(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල නගර සභාවේ සභාපති ඩබ්ලිවු.පී. ආරියදාස හා නාගරික මන්ත්‍රී අරලිය එරන්දිම (එ.ජ.නි.ස.) පෙරේදා (21) දින සමගි ජනබල වේගයේ සාමාජිකත්වය ගත්හ.
සමගි ජනබල වේගයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අතින් සමගි ජන බල වේගයේ සමාජිකත්වය ගත් ඔවුන් දෙදෙනා ඉදිරි පලාත් මැතිවරණයේදී තංගල්ල නගර සභාවට සමගි ජනබල වේගයෙන් තරඟ කිරීම සදහා නාමයෝජනා ද දුන්හ.
මේ බව සදහන් කිරීම සදහා පාර්ලිමෙන්ත්‍ර මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවති අතර එයට නගරසභාවේ සභාපතිවරයා හා නාගරික මන්ත්‍රී වරයා ද සහභාගි වූහ.
මාධ්‍ය හමුවේදී දිලප් වෙදආරච්චි මන්ත්‍රී වරයා කියා සිටියේ තංගල්ල නගරසභාවේ සභාපතිවරයා හා අරලිය එරන්දිම මහතා සමගි ජනබල වේගයට එක්වීම තමන් ලැබූ ජයග්‍රහණයක් බවයි. තංගල්ල නගරය රාජපක්ෂ වරුන් ගේ නොවන බවත් එය අපට අයත් නගරයක් බවත් දිලිප් වෙදආරච්චි පැවසීය.
සමගි ජනබල වේගයට එක් වු නාගරික මන්ත්‍රී වරයා හා සභාපති වරයා පැවසුවේ තංගල්ල නගරයේ පුරවැසියන්ට සේවය කිරීමට පොදුජන පෙරමුණේ කණ්ඩයමක් හා ජවිපෙ මන්ත්‍රීවරුන් දෙදෙනා ඉඩ ලබා නොදෙන බවයි. එම නිසාම වැඩක් කළ හැකි කන්ඩායමක් සමඟ එකතු වීමට තමන් තීරණය කළ බව ඔවුහු පැවසූහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තංගල්ලේ පොහොට්ටු දෙකක් සජබට එක් වෙති
kamal Sunday, 22 January 2023 08:04 AM
ඔය ඔක්කොම එකයි කිව්වේ නිකන්ද ?
මහසෙන් Sunday, 22 January 2023 08:36 AM
තංගල්ල රාජපක්ශ ලගේ නෙවේ ඒ ගොල්ලන්ගෙලු..තව අමු මාලූ වෙක් කෑවා නම් ඔය ගතිය අඩුවෙයි.හුගක් එවුන් හිතන් උන්නේ මේක උන්ගේ උරුමක් කාර දේපලක් කියලා.අන්තිමට කෙලවෙන කම් දන් නෑ.ඔයාටයි ඔයාගේ පුතාටයි වෙන්නේ ඒකම තමා.නිකන් ගොන් කතා කියන්න එපා.රාජපක්ශ ලයි තමුන්ලයි එකම කාසියේ දෙපැත්ත .
යෝගා Sunday, 22 January 2023 09:27 AM
එක වැසිකිලි වලකින් තව වැසිකිලි වලකට පැනලා. ගඳ එහෙම්මමයි..!
Hafeel Sunday, 22 January 2023 12:16 PM
මෙච්චර කල් බලයේ ඉඳලා, වරප්‍රසාද, වරධාන සේරම භුක්ති විඳලා, දැන්තමයි මේ දෙදෙනාට තේරිලා තියන්නේ පොහොට්ටුව සහ ජවිපයේ ඔවුන්ට වැඩ කරන්න දුන්නේ නැහැ කියලා...
දාස Sunday, 22 January 2023 12:17 PM
කමක් නෑ තැන් දෙකම එකයි.. අසුචි වලවල්...
Athula Sunday, 22 January 2023 02:00 PM
ඕක තමයි හැමදාම වුනේ.. හොරු එහෙට පනිනවා... මෙහෙට පනිනවා..
Jagath Sunday, 22 January 2023 06:16 PM
අපි දන්නවා මේ සියලු දෙනාම හොඳ යාළුවෝ කියලා. මේ අයට ඡන්දෙ දෙන උන්දැලාට කවන්න ඕනෑ තණකොළයි, පුන්නක්කුයි...
Nandalal DE SILVA - France Sunday, 22 January 2023 10:38 PM
මේක අහපු මැදමුලන රාජපක්ෂ මහ බයියන්ගේ ප්‍රෙෂර් එක නහුතෙටම නැගලා.අතේ තිබුන හැරමිටියෙන් පහර දෙමින් වලව්ව පුරා දිවුවා කියා දැකපු අය කියනවා
Perera Monday, 23 January 2023 05:41 AM
තම තමන්ගේ පුද්ගලික වාසියට පිල් මාරු කරන අපතයෝ .ගහලා එලවන්න ඕන