අමල් වික්රමරත්න
තේ වලට සීනි කවලම් කර විකිණීමේ ජාවාරමක සුල මුල සොයා ගැනීම සදහා තේ කර්මාන්ත ශාලා 82 ක නිමි තේ සාම්පල පරීක්ෂා කිරීමට මේවන විට පියවර ගෙන ඇති බව ශ්රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා පැවසීය.
පසුගියදා රත්නපුර ප්රදේශයේ තේ කර්මාන්ත ශාලා දෙකක ලැබුණු පැමිණිලි මත කරන ලද පරීක්ෂා කිරීම්වලදී නිමි තේ නිෂ්පාදනයේදී සීනි කවලම් කර තිබූ බවට තහවුරු වී ඇති බවත් එම කර්මාන්ත ශාලා දෙකෙහි නිෂ්පාදනය සහ අලෙවිය මේවන විට තහනම් කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.
තේ පරීක්ෂක නිලධාරීන් ලවා මෙම නිමි තේ සාම්පල් ගෙන්වා ගෙන දැනට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම සාම්පල්වල සීනි කවලම් කර ඇති බවට තහවුරු වන සාම්පල හිමි තේ කර්මාන්තශාලා වල නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කිරීමටද කටයුතු කිරීමට පියවර ගන්නා බවද සභාපති වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලේම සීනිත් දෙනවනම් කොපමණ හොඳද???
දැනට වසර හතකට පමණ පෙර කසල තේ නිපදවීම නිසා මෙරට තේ කර්මාන්තයට නරක දසාවක් ලබා තිබුණි.එකල්හි මා විසින් සපයන ලද විශාල ප්රමාණයේ ලිපි කිහිපයයක් අගනා 'ලංකාදීප' පුවත්පතේ පලකරන ලදී.එයින් තේ කර්මාන්තයේ ප්රගමනයට අනුපමේය සේවයක් සිදුවිය.වංචාකරුවන් නීතියේ රැහැනට හසුවිය.තේ නිෂ්පාදනයේදී අපිරිසිදු අවස්ථාවන් රැසක් ඉතාමත් රහසිගතව චායාරුපයට නගූ මා එවකට ඇමතිව සිටි වර්තමාන කතානායක කරු ජයසුරිය මහතා වෙත ලබාදී හැකි ඉක්මනින් එය විසදන ලෙස ඉල්ලා සිටියෙමි.පැය විසිහතරක් ඇතුලත තේ කර්මාන්තයේදී ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා කිරීමට නිසි පියවර ගත්තේය.වර්තමානයේදීද තේ නිෂ්පාදන කටයුතු වලදී මෙවැනි නොහොබිනා කම් සිදුවෙන බව පෙනේ.එසේ කරන්නවුන් විනාශ කරන්නේ රටේ ආර්ථිකය හා කිර්තිය බැවින් එවන් අයට නිසි දඩුවම් නොපැකිල ලබාදෙන මෙන් සියලු බලදාරින්ගෙන් මෙසේ ඉල්ලා සිටිමු.
ඉතින් හොදයිනේ? අපිට වියදම් වෙන්නේ වතුරයි කිරිපිටියි විතරනේ.
මේ නිලධාරීන්ට තේරෙන්නේ නෑ නොවැ අපි කරන අලුත්ම නිර්මානාත්මක අලෙවි ක්රමය... ඉදිරියේදී අපි සීනි විතරක් නොවෙයි පිටිත් කලවම් කරලා දෙන්නයි හිටියේ. ලෝකය දියුණු වෙනවා කියන්නේ ඕකට තමයි...