(සුජිත් හේවාජුලිගේ)

වසරේ ගතවූ කාලයේදී  වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71,000ට ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව ඊයේ (14) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 71,235ක් වාර්තා වී ඇත.

ඩෙංගු මරණ 49ක් වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය.

ඊයේ (14) දිනට පමණක් රෝගීන් 1,284ක් වාර්තා වී ඇත.

මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 37,490කි.

එමෙන්ම බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 14,736 ක් ලෙසද දැක්වේ