රුපියල් ලක්ෂ 63 ක රට සල්ලි ගමන් මල්ලේ සඟවාගෙන දෝහා බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන්තොටුපල රේගුවට බාර දෙනු ලැබීය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ අත් අඩංගුවට ගනු ලැබු මුදල් අතර ඇමරිකානු ඩොලර් 45240, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිරාම් 5225 ක් තිබු බවයි.
සැකකරු කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් 669 දරණ ගුවන් යානයෙන් දෝහා බලා යාමට කටුනායකට පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටින් නීතිවිරෝධීව කොපමණ මුදල් හොරෙන් පිටකරනවද කියා මෙයින් පැහැදිලිවනවා. අසුවන මුදල් වාගේම අසුනොවන මුදල් කොපමණද? අවංක දක්ෂ රේගු නිලධාරින්ට ස්තුතියි! රජයෙන් ඔවුන් දිරිමත් කිරීමට ඔවුන්ට යම් දීමනාවක් ලබාදිය යුතුය (නි)