ඩෝසර් කරන ලද සාම්පූර් සුඩකුඩා දාගැබට නුදුරින් එම පොලිස් වසමේ තවත් ස්ථාන දෙක්ක පිහිටා ඇති පෞරාණික දාගැබ් දෙක්ක සොයා ගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ නිලධාරී ටීගඑම්ගසීග බණ්ඩාර මහතා ප්‍රමුඛ ගවේෂණ කණ්ඩායමට හැකි වී තිබේ.
සුඩකුඩා දාගැබ සොයා ගනු ලැබුවේද මෙම කණ්ඩායම විසිනි.
අලුතින් සොයාගනු ලැබූ එක් දාගැබක් කට්ටපරිච්චාන්වලට නුදුරින් පිහිටි ගනේෂපුරම් ප්‍රදේශයේ පිහිටා ඇති අතර අනෙක් දාගැබ ඉලන්කන්තෙයි හෙවත් පැරැන්නන් භාවිතා කළ ඇල කන්ද නැමති ප්රිදේශයෙන් සොයාගෙන තිබේග
මෙම දාගැබ් දෙකද සුඩකුඩා දාගැබ මෙන් අනුරාධපුර මුල් යුගයට අයත් බවට අනුමාන කරන බව ගවේෂකයෝ පැවසූහ. මෙහි කැනීම් සිදුකරන තුරු එය ඉදිකරන ලද අවධිය නිෂ්චිතවම පැහැදිලි කරගත නොහැකි බව කී එම ගවේෂකයෝ කෙසේ වෙතත් ඉලන්කන්තෙයි ප්‍රදේශයේ වැව අසල පිහිටි දාගැබේ දැනට මතු වී ඇති ගඩොල් වල ස්වභාවය අනුව මෙම දාගැබ් අනුරාධපුර මුල් යුගයට අයත් යැයි අනුමාන කළ හැකියැයි පැවසූහ.
ගනේෂපුරම් සොයාගත් දාගැබ මනා පදුරුවලින් වැසී ඇති අතර සාම්පූර් නැගෙනහිරින් පිහිටි ඉලංකන්තෙයි දාගැබ ගරා වැටී පාදම් ගඩොල් මතු වී ඇත.
සුඩතුඩා දාගැබට අයත් වූ ඉරණම මෙම දාගැබ් දෙකට අත්වීමට ඉඩනොදී ඒවා රැකගැනීමට වැඩපිළිවෙලක් යෙදිය යුතුයැයි ගවේෂක කණ්ඩායම කියා සිටී.
- ත්‍රිකුණාමලය අමරදෝරු අමරජීව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ස්ථාන වලට හමුදා ආරක්ෂාව ලබා දෙන්න
බෞද්ධ ආගමික සිද්ධස්ථාන විනාශ කරන්නන්ට ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ මොකද?
හෙට වෙනකොට මොනවා වෙයිද දන්නේ නැහැ...
බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන ඇති පන්සල්වලට බාරදෙන්න.. විහාර දේවාලගම් පනත යටතේ... ස්වභාවික සහ පුරාවිද්‍යා ස්ථාන වලට හමුදා ආරක්ෂාව සහ ගුවන් හමුදා නීරීක්ෂණය යොදවන්න.
මෙම ඩෝසර් කිරීමට සම්බන්ද අයත් මෙම වසර ඇතුලත දඬුවම් කල යුතුයි