පියා සමග අමනාපවී හක්මන සිට තංගල්ලට ගිය බාලවයස්කාර දැරියක කෙළෙසී යැයි කියන තංගල්ල හිටපු නාගරික මන්තී‍්‍ර අංජන ලියනගේ සහ හෝටල හිමිකරු නිලූපුල් ජයවික‍්‍රම ඇතුළු 21 දෙනාට තංගල්ල මහේස්ත‍්‍රාත් කේ.යූ.ටී. ද සිල්වා මෙනෙවිය අද චෝදනා භාරදුන්නාය. දැරිය කෙළෙසී යැයි ඇප මත සිටින බාලවයස්කරු නිදහස් කරන්නැයි ඉල්ලා සිටිවිට ඒ ගැන ලබන අගෝස්තු තුන්වැනිදා තීරණයක් ගන්නා බව මහේස්ත‍්‍රාත්වරිය කීවාය. සෙසු සැකකරුවන්ට ඇප ඉල්ලූවිට පැමිණිල්ල විරුද්ධ විය. අංජන ලියනගේ තනතුරින්ද ශ්‍රීලනිප සාමාජිත්වයෙන්ද නෙරපා හරිනු ලැබ සිටී.