තංගල්ල මැඩිල්ලේ දී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු දෙදෙනකු ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් යුරේකා ද සිල්වා මෙනෙවිය විසින් රිමාන්ඩ් කරන ලදී. එදිනට මොවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේත්‍රාත්වරිය නියෝග කළාය. රිමාන්ඩ් කළ අනෙක් සැකකරු වූයේ නලගම පදිංචි ඩබ්ලිව් ප්‍රවීන් චතුරංග නැමැත්තාය. මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් පස් දෙනකු රිමාන්ඩ් කර සිටින අතර තවත් සැකකරුවන් තුන්දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා සංචාරක කර්මාන්තය දියුණු කරන්න හදනවිට මේ අය ඒකට විනාශ කරන්න හදනවා
මේ වගේ අයට ලොකුම දඩුවම් දිය යුතුයි. ජනාධිපතිතුමනි කරුණාකර මෙවැනි අයට සමාවක් දෙන්න එපා
එල්ලුම් ගහ එන්න ඕනි, මේ වගේ රටේ නම කැත කරන දේශපාලඥයන්ට දඩුවම් කරන්න.
මේ වගේ අයත් එක්කද ආසියාවේ ආශ්චර්යය කරන්න යන්නේ. ජනාධිපති තුමනි රටේ කීර්තිය වැනසූ මොවුන්ට දඩුවම් දිය යුතුයි
මිනීමරුවෝ ලොකු ලොකු අතු වගෙයි. නීතියට මොකක් වෙයිද?
මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරනයක් ඉෂ්ඨ වෙයිද කියලා සැකයි.
අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීමක්. මුලින්ම නුසුදුසු පුද්ගලයන්ට දීපු අවි ආපසු ලබා ගත යුතුයි. එසේත් නැතිනම් අනවසරයෙන් අවි දීපු උදවියට දැඩි දඩුවම් කළ යුතුයි
සෑම දේශපාලඥයෙක්ම එකයි. ලංකාවේ ක්‍රමය විනාශ කරනවා
මෙයාට මෙයාව පාලනය කරගන්න බැරුව කොහොමද ප්‍රාදේශීය සභාවක් පාලනය කරන්නේ? ලෝකෙටම විහිළු සපයන්නේ නැතිව නීතියෙන් දඬුවම් දෙන්න.