හික්කඩුව නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු ට්‍රැක්ටරයක්, ගිලන් රියක් සේ සකසා ‘වෛද්‍යවරුන්‘, ‘හෙදියන්‘ හා ‘ලෙඩකුද‘ පෙළපාළියෙන් හික්කඩුව නගර සභා බිමට රැගෙන අවුත් අද (30) උද්ඝෝෂණයක් කළහ.
විපක්ෂ නායක නිමල් චන්දන මහතා ඇතුළු පිරිසක් එලෙස විරෝධය පෑවේ හික්කඩුව නගර සභාපති විනී කාරියවසම් නගර සභාවට තෑගි ලැබුණු ගිලන් රිය ඔහුගේ පෞද්ගලික පරිහරණයට ගන්නා බවට චෝදනා කරමිනි.
නගර සභා රැස්වීම ඇරඹීමත් සමග උද්ඝෝෂණය අවසන් විය. හික්කඩුව නගර සභාපති හා විපක්ෂ නායක අතර ඇතිවූ බහින් බස්වීමේදී සභාපති පැවසූයේ ගිලන් රියේ ඇඳ ආදී උපකරණ ඉවත් කර එම රිය තමාගේ පාවිච්චියට ගත් බවයි. එම ඇඳ ද ඔහු පෞද්ගලික පරිහරණයට ගනිතියි විරෝධතාකරුවෝ කීහ.
වීඩියෝ - දීපාල් ද සිල්වා
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තෑගි කළ ගිලන් රිය හික්කඩුව සභාපති අයිති කරන්
නන්දලාල් - ප්‍රංශය Thursday, 30 April 2015 08:41 AM
එයාට බරපතල ලෙඩක් ඇති. ඒක නේ ගිලන් රථය ඇඳ ළඟම තියා ගෙන ඉන්නේ. එයාට අමාරු වුන හැටියේම රෝහලට යන්න ඕන නිසා තමා ඔහොම කළේ !! (බ)
දුමින්ද Thursday, 30 April 2015 05:43 AM
දේශපාලනය ලෙඩක් (බ)
වෙදගේ Thursday, 30 April 2015 06:24 AM
හෙන ගහන්න එපැයි ලෙඩුන්ට ගිලන් රථ නැතුව ඉන්නවා මේ ලැබුන ගිලන් රථයත් වෙනස් කරලා (බ)
ලක්මාල් Thursday, 30 April 2015 06:49 AM
ලැජ්ජයි විනී කාරියවසම් ඔහෙලා ජනතාවගේ ඡන්දෙන් පත්වෙලා ඕවද කරන්නේ ? තමුන්ට ඒතරමට වාහනයක් නැද්ද? (බ)
මාපලගම පත්මා Thursday, 30 April 2015 07:27 AM
හොර සහ මැර දේශපාලකයන් තවමත් යහපාලනය තුළ ජිවත් වනවා (ම)
මදාරා Thursday, 30 April 2015 07:38 AM
මෙහෙමත් දේශපාලුවෝ (බ)
රසිකා Thursday, 30 April 2015 08:30 AM
රෝගීනට දුන්දේත් මංකොල්ලකනවානේ සමහරු (නි)