මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්වූ පසු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට දඬුවම් කරන බව පැවසූ දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල්ගේ ප්‍රකාශයට තම පක්ෂය එකඟ නොවන බව සන්ධාන මහ ලේකම් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (3) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී කීවේය.
පොලිස් නිලධාරීන්ට ගෝත්‍රික යුගයේ දඬුවම් දෙන බව පැවසූ පළාත් අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහුගේ දැනුමේ ප්‍රමාණය බවද ප්‍රේමජයන්ත මහතා පැවසීය.
තම පක්ෂය මාර්ගයෙන් ඩී.වී.උපුල් ගැන දැනුම්දීමක් ලැබුණු පසු ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන තීරණය කරන බවද සන්ධාන මහ ලේකම්වරයා සඳහන් කළේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලයේ බහුතරය මෙහෙම අය කියලා තමයි අපි නම් හිතන්නේ (නි)
ලේකම්තුමෝ ඒ දවස්වල විනය බලලා නෙමෙයිද පත්වීම් දුන්නේ ? (බ)
කතා කළේ වතුර ගැන කියලා සාක්කියට ගන්න එක්කෙනා ප්‍රකාශයක් දෙයි. (බ)
හරි එතකොට එයා එක්ක වේදිකාවේ ඉඳන් නීතිය දැන දැන මුනිවත රැකි කෙනා ගැන ගන්න පියවරත් අපි දැන ගන්න කැමතියි. පක්ෂයක් වුනාම සාමුහික වගකීමක් තියෙන්න ඕන නේ. (ර)
මහින්ද මහතාට බලය නැතුව මෙච්චර දේවල් කියනවනම් එතුමාට අායෙත් බලය ලැබුණම කොහොම තියේවිද? (ම)
ජනතාව බුද්දිමත්වෙන්න ඕනි රටට වැඩදායි නීතිගරුක පුද්ගලයන් පත් කරගන්න. මෙවැනි මත දාරීන් හෙලා දකිනවා යහ පත් රටක් ගොඩනැගීමට වර්තමාන රජයට ශක්තිය ලැබේවා ! (ර)
අනේ මොනවටද මහන්සි වෙන්නේ ..එයාවත් ලොකු මහත්තයා එක්ක පන්සලට පිටත් කළා නම් හරි. (බ)
තාමත් තේරුම් අරගෙන නැනේ... (ර)
නාම යෝජනා දෙන කොට දැනුමේ තරම හිතා ගන්න බැරි වුන අයගේ දැනුම අපිට පේනවා. (ර)
ඔබතුමා එකඟ නොවුනාට වේදිකාවේ හිටපු නීතිවෙදියෝ ඒ ප්‍රකාශයේ ගෝත්‍රික බව දැක්කේ නැහැනේ . (ර)
ඇත්ත. දැන් ලක්ෂ 58 ක් නැහැ තමයි. (ර)
පාක්ෂිකයන්ගේ දැනුමේ තරම තේරුම් ගන්න ඔබතුමා පරක්කු වැඩියි. (බ)
මිනිස් ජීවිත වල අගයක් දන්නේ නැති වනචාරින් තමයි වැඩිහරියක් ඔය පැත්තේ ඉන්නේ එහෙම උන් තෝරලා පාර්ලිමේන්තුවට එවන්නෙත් එහෙම උන්මයි එ්ක තමයි මෛත්‍රීලාගේ රනිල්ලාගේ අනුර කුමාරලගේ වෙනස මිනිස්සුන්ට කවදා හරි දැක්ම පහල වේවිද නිවැරදි තීරණ අරගෙන සත්තු ටික දේශපාලනයෙන් අතුගාල දමන්න (බ)
මේ මිනිස්සු දාල තියෙන අදහස් දැක්කම, රෙද්දක් ඇඳගෙන දේශපාලනයට එන්න පුලුවන්ද මං අහන්නේ ලජ්ජා නැතුව. (බ)
අදාළ පුද්ගලයා ඡන්දෙ ගන්න ඇත්තෙත් ගෝත්‍රික ක්‍රමයට වෙන්න ඇති. (ර)
දැන් එහෙනම් අපි බලමුකෝ මේ මහත්තයව ආයෙත් ඡන්දයකට ඉදිරිපත් කරන්න අනුමැතිය ලැබෙයිද කියල ඉස්සරහට.(ම)
දැන් මොනවා කිවුවත් වැඩක් නැහැ. ඡන්ද බර ගානක් කැඩිලා ගියා.(නි)
ගෝත්‍රික යුග දැනුමේ ප්‍රමාණය කාටවත් වැදගත් වෙන්නේ නැහැ ....නීතියට එරෙහිව දෙයක් කළාද කීවාද ඔහු හෝ ඇය රටේ අපරාද නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු පුද්ගලයෙක් .....මොහු තර්ජනය කර තිබෙන්නේ රටේ නීතියට ...එම නිසා පක්ෂයෙන් කරන පරීක්ෂණ වැඩක් නැහැ. ඒවා කරන්නේ රටේ ජනතාව මුලා කරන්නයි විශේෂයෙන් මොවුන්ට නිසි දඬුවම් දුන්නොත් අපේ රටේ අපරාද 99% නැතිවී යනවා. (බ)
හොඳම වැඩේ කියන්නේ ඔය ප්‍රකාශය කරන වෙලාවේ වටේ ඉඳන් තප්පුලපු පාක්ෂිකයෝ මොන තරම් උගත් අයද කියල හිතුනා, (බ)
විනය පරීක්ෂණ අපිට එපා.අපි දන්නවා ඕගොල්ලන්ගේ විනය පරීක්ෂණ ගැන ඒ කාලේ.පොලිසියේ මහත්වරුනි...ඔය පිස්සාව වහාම බලු කුඩුවට දමන්න. ( මිනිහාව මිරිස් කුඩු ගෝනියේ දාලා බැස්ටිය දුන්නත් අපිට කමක් නැහැ මේවාගේ අඳබාල දේශපාලුවෝ අපිට එපා.) (බ)
මොහුව පළාත් ධීවර ඇමති කමෙන් ඉවත් කළ යුතුයි (බ)
මෙයා විතරක් නෙමෙයි,මෙයාගේ නායකයත් ඉන්නේ ගෝත්‍රික යුගයේ.එයාලා වටේ ලක්ෂ 58කුත් ඉන්නවා. (බ)
මෙතන ගොඩක් අය මෙයාව විවේචනය කළාට පළාත් සබා ඇමති කෙනෙක් හැටියට මෙයා හම්බන්තොට මිනිස්සුන්ට ගොඩක් සේවය කරපු කෙනෙක්. කියපු කතාවනම් සම්පුර්ණ වැරදියි නමුත් වැරදිලා හෝ කියපු එක දෙයකට මෙච්චර ගල් ඇයි. හේතුව මෙයා මහින්ද මහත්තයට පක්ෂ වීම නේද. මෙතන කොමෙන්ට් දාන අපි එක දවසක් හරි කුමන හෝ තරහකට ' ගහන්න හිතෙනවා, මරන්න හිතෙනවා, මරාගෙන මැරෙන්න හිතෙනවා කියල' තවකෙනෙකුට හෝ යම් කෙනෙක් ගැන යාලුවෙකුටවත් කියල නැද්ද. (බ)
ඔය බේබිලත් එයාගේ ගෙදර කට්ටියත් හරිම කැමතියි පසුගිය කාලේ නොයෙක් දහම් ගැට වලින් හම්බකරපු, සමාජයේ ජඩ වැඩ කරලා ප්‍රාදේශීය දේශපාලනේ පොරවල් වුන අයට නුගත් අඳබාලයින්ට. ජාතික සංවිධායක හැටියට ඔබතුමාගේ යුතුකම මේ වගේ මිනිස්සු කවුරු බලපෑම් කළත් නැවත නාමයෝජනා නොදෙන තැනට වැඩ කරන එක. (බ)
තුෂාන්, ඔබ හොදටම දන්නවනේ මෙතුමා හම්බන්තොට මිනිස්සු 2000කගෙන් රුපියල් 60000ක් ගානේ එකතු කරපු බව. ඒවා නැවත මිනිස්සු කිදෙනෙක්ට දුන්නද ? ඒවා කවදද දෙන්නේ ? සුනාමියට විදේශ ආධාර වලින් කුඩාවැල්ල ප්‍රදේශයට ලැබුන ජල ටැංකි මුළු දිස්ත්‍රික්කයේම බෙදුවා. ඒවා ලැබුන මිනිස්සු තමයි මෙයට ඡන්දෙ දුන්නේ. (බ)
යහපාලල හිතාගෙන ඉන්නේ රට නිකන් විහිළු මඩුවක් කියලයි ....එ්කනේ කිතුලට ගිය මිනිහාට වගේ මොකක් හරි අපබ්‍රන්සයක් කියා පාන්නේ ......ඔය යහපාල වගේ එහෙයියන් ඉන්න තුරු රට ප්‍රපාතයේ (බ)
පසුගිය කාලේ මේ වගේ ගෝත්‍රික යුගයකට නේද මේ රට රැගෙන ගියේ? එදා රජුට වන්දිබට්ට කම් කළ පුහු වීරයෝ තමයි මේ..මෙවැනි පුද්ගලයෝ තමයි ඒ කාලේ වැහි වැහලා හිටියේ . වේදිකාවේ ඉන්න සමහර කට්ටිය දැක්කම කාල වකවානුව පැටලිලා වෙන්න ඇති මේ වගේ නොසන්ඩාල කතාවක් කියන්න ඇත්තේ. (බ)
ලාල් මල්ලි, ඔය මැද මුලන තමයි නායකයා ඉන්නේ.එයාල වටේ දැන් ලක්ෂ 58 ක් නැහැ. ඡන්දෙදි මේගොල්ලෝ අහිංසක දුප්පත් මිනිස්සුන්ව බය කරලා ගත්ත ඡන්ද තමා ඔය.වැඩිම වුනොත් ලක්ෂ 45 ක් ගනීවි. (බ)
ඇගේ හැටියට මොළය නේ (බ)
පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකගේ දැනුම බින්දුවක් වගෙයි කියලයි අපිට නම් හිතෙන්නේ දැන් (නි)
මෙයාලා එක්ක තමයි අපේ 'ලොක්කා' ඒ කාලේ හිටියේ... (නි)
මෙයාට විරේක පෙති දෙන්න. බඩ, මොළය දෙකටම ගෝත්‍රික නෙමෙයි, මට නම් පෙනෙන්නේ තලෙයිබාන්වරුන්ගේ කෙනෙක් වගෙයි. ඕනෑම දේ ඕනෑවටත් වැඩිය පොඩියි. ඒ තමයි. ඔලුව. (නි)
හිටපු නායකගේ හයිය ඇරන් කයිය ගැහුවට කවදාවත් නැවත මේ අයට හම්බන්තොට තංගල්ලේ ජනතාව ඡන්දෙ දෙන්නේ නැහැ කළ, කි වැඩ වලට (ම)
එයාල කියනවා.අපි අහනවා.දැන්නම් දේශපාලකයෝ හරියට කළුකඩ මුදලාලිලා හා සමානයි. (ම)
අම්මපා හැබෑට! උත්තරීතර පාර්ලිමේන්තුවේ වාසු කිවුව එක හෙළා දැකලා මාධ්‍ය පණිවිඩයක් පළකරන්න කාටවත්ම බැරිවුණ එකනේ පුදුමේ! (නි)
අනේ සුසිල් මහත්තයෝ, ඔය ගෝත්‍රික වනචාරියාට මුඛය දුන්නේ ඔයා නෙමෙයි වුණාට කට හඬ දුන්නේ අර ඔයාලගේ කවුද කියලා ඔයා දන්නවනේ. නමුත් පක්ෂයේ බොහෝ දෙනෙක් ඇටිකෙහෙල් කෑ උගුඩුවන්ගේ තත්වයට ඇද වැටිලා. කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. උපුල් වගේ ගෝලයෙකු ගැන විනය පරීක්ෂණයක් තියන්න කලින් පක්ෂය දෙකඩ කඩා රට ගිනිතියන හනුමන්තලාව අල්ලන්න. එදාට රටේ සාමය ඇති වේවි. (නි)
පක්ෂයේ මතයේ නොවුණට අහවලා නම් අත්පුඩි ගැහුවා නේද? (නි)
අර අහවල් ඇමතිතමාට දුන්නා නම් හරි. සිංහල භාෂාවෙන් තේරුම් කරලා දෙයි (නි)
යහපාල හරි කැමතියි ගහක බැඳලා තියනවාට.මොකද ප්‍රසිද්ධවෙන අමරුවක්නේ තියෙන්නේ නරකින් හරි.ඊට පස්සේ පත්තරවලයි ටීවී එකෙයි පෙන්නුවම අනේ මමම බැඳගත්තා කියන්න පුළුවන්නේ.මේ වගේ අය තාම ලංකාවේ ඉන්නවනේ? (නි)
තුෂාන් ,මහජන නියෝජිතයන් කියන්නේ වගකීමක් ඇති තමන්ගේ කට ඇරිය යුතු සීමාව ගැන අවබෝධයක් තිබිය යුතු උදවිය. එහෙම නැත්නම් ඔබ ඔය කියන සමාජ සේවය කරගෙන මහිලා සමිතියක සභාපති වෙලා හරි ඔය කියන සේවාව කරගෙන යන්න පුළුවන්. නමුත් දේශපාලනයට ඇවිල්ලා මෙහෙම ප්‍රසිද්ධියේ කට ඇරලා තමන්ගේ පක්ෂයත් අමාරුවේ දැම්මා නම් එයාට තව නිදහසට කාරණා නැහැ. (නි)
වැඩේ කියන්නේ මේ වගේ අයට ඡන්දය දෙනවනේ.ඇත්තටම මේ වගේ අයට දකුණේ හොඳ ඉල්ලීමක්නේ තියෙන්නේ.ඒකෙන් පේනවා මේ මිනිසුන්ගේ තියෙන අධ්‍යාපන මට්ටම (නි)
බලනකොට වැඩිදෙනා ගෝත්‍රික යුග වලටනේ අයිති (නි)
එදා පහුගිය ආණ්ඩුව පැරදුනු දවසේ ලංකාවේ හැමෝගෙම මුහුණු වල තිබුනේ වසර ගානක් ගස් බැඳලා ඉඳලා නිදහස් කළා වගේ හැඟීමක්. හැමෝම සැනසීමෙන් නිදාගත්තා. වහල්බවෙන් මිදිච්ච කුරුළු රෑනක් වගේ නිදහසේ ඇවිදින්න කතාකරන්න පටන් ගත්තා. ගස් මලින් බර වුණා. තරහවෙලා හිටපු අසල්වැසි රටවල් අපිට සුබ පැතුවා. අපිත් එක්ක ආයෙත් යාලු වුණා. මන්තරකාරයින් ,හඳහන්කාරයින් බිලිගෙන තිබුණු රට ඒකෙන් නිදහස් වුණා. එක පවුලක වහලුන් වගේ හිටපු රටවැසියෝ නිදහසේ ගී ගැයුවා. බදු පිට බදු ගෙව ගෙවා හිටපු මේ අපේ දුප්පත් රටේ මිනිස්සුන්ගේ හීල්ලිල්ල නතර වුණා. ඒ වගේ යුගයක් රටේ ආයෙත් ඇතිවන බවට කළ ප්‍රකාශයම අමානුෂික ප්‍රකාශයක් බවයි මගේ නම් හැඟීම. (නි)
තුෂාන්, ඔයාගේ ප්‍රතිචාරය කියවලා මට දෙකොනින් හිනා. හම්බන්තොට ජනතාවට සේවය කරලා තියනවලු. අයියෝ තුෂාන් මෙයාගේ පැටිකිරිය ගැන අහන්න හම්බන්තොට අපෙන්. (නි)
ලාල් , ඔයාට වැරදිලා. දැන් 58ක් නැහැ (නි)
නායකයෝ විදියට තමයි අනුගාමිකයෝ යන්නේ (නි)
තුෂාන් අයට පුද්ගලිකත්වය යටතේ කියන දේවල් , ප්‍රසිද්ධ ජන රාශියකදී කියන දේවල් වල වෙනස්කම් ගැන තේරුම් ගන්න බැහැ. නිරන්තර වෙනස්කම් වලට භාජනය වන නවීන ලෝකය පිළිබඳව අවබෝධයකින් තොරව කතාබහ කරයි, හැසිරෙයි. සිවිල් (දේශපාලන) අයිතීන් ස්ථාපනය වීමට පෙර යුගයේ සමාජය පිළිබඳව කතා කරන අතර එතරම් සභ්‍ය නොවන වචන භාවිතා කරයි. නිසි ලෙස අධ්‍යාපනය නොලැබූ අයෙකු යැයි කියනවාට වඩා මොවුන් තුළ ඇත්තේ අනවබෝධයයි. සෑම ජාතියකම හා ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවය අතරමද දැකිය හැක. (නි)
මෙම පුද්ගලයා මහජන නියෝජිතයෙකුට ගැළපෙන අයෙකු නොවෙයි. මෙවැනි අයත් එක්ක එකට ඉන්න අයත් කොයි වගේද කියලා හිතාගන්න පුළුවන්. (නි)
මේ පාර හොර සල්ලි තිබ්බත් සිල් රෙදි දෙන්න විදියක් නැති නිසා උපාසක අම්මලාගේ ඡන්ද අඩු වුණාම ඕනෑ නම් ලක්ෂ 28 තියෙයි. (නි)
අපි එයාට කියමු නියඩතාල් උපුල් කියලා (නි)
ඔය පැත්තේ අය ඔහොම කතා තමයි කියන්නේ (නි)
අපි ළඟත් ඒ ගතිගුණ ඇති නේද? (නි)
ඒ යුගයේ අයගෙන් පැවතගෙන එන අය තාම ඇති. ඒකයි (නි)
බුදුන්ගේ කාලෙත් දේවදත්තලා හිටියා (නි)
එතකොට අපේ නාමල් බේබි මොකද දන්නෑ කියන්නේ.. එයත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නේද? (ස)
මේකාගේ බස් තියෙනවා.ඔය තංගල්ල මාතර පැත්තේ. පාරේ නිතිය තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ (ම)
එයාට නම යෝජනා දුන්නේ අපිද නෙත්නම් සුසිල් ල ද ? (ම)
එතකොට නාමල් බේබි හිනාවෙවී ඒක අනුමත කරන එකට මොකද කියන්නේ .(ම)
වහාම ඔහු වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත යුතුයි (ම)
වේදිකාවලදි ගැලරියට කියන ඔය වගේ කථා ගැන ඔය තරම් මොකට වද වෙනවද මන්දා. ඔය වගේ දේවල් ද අපි අහලා තියෙන්නේ. අනේ වැදගත් දෙයක් ගැන කථා කරමු. (ම)
මෙයාට අහවලාගේ මූනමයි තියෙන්නේ (ම)