දුරකතන සමාගමක ලොතරැයියකින් මෝටර් රථ දිනාගෙන ඇතැයි කියමින් පිළියන්දල කාන්තාවන් සිව් දෙනකුගෙන් ලියාපදිංචිය, රක්ෂණ හා ආදායම් බලපත් ගාස්තු වශයෙන් රුපියල් දෙලක්ෂයක් වංචා කළැයි කියන පිරිසක් සොයා පිළියන්දල පොලිසිය පරීක්ෂණ අරඹයි. අහවල් දවසේ අහවල් වේලාවට පෙර ලියපදිංචි නොවුනහොත් ලොතරැයිය අවලංගු වන බව දුරකතනයෙන් දන්වා ඔවුන් දෙන ගිණුම් අංකයට මුදල් බැර කළ රිසිට්පත ෆැක්ස් කරන්නැයි කියු පුද්ගලයන් ඉන්පසු යළි දුරකතන ඇමැතුම් නොදෙන බවත් එම කාන්තාවන් පොලිසිය කියා ඇත. මෙම සූත්‍රයට අසු නොවන ලෙස ගල්කිස්ස කොට්ඨාස බාර පොලිස් අධිකාර රවින්ද්‍ර කරවිට සහකාර පොලිස් අධිකාර ජේ.එම් ජයලත් පිළියන්දල පොලිස් ස්ථානාධිපති සෝමරත්න විජයමුණි මහත්වරු මහජනයාට අවවාද කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙලදෙරණේ හැමදෙනාම කියන්නේ සිංහලයා අවදියෙන් ඉන්නවා කියලා. මමත් රටවල් කිහිපයකට ගිහින් තියෙනවා. ලෝකේ පහසුවෙන්ම රවටන්න පුළුවන් ජනයා ඉන්නෙ ලංකාවේ. (නි)
ගිණුම් අංකය තිබෙනවා නම් හොරු අල්ලන එක ලෙහෙසියි (නි)
මෙයාලාගේ අං, වලිගා එහෙමත් කපාගෙන ගිහිල්ලාද? (අ)
දැක්කේ නැති කාර් එකට රක්ෂණ හා ආදායම් බලපත්, මැරෙනකල් හිනා (අ)
යුද ජයග්‍රහනයත් සමගම කාන්තාවන්ගේ මොල වල විශාල වර්ධනයක් සිදුවෙමින් පවතී (අ)
මේ වගේ දක්ෂ මිනිස්සු අපතේ යවන්න හොඳ නැහැ. කොහොමහරි හොයාගෙන පාර්ලිමේන්තුවට යවන්න. එහෙ ඉන්නෙත් මේ විදිහටම අපිට සලකන දක්ෂයින් පිරිසක්. (නි)
අප්‍රිකානු, රුමේනියානු, යුක්රේනියානු හොරුන් ලංකාවට ඇවිත් ලංකාවේ හොරුන්ට උගන්නපුව තමා මේ. (අ)
මේ දිනවල කුඹුරු වැඩට මී දෙනුන් ඕනෑ කර තිබේ !(අ)
නෙත් එෆ් එම් බැලුම්ගල වැඩ සටහනින් මේවා ගැන නිතරම කියනවා. ඒවාගෙන්වත් පාඩම් ඉගෙනගන්නේ නැහැනේ. පුදුම මෝඩකමක් මිනිස්සුන්ට තියෙන්නේ (නි)
මට කව්දෝ කියනවා ඇහුනා පිරිමින්ට වඩා ගැහැණු බුද්ධිමත් කියලා.... (නි)
මේක ගොඩක් රටවල් වල කෙරෙන වැඩක්. කතා කරන අය සිම් කාර්ඩ් එකේ තියෙන නොම්මරේ කියනවා. ඒක අහන එක්කෙනාගේ කාර්ඩ් එකේ නොම්මරේ එක්ක ගැලපෙනවා. එතකොට විස්වාස කරනවා. එකම නෙට්වර්ක් එකක හැම සිම් කාර්ඩ් එකේම එකම නොම්මරේ තියෙන්නේ. අහුවෙන්ඩ එපා මේ වගේ හොරුන්ට. (නි)
මෝඩ කමට බේත් නැහැ කිව්වට ඔය බේත් ලැබිල තියෙන්නේ. (ස)
ඕකත් අර කැසිනෝ වගේ නීතිගත කළානම් හරිනේ. (නි)
ටෙලි නාට්‍ය රියැලිටි ෂෝ බලනවා ඇරෙන්ඩ රටේ වෙන්නේ මොනවද කියල අද හුඟක් අය දන්නේ නැහැ (ස)
හැදිමිටේ කතාව හරි වගෙයි... (නි)
වංචාකාරයෝ සල්ලාලයෝත් වුණා නම් මොනවා වෙයිද? අනේ මෙහෙම ගැණු ! (නි)