පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196 ක් ලබා ඉහළින්ම සමත්වූ අංජලී උපේක්ෂා මධුවන්ති රත්නායක තලාතුඔය කනිටු විදුහලේ ශිෂ්‍යාවට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේදී අද තෑගි බෝග පිරිනැමිණි.
මේ ශිෂ්‍යාව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට කැඳවීමට මුල්වූයේ රිච්මන්ඩ් විදුහලේ කිසර සදලුක කොඩිතුවක්කු ශිෂ්‍යයා ද ලකුණු 196 ක් ලබා මධුවන්ති සමග සම තත්තවයට පැමිණීමයි. රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය සංගමය සිය අධ්‍යාපනයෙන් විශිෂ්ඨයන් වන සිය පාසල් සිසුන්ට පිරිනමන රුපියල් ලක්ෂයක මුදල කිසරගේ සහ ඔහුගේ දෙමාපියන්ගේ ද අදහසකට අනුව තලාතුඔය ශිෂ්‍යාවට පිරිනැමීය. රිච්මන්ඩ් විදුහලේ සහෝදර පාසලක් වන මහින්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය ද මේ සිසුවියගේ සරසවි අධ්‍යාපනය අවසන්වනතුරු ශිෂ්‍යත්වයක් ද පිරිනැමීය.
නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැළකෙන රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා අනුස්මරණය කරමින් පැවැති උත්සවයක් අතරතුර මෙම ත්‍යාග ප්‍රධානය කැරිණි. මහාචාර්ය ටී.කේ.එන්.පී. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා රිච්මන්ඩ් විදුහල්පති කර්නල් ඊ.එම්.එස්.ඒකනායක මහතා තලාතුඔය කනිටු විදුහලේ විදුහල්පති වයි.එම්.ඒ.ජී.මුතුබණ්ඩා මහතා ඇත්‍රුඑ විශාල පිරිසක් සහභාගී වී සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වැඩේ හොදයි
නියම වැඩක් (ස)
පෙම්බර රිච්මන්ඩ් මෑණියණේ ගයෙනෙමු ඔබෙ ගුණ භක්තියෙනී ඔබ සේ යා අප හදෙහි රැදී !!! පුන්සඳ විලස දිලේ !!!(නු)
දරුවන්ට තෙරුවන් සරන වේවා...රිච්මන්ඩ් නාමය බැබලේවා...(නු)
බොහොම හොද විශිෂ්ට ක්‍රියාවක්.අනෙක් දූ පූතූන්ටත් ජය ගැනීමට මෙය ශක්තියක් වනූ නොඅනූමාණයි. සියලුම දූ පූතූන්ට සූභ පතනවා. (නි)
නියමයි පුතා. මේ රිච්මන්ඩ් ආභාෂයයි. (නි)
විශිෂ්ටයි.. ඔබ වැනි අය මගේ පාසලටත් සම්පතකි..!(නු)
කන්නන්ගරවරුන් බිහි වූ පින්බිමට දැන් පින්බර පුතුන් ජය බබලයි ලොවට දුන්නෙන් පෙර පිනෙන් ලද දෙය අනුන්හට කන්නන්ගර පුතුන් බව සිහිවුණි සැමට... ප.ලි. නිදහස් අධ්‍යාපනයේ පියා රිච්මන්ඩ් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. (නි)
විශිෂ්ටයි මල්ලී! ඔයාගේ අම්මා තාත්තා ලොකු හදවත් ඇති මිනිස්සු වෙන්න ඕනෑ. දෙන්නටම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! රිච්මන්ඩ් අම්මා ආඩම්බර වෙන විදියට ඉදිරි වැඩ කටයුතු කරන්න. (බඩ ගැන හිතන,බලාගෙන හිටපු අයට නම් අමාරු වෙන්න ඇති. (නි)
ඇති හැකි අය දුප්පත් අයට උදව් කිරීම යුතුතකකි.. ඔබසැමට ජය වේවා..!(නු)
ඇත්තටම හරිම සතුටක් දැනෙන්නේ.. පුතා ඔයාටත් දූටත් තෙරුවන් සරණයි..!(නු)
විශිෂ්ටයි, (ස)
උණුසුම් සුභ පැතුම්!!! රිච්මන්ඩ් විදුහලේ සහෝදර පාසලක් වන මහින්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය ද මේ සිසුවියගේ සරසවි අධ්‍යාපනය අවසන්වනතුරු ශිෂ්‍යත්වයක් ද පිරිනැමීය. මහින්දයේ වීම ගැණ ආඩම්බර වෙමි..!(නු)
කිසර සදකැලුම් පුතා සහ දෙමව්පියන් රටටම ආදර්ශයක්.. තෙරුවන් සරණයි..!(නු)
උතුම්..!(නු)
මෙතන රිච්මන්ඩ් ගැන විතරක් අදහස් දාපු අයට කියන්න කැමතියි මම. මහින්දෙන් දීපු ලොකුම තෑග්ග ගෑන එකෙක්වත් කතා කරලා නෑ ඒකෙන්ම පෙනවා අද ඉන්න පොඩ්ඩො ඇරෙන්න කලින් ඉදපු අය තේ තරම ගැන..!(නු)
මල්ලි ඔයා කරපු දේ නිසා රිච්මන්ඩ් එකේ ඉගෙන ගත්ත අපටත් ලොකු ආඩම්බරයක් දැනෙනවා..................... ඔය මනුස්සකම හැමදාමත් හිතේ තියාගන්න..............(නු).
පුලුවන් නම් තලාතුඔය දුවගේ ලිපිනය හෝ දුරකතන අංකය පළ කරන්න. ලොකු උදවුවක්. (නි)
හොර බොරු නැති ඇද කුද නැති අත්හි යුත්තේ හි අතේ රිච්මන්ඩ් පොඩ්ඩෝ.... ආදරණීය මල්ලි මේ කවිය ඔබට පාඩම් ඇතයි සිතමි. අපි පොඩි කාලේ ඉදන් හැදෙන්නේ වැඩෙන්නේ මේ කවිය එක්ක. ඔබ අපිට ආඩම්බරයක්. ජයෙන් ජයම වේවා !!! මේ ගෞරවය විදුහල්පතිතුමා ඇතුලු සියලු ගුරු මෑනිවරු පියවරුන්ට ද අත් වේවා! නුඹ වන් පුතෙක් ලද මවක් නිවුනා වේ. ඔබවන් පුතෙක් ලද පියෙක් නිවුනා වේ. සදා ජය! (නි)
පෙම්බර රිච්මන්ඩ් මෑණියණේ ගයෙනෙමු ඔබෙ ගුණ භක්තියෙනී ඔබ සේ යා අප හදෙහි රැදී !!! පුන්සඳ විලස දිලේ !!! මම රිච්මන්ඩ් නෙමෙයි....මගේ අයියා රිච්මන්ඩ් ..එයාගේ විදුහල් ගීතය මට තාම මතකයි..අපි පාසලෙන් ඉවත් වුණේ 1976 දී (ස)
නියම වැඩක්. (නි)
සන්තෝසයි
මම අධ්‍යාපනය පටන්ගත්තේ තලාතු ඔය කනිටු විදුහලෙන්. මෙවැනි දු පුතුන් වාසනාවන් මගේ රටට (නදී)
මේ දියනිය අධ්‍යාපනය ලබන්නේ මා අධ්‍යාපනය ලැබු පාසලේයි. මෙවන් දරුවන් මුළු ලොවටම ආදර්ශයක් (නදී)
පටු අදහස් වලින් පරිත්‍යාගය/දානය නැමති සත්පුරුෂ ධර්මය දූෂණය නොකර හැමදෙනාම පරිත්‍යාගශීලී වෙමු! දීමෙන් තොරව ලැබීමක් නැත! (අ)
සරසවි අධ්‍යාපනය අවසන් වනතුරු දීපු ශිෂ්‍යත්වය ගැන කථාවක් නැහැ (නදී)_
නියමයි පුතා. මේ රිච්මන්ඩ් ආභාෂයයි.රිච්මන්ඩ් අම්මා ආඩම්බර වෙන විදියට ඉදිරි වැඩ කටයුතු කරන්න.ඒ වගේම මහින්ද විදුහලත් තම සදාකාලික හිතිවාදියාගේ ජයග්‍රහණයේදී එක්වීමත්, දැක්වූ අනුග්‍රහයත් ගැනත් ආඩම්බරයි. මෙම දරුවා එම පරිත්‍යාගය සඳහා යොමුකළ ඔහුගේ දෙමාපියන් හා දිරිමත් කළ සියලුදෙනාත් විශිෂ්ට මිනිසුන්. (නි)
මගේ දෙනෙතට කදුලු ආවා. ඔයාට රත්තරන් අනාගතයක්(දී)
බෙදා හදාගෙන කෑමේ හෙළයාගේ උතුම් ගුණාංගයෙන් හෙබි පොඩිහිටියා රටටම ආඩම්බරයකි. (නි)
අයියෝ සල්ලි
කතාව ඇත්ත
අපි සිසුන් දෙදෙනාටම සුභ පතනවා. (නි)
පුතා ඕයා හරිම වාසනාවන්තයි.හොඳ දෙමව්පියෝ , හොඳ ගුරුවරු ,හොඳ ආධි ශිෂ්‍යයෝ (ස)
ඔයාට තව තවත් ශක්තිය නුවන ලැබේවා (ස)
ඇයි මෙහෙම වැඩවලට දේශපාලනය ගාවගන්නේ? (නි)
වල්වැදුණූ අපේ රට යහමගට ගැනීමට ඔබ වැනි ගුණගරුක දරුවන් අවශ්‍යයි. (නි)
මේ වගේ රත්තරන් දූ පුත්තු ගාවට දේශපාලකයෝ කිට්ටුකරන්නවත් එපා. (අ
මට අඹ යාළුවෝ ටෙලිනාට්‍ය මතක් වුණා (ස)
අපෙන් උණුසුම් සුභ පැතුම්!(ස)
පුතේ , දුවේ ඔබ දෙපලට සුබ අනාගතයක් (ස)
මගේ දෙනෙතට කදුලු ආවා. ඔයාට රත්තරන් අනාගතයක්. (නි)
කිසර පුතේ, ඔබත් ඔබ යහමග යැවූ උතුම් දෙමාපියන්වත් ඉමහත් ගෞරවයෙන් අගය කරනවා. ඔබ ලොකු මහත් වූ දවසක මේ රටේ දහස් ගණන් සිසු සිසුවියන් පෙලන අධ්‍යාපනයේ සම්පත් බෙදී යාමේ විෂමතාව දුරලීමට ඔබෙන් මීටත් වඩා මෙහෙයක් ඉටු වෙතයි සිතමි. ඒ වගේම මහින්ද විදුහලත් තම සදාකාලික සහෝදර ප්‍රතිවාදියාගේ ජයග්‍රහණයේදී එක්වීමත්, අංජලී දුවණිය කෙරෙහි දක්වූ අනුග්‍රහයත් ගැන ආදී මහින්දීයයෙක් ලෙස ආඩම්බරයි. ඊළඟ වතාවේ ජය ලබන දරුවා ඩිස්නිලන්තයේ යැවීමට වඩා, පළාත තුල සම්පත් අහිමි පාසල් නගාසිටුවා තවත් ජයග්‍රාහකයින් බිහි කිරීමට ප්‍රඥාව පහල වේවා.! (ස)
ඔබෙන් ලොවට දෙන්නට හැකි ලොවෙන් නුඹට ගන්නට හැකි මිනිස්කමේ ආදර්ශය! නුඹේ අනාගත ගමනට සුභ පතනෙමි හදවතින්ම!! (නි)
අගයකරනවා හදවතින්ම...වැඩිහිටියන්ටත් මනා වූ ආදර්ශයක්,රටේ දක්ෂම පුංචි මල් කැකුළු දෙකක් වූ ඔය දෙන්නට පතනවා අනාගතයේ රටට වැඩදායි රන් කැට දෙකක්ම වේවා!!!!!!! (ස)
මේ උසස් කර්තව්‍ය ගැන ඉතාමත් සතුටුයි (ස)
විශිෂ්ඨ වැඩක්
මේක හොඳ වැඩක් . නමුත් ඇයි මේ උත්සවය දේශපාලනීකරණය කරේ ?? (ස)
ඉතා උතුම් ක්‍රියාවක් ලෙස මෙය දකිනු ලැබුවත් දැරණියගල රෂ්මි නිමාෂා යන සිසුවියගේ දස්කම් අප විමතියට පත් කරන්නට ඇය සමත් වූ අතර ඇයට දිරියක් වීමටද මෙවන් සිසුන් බිහිවුවානම් ලංකාවේ ආශ්චර්යය එය වෙතැයි මාගේ අදහස.... සොයුර ඔබ අප මුලුමහත් ජාතියටම ආඩම්බරයකි... (ස)
විශිෂ්ඨයි (ස)
සියලු දේශපාලකයින් ඉවත් කර දමා මෙම දරුවන් සුරක්ෂිත කරමු. (නි)
හරිම ආඩම්බරයි. හදවතින්ම සුභ පතනවා මේ දෙදෙනාට අත දීම ගැන. (නි)
දක්ෂම දරුවො දෙදෙනෙක් ලෙස මෙහි ඉන්න ලක් මවු තුරුලෙ සැමදා පෙරටම යන්න හෙළ ගතිගුණ උතුම් මේ ලෙස රැක ගන්න තිස් තුන් කෝටියක් දෙවියනි රැක දෙන්න... (නි)
විශිෂ්ට හමුවක් .අපෙන් උණුසුම් සුභ පැතුම්! (නි)
මේ වගේ වැදගත් වැඩවලට දේශපාලනය ගාවගන්න එපා (ස)
බෙදා හදාගෙන කෑමේ හෙළයාගේ උතුම් ගුණාංගයෙන් හෙබි පොඩිහිටියා රටටම ආඩම්බරයකි! (නි)
ඔබ දෙදෙනාගේ අනාගතය සියලු අයුරින් සාර්ථක වේවා කියලා මම පතනවා. (නි)
ඉතාමත් ආඩම්බරයි.ඇති හැකි අය නැති බැරි අයට උදවු කරමු. (නි)
අසනීපෙට ගන්න බෙහෙත් පෙත්තෙනුත් ගසා කන යුගයක ඔබ වැනි පුතෙක් රටේ වගකිය යුතු නායකත්වයට හොද ආදර්ශයක්.. ඔබ දෙදෙනාගේ අනාගතය සාර්ථක වෙන්න කියා පතනවා.!(නු)
දුවේ පුතේ, ඔබ දෙදෙනාටම තෑගි ලැබීම පිළිබදව අපිද මෙහි සිට ඉමහත් සතුටට පත්වන්නෙමු. ඒ වගේම ඔබගේ පාසලෙන්ම අර කකුලෙන් විභාගය ලියා සමත්වූ දැරණියගල රෂ්මි නිමාෂා ශූර දුවටත් තෑගි ලබාදෙන්න පුළුවන් වූවා නම් එහි වටිනාකම කියා නිමකළ නොහැකිව තිබුණා. ඇයද ඔබලා වගේම දක්ෂ සිසුවියකි. කෙසේවෙතත් ඔබ සියල්ලන්ට ඉසුරුමත් අනාගතයකට අපි සුභ පතමු. (නි)
බොහොම හොද ක්‍රියාවක්. සුභ අනාගතයක් ඔබ දෙපළට. (නි)
යහගුණ දන්නා පොඩි දරුවන්ට සුභ අනාගතයක්! (නි)
රිච්මන්ඩ් කිවුවොත් කොහේගියත් හොද වැඩක් තමයි. (නි)
හොද වැඩක්. (නි)
මේ වගේ කාර්යයන් දේශපාලනය ගාවා නොගෙන කරනවා නම් අපි කැමතියි. (නි)
ඉතාමත් විශිෂ්ඨ වැඩක්. අපි දෙන්නාගේම අනාගතය සාර්ථක වේවායැයි සුබ පතනවා. (නි)
උතුම් පුතෙක් සහ දෙමවුපියන්. දියණියට සහ පුතාට යන දෙදෙනාටම තෙරුවන් සරණයි!
පුතේ, ඔයාගේ ජීවිතයේ මේ පොඩි වයසෙදි ඔයා කළේ හුගක් වටින දෙයක්. තෙරුවන් සරණයි ඔයාට. (නි)
පුතේ ඔයා ගොඩක් වටිනා දෙයක් ඔයාගේ මේ පොඩි වයසට කරේ.... ඔයාට තෙරුවන් සරණයි (ස)
කැලයට පිපුන මලකට පර වෙන්න නොදී රැකගෙන තිබෙන හැටි පැසසුම් කරල මදී අනෙකුගෙ දුගී බාවය හද තුලට වැදී උත්තම තෑග්ගක් රිච්මන්ඩ් වෙතින් ලදී (ස)
අන්න ඒකයි රිච්මන්ඩ්ලාගේ වෙනස. (නි)
සුබ පතනවා දෙන්නාටම (ස)
බලන්න මගේ යාළුවනේ මෙයාගේ තියෙන පින් පාට. ඔයාට දළඳා සමිදු පිහිටයි පුතා (ස)
අති විශිෂ්ටයී! සියලු දේශපාලකයින්ට මෙය ලොකු ආදර්ශයක්! (ස)
ඉතාමත් විශිෂ්ඨ වැඩක්. අපි දෙන්නාගේම අනාගතය සාර්ථක වේවායැයි සුබ පතනවා. (ස)
හොඳ වැඩක්..අගය කරනවා (ස)
එල....එල....එල (ස)
බෙදා හදාගෙන කෑමේ හෙළයාගේ උතුම් ගුණාංගයෙන් හෙබි පොඩිහිටියා රටටම ආඩම්බරයකි! (ස)
මගේ පුතේ නුඹ බුදුවේවා (ස)
රිච්මන්ඩ් පොඩ්ඩො - ගුණ ණැන ඈත්තො..... (ස)
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටට ලොවට විශිෂ්ට සේවයක් කල උත්තමයෙක් කැඳවා මෙම කාර්යය කලානම් අති විශිෂ්ටයී. කෙසේ වෙතත් මෙම දරුවාට තමා හා සමතැන් ගත් සිසුවියට, තමාට ලැබෙන තෑග්ග පරිත්‍යාග කරමින් දෙන ආදර්ශය මුදල පසුපසම යන වැඩි හරියක් මිනිසුන් සිටින සමාජයට ලොකු ආදර්ශයක්. ඒවගේම මෙම දරුවා එම පරිත්‍යාගය සඳහා යොමුකළ ඔහුගේ දෙමාපියන් හා දිරිමත් කල සියලුදෙනාත් විශිෂ්ට මිනිසුන්.... දරුවනි, ඔබලා දෙන්නටම සුබ පතනවා. (ස)
හොඳ පුතා (ස)
මුලින්ම මේ දෙන්නටම උණුසුම් සුභ පැතුම්!!! මෙවර 5 ශිෂ්‍යත්වයෙන් ලකුණු 185 ලබාගත් අන්ධ දෙමව්පිය යුවලකගේ දියණිය ඔබට මතක ඇති. මාගේ මතකයේ හැටියට ඇයගේ පාසල සභරගමුව පළාතේ වරකාපොළ මායින් ඔළුව නම් පාසලක්. එම පවුල පියා ලොතරැයි අලෙවියෙන් ලැබෙන සුළු මුදලින් දිවි ගෙවන ආකාරය මාධ්‍ය වාර්ථා වලින් ඔබ දකින්නට ඇති. නමුත් ඒ පිළිබඳව වැඩි අවදානයක් ලැබුනේ නෑ. උදව් කිරීමට කැමති සහෘදයනි... ඒ ගැනත් ඔබගේ අවදානය යොමු වන්නේ නම් මැනවි. ලංකාදීප කණ්ඩායමේද ඇය ගැන අවදානය යොමු වේවායි පතමි. (ස)
මනාපයට ගහ මරාගන්න , ඉඩමකට පාරකට අනුමැතිය ගන්න පගාව ගන්න දේශපාලකයින්ටත් මේවා හොඳ ආදර්ශ (ස)