IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඩයනා සසුන් ගත වෙලා

(සුජිත් හේවාජුලිගේ )

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන සිටින්නීය.

ඒ අනුව එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති ගමගේ මහත්මිය ඒ සඳහා අද (21) හිස මුඩු කරන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩයනා ගමගේ මහත්මිය මෙසේ තෝරාගෙන ඇත්තේ ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් රැගත් සම්භාව්‍ය සිනමා කෘතියක ප්‍රධාන චරිතයක් වන මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයකට පන පෙවීමටය.

ඉන්දීය චිත්‍රපටි අධ්‍යක්ෂවරයා සිය චිත්‍රපටයේ රඟපෑම සඳහා කළ ආරාධනය ඩයනා ගමගේ මහත්මිය ඉතා කැමැත්තෙන් බාරගෙන ඇතැයිද දැනගන්නට ඇත.

 



අදහස් (20)

ඩයනා සසුන් ගත වෙලා

Prabha Thursday, 21 December 2023 10:18 PM

අන්න ගැලපෙන කෙනා තෝරාගෙන

:       0       15

Ranjit Thursday, 21 December 2023 10:29 PM

මෙයා හොඳට රඟපාන්නනම් හරි දක්ෂ කෙනෙක් බව ඔප්පුකරල තියනවා.

:       0       17

Kumara Thursday, 21 December 2023 11:21 PM

ඉවරයි .ඔයිට වඩා හොඳයි ලැට් පෝච්ච්යක් ගත්තානම්

:       0       24

බී අමරසිංහ Friday, 22 December 2023 03:59 AM

ඒ චරිතයේ නැද්ද දන්නෙ නෑ ගංජා ප්‍රොමෝට් කරන්න>

:       1       20

chandima Friday, 22 December 2023 04:26 AM

පාර්ලිමේතුවේ ධර්ම දේශනා කරනවා ඇහිලා වෙන්න ඇති .මෙහෙණින් වහන්සේ කෙනෙකුට රඟපාන්න ගත්තේ ?

:       0       18

රාලහාමි Friday, 22 December 2023 06:43 AM

අද කොන්ඩෙ නොකපුවොත් චන්දෙන් පස්සේ රටේ මිනිස්සු ලැහැස්තිවෙලා ඉන්නේ මේ වනචර විදේශීය ගැහැනියව හිස බුගාලා රටෙන් පන්නන්න.මේ වගේ වනචර ගැහැනියක් මෙහෙණින් වහන්සේ නමක් වැනි උත්තමාවකගේ චරිතය නිරුපනය කරන්න තෝරාගත් අධ්‍යක්ෂකයාගේ මොලය පරික්ෂා කරන්න වටිනවා.

:       2       22

Sharm Friday, 22 December 2023 07:02 AM

චිත්‍රපටිය ට නමක් දාමු ද? "සාසනෙත් ඉවරයි පඬු හැලියත් ඉවරයි" ???

:       1       18

සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 December 2023 08:18 AM

ගංජා නීතගත කලයුතු යැයි පාර්ලිමේන්තුවේ හඬක් ගෙනයන, තවත් දේවල් කළයුතු යැයි මොරදෙන මැය මේ චරිතය නිරූපණය කිරීම සඳහා නිර්දේශ කිරීම කලයුතුව ඇත.සාසනයට දෙවියන්ගේම පිහිටයි.

:       0       14

Anura Friday, 22 December 2023 08:18 AM

කහ සිවුරත් එක්කම පාලිමන්ට් යමු

:       0       11

සුපුන් චාමර Friday, 22 December 2023 08:22 AM

රගපෑම මෙහෙණියකගේ. සැබෑ ජීවිතයේ කතා කිරිම ගංජා නීතිගත කිරීම. ගණිකා වෘත්තිය නීතිගත කිරීම. නයිට් ක්ලබ් දැමීම. මේ වගේ ගෑනුන්ට රගපෑමට වුවත් උතුම් චීවරය ඇන්දීම සුදුසු නොවේ.

:       3       16

චන්දන Friday, 22 December 2023 09:18 AM

මේ වගේ මිත්‍යා ද්ශ්ටික ගෑනියෙක් පැවිදි උතුම් චරිතයකට තෝරා ගන්නේ මොකටද . මිනිස්සුන්ගේ පිරිහීම මනාව පෙන්නුම් කරනවා මේ දේවල් තුළින් . මේ ගෑනි මැරුනු ගමන් යන්නේ අවීචි මහා නරකාදියට. ඒක වලක්වන්න කාටවත් බෑ. මිනිසුන් පිරිහෙන කාලෙට මෙවැනි දේවල් වෙන එක අරුමයක් නොවෙයි . ඉදිරිය බොහොම භයානකයි . සිහි නුවනින් යුක්තව වැඩ කරන්න.

:       1       14

Aravinda Monarawila Friday, 22 December 2023 09:25 AM

ඉන්දීය චිත්‍රපට කර්මාන්තයත් විනාශ කරලා නවතීද දන්නේ නැහැ ?

:       0       15

උපුල් Friday, 22 December 2023 09:31 AM

ටිකක් සේමිනිත් වගෙ

:       2       7

jayasekara Friday, 22 December 2023 10:03 AM

සන්සුන් හැසිරීම..... තැන්පත්බව..... සිත නිවෙන කරුනාබර වචන ... කොහොමද ඉගෙන ගන්නෙ රගපාන්න........?

:       0       5

ගොනා Friday, 22 December 2023 10:36 AM

සාසනෙත් ඉවරවෙයිද දන්නෙ නැහැ.

:       0       10

Kazi Shajahan Friday, 22 December 2023 10:57 AM

අම්මෝ සාසනෙත් ගංජා පුරුදු කරයි මේ ගෑනි

:       0       12

Amal Friday, 22 December 2023 02:06 PM

ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයා ත්‍රෛලෝක විජයපත්‍ර, එහෙම නැත්නම් ගංජා ගහලද කොහෙද ???

:       1       9

Ananda Friday, 22 December 2023 02:57 PM

මෙයා අධ්‍යක්ෂවරයා කවුද?

:       0       5

බද්රානි Friday, 22 December 2023 04:22 PM

ඔය මජර දේශපාලනය කරමින් රණ්ඩු සරුවල් කරකර ඉන්න වෙලාවේ මේ ලංකාවේ ඇත්තටම මහණ වෙන්න පුළුවන් නම් ඉතින්, ගොඩම තමයි... හොරු, තක්කඩි, කුපාඩි ඔක්කෝම හතර ගාතෙන් වැඳ වැටෙනවා. දේශපාලන බලවතෙකුට හේත්තු වුණා නම්, කාලා බීලා වාහනයකුත් අරගෙන ජොලියෙන් ජීවත් වෙන්නත් පුළුවන්. පිරිමියෙක් වුණා නම් දැන් වුනත් පරක්කු නැහැ.. ඒත් මම කාන්තාවක් නිසා දැන් ප්‍රමාද වැඩියි කියලයි හිතෙන්නේ...!

:       0       4

නව පතිරෑපයක් ෙගාඩ නගා ගන්න තමයි ඔය උත්සාහ කරන්ෙන්.අහු ෙවන්න එපා. Saturday, 23 December 2023 02:01 PM

රටේ පාලනය ගැන හරිම කණගාටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site