එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබාහි අධි සුඛෝපභෝගී නිවෙස් වලින් ස්වර්ණාභරණ ඇතුළු වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවට වරදකරුවන් ශ්‍රීලාංකිකයින් හය දෙනෙකුට එරෙහිව ඩුබායි අධිකරණය විසින් වසර 5 ක් බැගින් වූ සිර දඬුවම් නියම කරනු ලැබ ඇතැයි ඩුබායි කලීජ් ටයිම්ස් පුවත්පත අද (15) වාර්තා කළේය.
එසේම මෙම සිර දඬුවම් කාලය අවසන් වූ පසු මෙම ලාංකික චූදිතයින් සය දෙනා වහා එරටින් පිටුවහල් කරන ලෙසටද ඩුබායි අධිකරණය තීන්දු කරනු ලැබ ඇත.
මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ වයස අවුරුදු 26 අතර 40 ත් අතර පසුවූ ලාංකිකයින් සය දෙනෙකි.ඔවුන්ගෙන් පස් දෙනෙකුම රැකියාවන් නොමැතිව ඩුබායි හි රැඳී සිටි අය වන අතර සෙසු ලාංකිකයා එහි රියදුරෙකු වශයෙන් සේවය කරනු ලැබ සිටිති.
මෙම පිරිස 2015 වසරේ දෙසැම්බර් 11 දින මෙම චූදිත ලාංකිකයින් ඩුබාහි අධිසුඛෝපභෝගී නිවාස කිහි හා ස්වර්ණාභරණ මෙන්ම වටිනා මුදල් සොරකම් කිරීමේ නිරත වී ඇති බවට ඩුබායි අල් බර්ෂා පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත එරට පොලීසිය ගොනු කළ නඩු විභාගය අවසන් කරමින් ඩුබායි අධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය තමා කියන්නේ බුදු පිළිමයක් ළඟ තිබ්බා කියා හෝ බුදුන් වැන්දා කියා ඔවුන් ව සිර ගත කළා කියා , ඔවුන් කළ වරද කියන්නේ නෑ , ලංකාවට අපකිරිතියක් මොවුන්ගෙන් (අ)
වෙන්නප්පුවේ මිනිස්සු ඩුබායි වලත් ඉන්නවද? (ර)
විදේශ රටකදී ශ්රී ලංකාවට අපකිර්තියක් ගෙනෙන ශ්‍රීලාංකිකයින් සදහා දඩුවම් දෙන ක්රියා මාර්ගයක් තියෙනවද.(ම)