හර්ෂණ තුෂාර සිල්වා
පවතින දේශපාලන අර්බුදය නිසා නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස දැක්විණි.
මහ බැංකුව පෙරේදා (19) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.97ක් ලෙස දැක්විණි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දෙවැනි සතිය ද ගත වෙමින් තිබුණත් ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතරේ ඇති වී තිබෙන දේශපාලනමය අර්බුදකාරී තත්ත්වය නිසා ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
මේ හේතුව කොටස් වෙළෙඳපොළ මිල ගණන් අවස්ථා කිහිපයකදීම පහත වැටුණු අතර ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වී තිබේ.
දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමකට පත්ව තිබෙන රොයිටර් පුවත් සේවය අවස්ථා කිහිපයකදීම වාර්තා කර තිබිණි. එමෙන්ම මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 1.3කින් රුපියල පහත වැටී ඇතැයි තොම්සන් රොයිටර්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි.
රජයේ ණය නැවත ගෙවීම් නිසා මේ වසරේදී රුපියල ඉහළ ද්‍රවශීලතාවක් ගනු ඇතැයි ද සියයට 2ත් 3ත් අතර අගයකින් පහත වැටෙනු ඇතැයි ද අපේක්ෂා කෙරිණි. පසුගිය වසරේදී රුපියල සියයට 2.5ක අගයකින් පහත වැටුණු අතර 2016 වසරේදී සියයට 3.9කින් පහත වැටිණි.
වර්තාමනයේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවර සහ අර්බුදකාරී තත්ත්වය කඩිනමින් අවසන් කළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී අවධාරණය කළේය.
එපමණක් නොව වත්මන් අර්බුදය කඩිනමින් අවසන් නොකළහොත් ආර්ථිකය තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් බොහෝමයක් මේ වනවිට අනතුරු අඟවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගැන හිතන්නේ නැතුව තව තව පුටු රත් කරන්න බල ලෝබයෙන් රණ්ඩු කරන්න
මේකට වගකියන්න ඕනේ පසුගිය රෙජීමය ආණ්ඩුව අස්ථාවර කිරීමයි.
බහුතර ජනයා එදා ඉල්ලපු වෙනසේ රටට ලැබුණු අපමණ අගයක් එක.
හෙට අනිද්දට කියයි අපනයන ආදායම ඉහල ගියා කියලා
රුපියල රැකගන්න බැරි මිනිස්සු රටක් ජනතාවක් රකින්නේ කොහොමද? රුපියල බාල්දු වුනා කියා මැති ඇමතිවරුන්ගේ පාරිභෝජනය පාර්ලිමේන්තුව පත්වූ දා සිට මේ වනතුරු බාල්දු වී නැත. ලෝකය ඉදිරියේ ශ්‍රී ලාංකිකයින්ට තිබු පිළිගැනීම බාල්දු වී ඇත. සාර ධර්ම අන්තයටම බාල්දු වී ඇත. දේශපාලුවන්ට කියා රට බාල්දු කර ගන්න ජනතාවගේ මුදල් මේ තරමට වැය කළ යුතුමද?
අන්ත පරාජයක් ලද ජනපති බලේ රැකගෙන තමන්ගේ ජාමේ බෙර ගත්ත එජාපය ගෙදර යවන්න හදනවා. ජනතා කැමත්තට ඉඩ දුන්නනම් ප්‍රශ්න බොහෝ දුරට නැතිවෙනවා
මේ ආර්ථික ඔස්තාර්ලාගේ යහපාලන ආණ්ඩුව එන විට ඩොලර් එක රුපියල් 135. දැන් 157. කොහොමද වෙනස, සැපද?
මම දකින්නේ ලංකාවේ දැනට උද්ගතව ඇති දේශපාලන අස්ථාවරත්වය සමනය කිරීමට රටේ විධායකය හෝ ව්‍යවස්ථාදායකය උනන්දු නොවීමක් ලෙසයි. ඔවුන් ජනතා කුපිතකිරීමක් සිදු වී රට අරාජික කිරීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට තිබේ. ප්‍රධාන කරුණු 3කින් එය සාධනය කල හැක. 1. රටේ පැවති මුල්‍ය විනය බරපතල ලෙස දුෂණය කිරීම. 2. මැතිවරණ ප්‍රමාද කරවීම තුලින් ජන මතය ගැන යහපාලනය තැකීමක් නොකිරීම. 3. ජනමතය ප්‍රකාශ වී සති දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් ජනපතිවරයා ජාතිය අමතා රජයේ සැලසුම් ජනතාවට නොපැවසීම. මේ යන විදිහට අපේ රට ආර්ථික හා දේශපාලනික යන දෙයන්ශයෙන්ම කඩා වැටෙනු ඇත.
රනිල් පන්නන සටනට මුළු රටම එකතුවෙමු ...
මේවා ආර්ථික මොල නොවෙයි. ආණ්ඩුව අච්චාරු හැළියක්...
ඇමෙරිකානු ඩොලරයේ අගය අඩුවන්නේ ලාංකිකයන් නිෂ්පාදනය නොකර සෑම දෙයක්ම පිටරටින් එනකල් බලාසිටිම නිසාය. ලෝකයේ හොඳම රබර් ලංකාවේ තියෙද්දී මකන කෑලිත් චීනයෙන් . ලෝකයේ හොඳම මිනිරන් ශ්‍රී ලංකාවේ තියෙද්දී පැන්සල් ඉන්දියාවෙන් .ලෝකයේ හොඳම තේ ලංකාවේ තියෙද්දී කසල තේ නිර්යාත කෙරෙනවා අපට හදාගන්න වෙලාවක් නැහැ .හැබැයි කන්සා රජ්ජුරුවන් බලන්න රුපෙට්ටිය ගාවා වෙලාව තියෙනවා.