මහනුවර වලල මධ්‍ය මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ ශාලා අංක දෙකෙහි එක් කාමරයක සිසුන් 11 දෙනකුට සෙනසුරාදා (07) සවස තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය දෙවැනි කොටස පැය දෙකක් පමණ ප්‍රමාධ වී ලබා දුන් බවට ලද පැමිණිල්ලක් අනුව වත්තේගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පසුවරු 12 සිට 3.30 දක්වා මෙම විෂයය පැවැති අතර තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකම එකවර ලබා දීමට නියමිතව තිබුණ නමුත් පසුවරු දෙකත් පසුවී එක් සිසුවකු දෙවන කොටස පිළිබදව විමසීමෙන් පසුව එම කොටස ලබා දී ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය. ඒ වන විට පැය දෙකක් පමණ ප්‍රමාද වී තිබී ඇත.
මෙම කොටසට පිළිතුරු සැපයීම සදහා විනාඩි 15 ක අතිරේක කාලයක් ලබා දී තිබුණද එයද ප්‍රමාණවත් නොමැති බව පවසමින් මෙම සිසුන් 11 දෙනා පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව දැනුම්වත් කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාලාධිපතිගේ පමණක් නොව පූර්ව සැළසුමේ පටන්ම වරදක් ඇති බව පැහැදිලියි. සිසුවෙකු විමසනතෙක් ශාලාධිපති හෝ පරීක්ෂකවරුන් කිසිවෙක් ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසක් ඇති බව දැන සිට නැත. (නි)
ශාලාධිපති වගකිවයුතුයි. (ත)
ශාලාධිපති වග කිව යූතුයි කවරය හොඳින් පරීක්ෂා කර නැහැ ලොකු වරදක් (හේ)
මේ පැත්තේ ඉන්නේ ක්‍රීඩාවට දක්ෂ අය නිසා තාක්ෂණය එතරම් වැදගත් නැතැයි ශාලාධිපතිට හිතෙන්න ඇති...(හේ)
මෙවැනි නොසැලකිල්ලෙන් වැඩ කරන අයට තනතුරු දුන්නේ කවුද? ශාලාදිපතිකමෙන් ඉවත් කරලා දඬුවම් දුන්නත් ළමයින්ට වෙන පාඩුව මකන්න බැහැ. මේ ළමයින්ට \"A \" පාස් එකක් දෙනවද? නැහැනේ.(රේ)