තිස්සමහාරාමයේ දේශපාලන රැස්වීමකදී සිදු කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තර ලබාදීමට හම්බන්තොට පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් අද (8) කොළඹ රහස් පොලිසියට පැමිණියේය.
මහින්ද රාජපක්ෂ අගමැති වූ පසු දැනට ක්‍රියාත්මකව ඇති මූල්‍ය අපරාධ පොලිසියේ නිලධාරීන්ට ගල් ගසා මරන බවට කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරය ලබාගැනීමට ඔහුව අද රහස් පොලිසියට කැඳවා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයේ සිටිය දී පමණක් නොව බලයට ඒමට සිහින මවන විටද රාජපක්ෂවරු මෙන්ම හෙංචයියෝ ද රාජ ඌෂ්ණයෙන් ඉදිමෙති. ඒ කෙතෙක් ද යත් ‘රාජ කුමරු’ ඉදිරියෙහි ඇතිව ‘අප බලයට ආ විට මූල්‍ය අපරාධ අංශයේ ඉහළම පොලිස් නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා ගල් ගසා මරා දමන බවට දැන් ප්‍රසිද්ධියේම තර්ජන ගර්ජන පවා කැරෙයි. ‘රාජ කුමරු’ එය අනුමත කරමින් අසා හිඳී. ‘ප-යා’ විශේෂණය පනින තරමට කටේම ඇති වාසුදේව ‘මෛත්‍රීපාල උඹ පලයන්’යැයි වහසි බස් දොඩයි. බන්දුල ගුණවර්ධන මහා මැතිවරණයට පෙර තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගන්නා බවට පිස්සු කෙළියි. මේ සියල්ලෙන් පෙනෙන්නේ රාජපක්ෂවරුන් පමණක් නොව හෙංචයියන් ද බියෙන් තැතිගෙන ඇති තරමය. ඒ බලය නැති වීම නිසාම නොවේ. ශ්‍රී ලංකාවෙහි හොල්මන් කැරෙන එක් අවතාරයක් නිසා ය. රාජපක්ෂ සහ සමාගම බියෙන් වෙව්ලවන ඒ අවතාරය නම් දූෂණ විරෝධයයි. ඉන් මේ දේශපාලන පිසාචයනට ගැලවීමක් නැති බවට වග බලා ගැනීම ශ්‍රී ලංකාවේ එක් තීරණාත්මක කාර්යභාරයක් වේ. (නදී)
නියම ඇත්ත උපුල්. ඩී වී උපුල් වගේ මී හරක් කරන ප්‍රකාශ නිසා අපේ සල්ලි තමයි වියදම් වෙන්නේ පරීක්ෂණ වලටත්. (නදී)
කට උත්තර ඉල්ලුවොත් දෙන හැටි දන්නවා කිව්වා නේද? දැන් බලමුකෝ මොකද වෙන්නේ කියල.(ම)
කතා කිරීමේ අයිතිය ආරක්ෂා කරන එකම ආණ්ඩුව තමි අපේ යහපාලන ආණ්ඩුව.(ම)
මෝඩයන්ට, ඇමතිකම් දුන්න මොඩය කව්ද? (ම)
පහුගිය ආණ්ඩුව මොනවා කලත් අපේ සමහරුන්ට හොඳයි.මේ අය වංක,ප්‍රතිපත්ති රහිත,හිස් මිනිසුන්.(ම)
හොඳට නරකට දෙකට කටමය. (ම)
මානෙල් සුවඳමය ! කුඩමසු පිලිගන්දමය ! දෙකට එක දියමය ! හොඳට නරකට දෙකට කටමය ! දැන් කාල වරෙන්කො .....(ම)
මටනම් දැන් මෙවැනි ප්‍රවුර්ති කියවලම මොලේ කොලොප්පම් වෙලා තියෙන්නේ.(නදී)
ඔහුගේ සිද්දියට අදාළ රූප නාද පටිය බලද්දී ඔහු පැහැදිලිව කියන්නේ ගල් ගසා මරණ තුරු බලා සිටින බවකි.(නදී)