(නිමල කොඩිතුවක්කු)
නිවාස සියයකට වැඩි සෑම තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේදීම ග්‍රාම නිලධාරී කාර්යාලයක් සඳහා ඉඩක් වෙන් කළ යුතු බවට වන නීති සකස් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද(15) පැවසීය.
එසේ නොකරන තට්ටු නිවාස සංකීර්ණ සඳහා අනුමැතිය ලබා නොදෙන බවත් අමාත්‍යවරයා කීය.
තට්ටු නිවාස සංකීර්ණයක 1000ක් පමණ පුද්ගලයන් පදිංචි විය හැකි බැවින් මහජනතාවගේ පහසුව සඳහා මෙම තීරණය ගන්නා බවත් ඒ මහතා පැවසීය.
එමෙන්ම සෑම ග්‍රාම නිලධාරී වසමක් වෙනුවෙන් ම රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති බවත් මේ මගින් රුපියල් කෝටි 3500ක් ග්‍රමීය සංවර්ධනයට යොදවා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තට්ටු නිවාස සංකීර්ණවලට පොලීසිය බැගිනුත් දමමු.
එ්ක නම් හොඳ අදහසක් තමයි.
හැමදාම මේවා දැම්මොත් හොඳයි.
ඇයි ඒ ? ඒ තට්ටු නිවාස හදන්නේ ග්‍රාම සේවා වසමක් ඇතුලේ නෙමෙයිද ?
ඒ කියන්නෙ සෑම නිවාස 100 කටම ග්‍රාමසේවක කාර්යාලයක් ඕනි කියලද? අැමති කෙනෙක් වෙලත් ඇයි මෙහෙම මෝඩ කතා කියන්නෙ?
කොළඹට කිරි ගමට කැකිරි කියන්නේ මේවට නේද ?
ග්‍රාම නිලධාරිට පමණක් නොවේ දැන් කාලේ වසමකට විවිධ නිලධාරීන් 20ක් පමණ සිටිනවනේ.. එම අයටත් නොදුන්නොත් අසාධාරණයි නේද.?
මේ හදන්නේ ඡන්දෙට පෙර රොත්ත බුරුත්තකට දේශපාලන පත්වීම් දීලා මුළු රාජ්‍ය සේවයම කඩාදාන්න. එක ලංගම බස් එකකට රියදුරෝ 7-8 කොන්දොස්තරලා 5-6 ගානේ රස්සා දීලා ලංගම විනාශ කරපු එකේ ප්‍රතිපල තමයි රටම විදින්නේ. අන්තිමට තනි තනිව ප්‍රවාහන ප්රශ්නය විසදගන්න ගිහින් රටේ පාරවල් පිරෙන්න වාහන. රටේ සල්ලි ඔක්කොම ජපානෙට. දුම දුවිලි. මේ රැකියා දීමත් තවත් අමන වැඩක්. හැදුනුම්පත රියදුරු ,බලපත ඉඩම් ඔප්පු යනාදිය පරිගණකගත කලොත් ග්රාමසේවකලා තොග ගණන් මොකටද ?
දියුණු රටවල කාමර ගණනක් අඩු අදායම් පවුල් සදහාත් වෙන්කරනවා. නගර සභාව මාර්ගයෙන් අඩු කුලියට බදු දීම සදහා.