හික්කඩුව නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු ට්‍රැක්ටරයක්, ගිලන් රියක් සේ සකසා ‘වෛද්‍යවරුන්‘, ‘හෙදියන්‘ හා ‘ලෙඩකුද‘ පෙළපාළියෙන් හික්කඩුව නගර සභා බිමට රැගෙන අවුත් අද (30) උද්ඝෝෂණයක් කළහ.
විපක්ෂ නායක නිමල් චන්දන මහතා ඇතුළු පිරිසක් එලෙස විරෝධය පෑවේ හික්කඩුව නගර සභාපති විනී කාරියවසම් නගර සභාවට තෑගි ලැබුණු ගිලන් රිය ඔහුගේ පෞද්ගලික පරිහරණයට ගන්නා බවට චෝදනා කරමිනි.
නගර සභා රැස්වීම ඇරඹීමත් සමග උද්ඝෝෂණය අවසන් විය. හික්කඩුව නගර සභාපති හා විපක්ෂ නායක අතර ඇතිවූ බහින් බස්වීමේදී සභාපති පැවසූයේ ගිලන් රියේ ඇඳ ආදී උපකරණ ඉවත් කර එම රිය තමාගේ පාවිච්චියට ගත් බවයි. එම ඇඳ ද ඔහු පෞද්ගලික පරිහරණයට ගනිතියි විරෝධතාකරුවෝ කීහ.
වීඩියෝ - දීපාල් ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට බරපතල ලෙඩක් ඇති. ඒක නේ ගිලන් රථය ඇඳ ළඟම තියා ගෙන ඉන්නේ. එයාට අමාරු වුන හැටියේම රෝහලට යන්න ඕන නිසා තමා ඔහොම කළේ !! (බ)
දේශපාලනය ලෙඩක් (බ)
හෙන ගහන්න එපැයි ලෙඩුන්ට ගිලන් රථ නැතුව ඉන්නවා මේ ලැබුන ගිලන් රථයත් වෙනස් කරලා (බ)
ලැජ්ජයි විනී කාරියවසම් ඔහෙලා ජනතාවගේ ඡන්දෙන් පත්වෙලා ඕවද කරන්නේ ? තමුන්ට ඒතරමට වාහනයක් නැද්ද? (බ)
හොර සහ මැර දේශපාලකයන් තවමත් යහපාලනය තුළ ජිවත් වනවා (ම)
මෙහෙමත් දේශපාලුවෝ (බ)
රෝගීනට දුන්දේත් මංකොල්ලකනවානේ සමහරු (නි)