(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී චීනයට හෝ වෙනත් කිසිම රටකට විශේෂ සැලකිල්ලක් නොදැක්විය යුතු බවත් ශ්‍රී ලංකාවට ණය ලබා දුන් සියලු පාර්ශ්වයන්ට එක සමාන ලෙස සැලකිය යුතු බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම බව ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.
එය ඇමෙරිකා එක්සත් ජනපදය,ජාත්‍යන්තර ප්‍රජාව පමණක් නොව ශ්‍රී ලාංකික ජනතාව පවා විශ්වාස කරන දෙයක් බව ඇය සඳහන් කළාය.
ඇමෙරිකාව,ජපානය සහ ඉන්දියාව පමණක් නොව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු යැයි ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ආර්ථික විද්‍යාඥයන් ද ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය ආරම්භයේදී නිර්දේශ කළ බවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ප්‍රමාද වූ බවත් ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සහ එහි විනිවිදභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කළ පමණින් කළ යුතු දෙයක් නොවන බවත් ඉන් ශ්‍රී ලංකාවටද යහපතක් සිදු වන බවත් ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා දීම සඳහා ඔවුන් නිර්දේශ කරන ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට ඉතාමත් අපහසු වනු ඇතැයි ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ ඕනෑම රටකට අපහසු කටයුත්තක් බව ඇය සඳහන් කළාය.
නමුත් ශ්‍රී ලංකාව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ඇමෙරිකා එක්සත් ජනපදය ද්වි පාර්ශ්වික හවුල් කරුවන් ලෙස අපි දැඩි අවදානමකට ලක්වූ ජනතාව මෙන්ම දුප්පත් ජනතාව ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතු බව ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.ශ්‍රී ලංකාවට මානුෂීය සහාය වැදගත් වන්නේ එම නිසා බව ඇය සඳහන් කළාය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ පැරිස් ක්ලබ් හවුල් කරුවන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහාය දක්වන බව ජුලී චන්ග් මහත්මිය පැවසුවාය. නමුත් බටහිර රටවල්,ජපානය සහ ඉන්දියාව පමණක් නෙවෙයි චීනයද මේ වෙලාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඉදිරියට පැමිණිය යුතු බව ඇය වැඩි දුරටත් පැවසුවාය.
ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට ලබා දිය හැක්කේ කුමන ආකාරයක සහායක් දැයි තීරණය කර එය ලබා දිය යුතු බව ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පාර්ශ්ව ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සහාය ලබා දිය යුතු බවද ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසයේ ඉඳන් බැලුවොත් මේ රටේ හැරවුම් ලක්ෂ තුනක් මම දකිනවා. 1956, 1977 සහ 2009. මේ හැම අවස්ථාවකදීම රටට ගැලපෙන ක්‍රමය ක්‍රියාත්මක කරගන්න බැරිවුණා. ඒ රටේ දේශපාලකයින්ගේ හෝ නිලධාරීන්ගේම ප්‍රශ්නයක් නොවෙයි. හැම කාලයකම බලපාපු දේශපාලන... අදත් එහි අඩුවක් නැත. ඇත්තේ එහි උපාය මාර්ගික ක්‍රියාවලියේ වෙනස පමණි...!
රුසියාව පාලනය කරන්නෙ පුටින්, ලංකාව පාලනය කරන්නෙ පිටින්...
චීනා කියන්නේ ගැහුවා ගත්තා ගියා...
ඇයි උදවු කරන්න චීනය ඉදිරියට ආ යුත්තේ? ණය උගුල් ගැන කියලා ද්විපාර්ශ්වික සම්බන්ධතා විනාශ කළේ කවුද?
ලංකාව මේ තත්වයට පත්වුනේ මේ සාටක දාගෙන ලංකාවේ රාජ්‍ය දේපල සහ රාජ්‍ය ධනය රාජපක්ෂ හොර මුල විසින් මහා පරිමාණයෙන් හොරාකාලා ඔවුන්ගේ පිටරට ගිණුම්වලට දා ගැනීම නිසයි. මේ රාජපක්ෂ හොර මුලම අධිකරණය ඉදිරියට පත්කර ඔවුන් හොරාකාපු ජාතික ධනය නැවත අයකරගෙන දැඩි දඬුවම් දීලා ප්‍රජා අයිතිය සදාකාලයටම නැතිකළ යුතුයි. පට්ටම හොරු...