන් දෙන්න. මෛත්‍රිය , කරුණාව , දයාව වඩන්නා.(අ)

:       0       0

චන්දි Monday, 21 September 2015 11:51 AM

මනස යනු අරූපමය ශක්තියකි. සත්වයා යනු රූපමය සහ අරූපමය ශක්ති පරම්පරාවල ක්ෂණික එකතුවකි. අරූපමය ශක්තීන් පිළිබද නූතන විද්‍යාවේ දැනුම ඉතා අල්පය.මරණයේදී අරූපමය ශක්ති පරම්පරාව නොනැසී පවතින අතර කාර්ම ශක්තීන් අනුව උපදවන භාවය ආශ්‍රිතව මනස පරම්පරාවක් (සත්වයෙක්)ලෙස ඉදිරියට යයි.මේ පිලිබදව නොදන්නා අය මරණින් මතු සියල්ල අවසානය යන වැරදි නිගමනයක එලභි සිටියි.ප්‍රේත අසුර දේව බ්‍රහ්ම මිනිස් යනාදී සත්වසන් විශ්වයේ වසති. සමහර සත්වයන්ට (ශක්ති පරම්පරාවන්ට) අනෙක් සත්වයකුගේ ශක්ති පරම්පරාවක හා මුහු විය හැකිය. ආවේශය යනු එයයි. විද්‍යාව මෙය හදුගනු ලබන්නේ මානසික තත්ත්වයක් ලෙසය .සැබවින්ම එය මානසික වෙනස්වීමකි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site