
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින මදුරු මර්දන ජාතික වැඩසටහන අද (8) ආරම්භ විය.
මෙම තෙදින මදුරු මර්දන වැඩසටහන ලබන (10) දින දක්වා දිස්ත්‍රික්ක 14 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72 ක් මුලික කර ගනිමින් පැවැත්වෙන අතර මෙහිදී නිවාස, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, කර්මාන්ත පරිශ්‍ර, වැඩබිම්, පාසල් වෙළඳසැල්, හිමිකරුවන් නොමැති පෞද්ගලික ඉඩම් හා ගොඩනැගිලි, රජයේ ඉඩම් හා ගොඩනැගිලි, හිස් ඉඩම් සහ අනෙකුත් ස්ථාන ඇතුළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශ ද ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය පියවර ගෙන ඇත.
මෙහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සහ හඳුනා ගැනීම, මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන අයට එරෙහිව රතු නිවේදන නිකුත් කිරිම, නීතිමය පියවර ගැනීම මෙන්ම අධි අවදානම් කලාප තුළ ධූමායන කටයුතු ද සිදු කෙරෙයි.
රාජ්‍ය ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූලික සංවිධාන, ග්‍රාමීය කමිටු ඇතුළු සියළු වගකිව යුතු සියලු අංශ සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd