බ්‍රිතාන්‍ය ජාතික ෂෙයින් කුරාම් මරා දමා ඇයගේ රුසියා ජාතික පෙම්වතිය සමුහ දුෂණයට ලක් කිරිම සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියම කළ වසර 20 ක සිර දඬුවම ඇතුළු දණ්ඩ නියෝග ඉවත දමා , තමන් නිදොස් කර නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු පිරිසක් ගොනු කළ අභියාචන පෙත්සම ලබන ඔක්තෝම්බර් 22 වැනිදා විභාගයට ගැනිමට අභියාචනාධිකරණය අද (03) තින්දු කළේය.
එච්.ඇන්.ජේ.පෙරේරා සහ කුමුදුනි වික්‍රමසිංහ විනිසුරුවරු පෙත්සම සළකා බැලුහ. තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු සිව් දෙනෙකු ගොනු කර තිබු මෙම අභියාචන පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නිතිපතිවරයා නම් කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට ලැහැස්තිවෙන්න වෙන්න ඇති. මුළු රටටම ලොකු සේවයක් නේ කරලා තියෙන්නේ. (ම)
මේවගේ උතුමන්ල තමයි ශ්‍රී ලංකා දේශපාලනයේ ගුණ සුවඳ පතුරුවන ජාතික සංකේත. මෙම වීර පුතුන් දිවි හිමියෙන් ආරක්ෂා කලයුතුයි. (ස)
වසර දෙකකට පස්සේ අත් අඩංගුවට පත් වුණේ බ්‍රිතාන්‍ය රජයේ දැඩි බල කිරීමෙන්.මොවුන්ට අධිකරණය වග බල ගන්නවා. (ම)
හුණුවටයේ අසඩක් කියපු කතාවක් මතක් වෙන්නේ ... කුමට එරට අධිකරණය... නීතිය සහ විනිසුරන්...? (බ)
අභියාචනයක් ඉදිරිපත් කිරීම නීතිමය කටයුත්තක් .......නුමුත් රටේ නීතිය ස්ථාපිත වෙලානම් අධිකරණය ස්වාධීන නම් එම අභියාචනයෙන් පසු මේ සිදුකළ මිලේච්ච අපරාධයට 20 අවුරුදු දඬුවම 40 අවුරුදු දඬුවමකට පර්වර්තනය වෙන්නම ඕනේ ....එය එසේ වේවා කියා පතමි (බ)
මේ අපරාධය කළවුන්ට අභියාචනයෙන් පසුව දඬුවම දෙගුණ තෙගුණ වේවා!! (නි)
මිනීමරා ස්ත්‍රීන් දුෂණය කරන අයට දියහැකි උපරිම දඬුවම් දියයුතු යැයි අපි යෝජනා කරනවා. (නි)
මේ අපරාධය කළවුන්ට අභියාචනයෙන් පසුව දඬුවම දෙගුණ තෙගුණ වේවා!! (නි)
අම්මප මෙහමත් රටක්? (බ)
අහවලාගේ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලන්න වගේ හදන්නේ (ම)