දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (8) සවස නියෝග කළේය.
පසුගිය 30 වැනිදා තිස්සමහාරාමයේ පැවති රැස්වීමකදී මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවූ පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සියලු නිලධාරීන් ගල් ගසා මරන බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද රහස් පොලිසිය ඔහුගෙන් පැය හත හමාරක් ප්‍රශ්න කිරීමෙන් පසු උසාවියට ඉදිරිපත් කෙරුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ! ඇඟේ ප්‍රමාණයට මොළය තිබුණා නම්.... (නි)
මේකත් මෙයාව පාර්ලිමේන්තු යවන්න හේතුවක් අපේ ඡන්දදායකයන්ට. "පොලිසියටත් ප්‍රසිද්ධියේ අභියෝග කළ" කියලා පෝස්ටර් ගහන්නත් පුළුවන්. (නි)
මහින්ද මහත්තයා රාත්‍රියේ වැටුණු වළේ,මෙදා පාර දවාලේම වට්ටවන්න එක්කාගෙන යන මෙම පිරිස තවම හඳුනාගත්තෙ නැහැ (නි)
බමුණුගේ මතයට අනුව මහින්ද මේගොල්ලන්ට රැවටිලා. අනේ මොකුත් නොදත් අහිංසකයා.එයා රැවටුවේ පළාත් පාලන මැති ඇමතිවරු විතරක් නොවෙයි 58 ලක්ෂයක් ජනතාව. ඒ ගොඩේ බමුණුත් ඉන්නවා. (නි)
දැන් රටට වෙලා තිබෙනදේත් අපිට පෙනෙනවා. (නි)
එයාද ඒ කාලේ රටේ මිනිසුන්ව රැවටුවේ, නැත්නම් දැන් ඉන්න අයද කියලා හොඳට බලන්න. (නි)
අපි ඔය කාටවත් බයේ අදහස් ලියනවා නොවෙයි. (නි)
ලබන පාර මහින්ද මහත්තයාට හොඳටම උදවු කරාවි. (නි)
මේ වගේ අය ඇතුවත් බැහැ, නැතුවත් බැහැ.. (නි)
ජයවේවා! (නි)
මෙයටත් මට මතක නැහැ කියන ලෙඩේ ගහල වගේ. හිනාවෙවී තමුන්ට හිමි තැනට ජීප් එකේ යන ලස්සන විතරක්? (ස)
මාළුවා නහින්නේ කට නිසා ලු. (ස)
මේ මිනිස්සු මහින්ද මහත්තයව අයෙත් බලයට ගේන්න හදන්නේ මොකටද කියල දැන් නම් හොදටම පැහැදිලියි. (ස)
මොවුන්ව දේශපාලනයට ගෙනල්ලා රටේ සාමය රකින්නවත් දෙන්නේ නැති හැටි? අපිට හරි දුකයි. (නි)
මුන් දඩු කඩේ ගහන්න ඕන (ම)
මොකක්ද මෙයා ලෙඩ වුණොත් දාන මුල්ලේරියාවේ වාට්ටුව? (අ)
පොලිසිය කරන වැඩ වලට මිනිස්සු ගල් නොගහන එක තමයි පුදුමේ. (ම)
මේ හාදයව දන්න ඕනේ කුබුරු හානා හරක් එක්ක (ම)
පොලිසියට ගල් ගහල මරනවා කියපු වෙලේ හිනා වෙවී හිටපු පෙරකදෝරු මහත්තය කෝ ? හැබෙයි ඒ මහත්තයාගේ තාත්ත නම් හෙට හිරගෙදරට එයි බලන්න (බ)
මෙයාගේ ගල් වැඩපලෙන් මෙයා දවසකට ලක්ෂ ගණනාවක් උපයනවා , ඊට අමතරව නීති විරෝධී ආකාරයෙන් මෙයා කොටි ගණනාවක මුදලක් උපයාගෙන තිබෙනවා. පසුගිය කාලයේ මෙයා මෙම දේපල උපයාගත් ආකාරය ගැන මුදල් අපරාධ කොටශයෙන් නිසි ආකාරයෙන් සොයා බැලුවොත් මෙයාගේ කෝටි ගණනක දේපල රජසත්ක කර රජයට අවරුදු ගනනාවක් තුළ අහිමි උන රුපියල් කෝටි ගණනාවක් බදු අදායමත් නැවත ලබාගන්න පුළුවන් . මහින්ද රාජපක්ෂට බලය ලැබෙන විට මොළය ටික ටික අඩු උනා. එම නිසා මෙවැනි මිනිස්සුන්ට බලය ලැබුනා, රටේ ආර්ථික සහ සමාජීය පිරිහීමක් ඇති උනා. මිනිස්සුන්ට ඔහු එපා උනා. (ස)
පැය 24 හමුදාව ගෙදර යවන්න ඕනේ කියල ආඒ දවස්වල කිවේ , ස්ත්‍රී දුෂකයන්ව හිරෙන් නිදහස් කර ගෙන සමාදාන විනිශ්ච කර තනතුරු දුන්නේ ... පුදුම යහපාලනයක් ..24 කබිනේටුව මෙහෙම නම් 125 අල්මාරිය කොහොමට හිටීවිද ? (ම)
මටනම් පොලිසියේ යුනිපෝම් එක දකිද්දීත් භය හිතෙනවා.මේ මිනිස්සු පොලිසියට තියා නිතියටවත් භයක් හැකක් තියෙනවද කියල සැකයි මේ රුප රාමු පෙළ දිහා බැලුවම.(ම)
මුහුණ රැවුල දැකලා පුරුදු කෙනෙක්ගේ වගේ නේද? (නි)
මේ වගේ අය ලොකු පොඩි අය ඉදිරියේ ලකුණු දාගන්න යෑමෙන් තමයි ලොක්කාට වැරදුනේ.එතුමාට ගමනක් තියේවි මේ අයව හළලා යන්න හිතාගත්තොත් !! (නි)
මට නම් හරිම සතුටුයි (නි)
මේ වගේ අය නිසා තමයි මෙයාලගේ නායකයා පැරදුනේ.අපේ රටේ අනාගතයට අනවශ්‍ය මිනිසුන් (නි)
මමත් දකුණේ මිනිහෙක්.නමුත් මොහු කරන කියන දේවල් කොහොමවත් අනුමත කරන්න බැහැ.රටේ නීතියට අපි කවුරුත් ගරු කළයුතුයි (නි)
වැඩක් නැහැ. මේකෙනුත් වාසිය එයාටමයි. නිකන්ම ප්‍රසිද්ධියක් ලබාගත්තා. මෙහෙම දෙයක් කිවුවේ නැත්නම් එයාව දන්න කෙනෙක් නැහැ. ඇයි වැඩකරලා ජනප්‍රිය වෙන්නයැ. මේ වගේ මගෝඩි වැඩක් කළොත් තමයි ජනප්‍රිය වෙන්නේ. මෝඩ ඡන්දදායකයෝ මෙයාව ඊළඟ වාරේ අපේ වීරයා කියලා පාර්ලිමෙන්තු යවයි. අනික මෙයා ටික දවසක් ඉඳලා නිදහස් වෙනවා. මට එහෙම කිවුවේ නැහැ කියාවි (නි)
මෙන්න නියම දේශපාලුවෝ. කූඩුවට යන්නෙත් ගාර්ඩ්ලා එක්ක වගෙයි පෙනෙන්නේ. (නි)
මෙයාගේ නම එයාට හොඳට ගැළපෙනවා. (නි)
මහින්ද මහතා, ඔබට ඔය දේ සිදුවුණේ මේ වගේ අය හින්දා. එමනිසා මොවුන්ට නොරැවටී ඉන්න වගබලාගන්න. මෙවැනි අය අපිට නම් එපා.මහජනයා ගල් ගසා එළවා දැමිය යුත්තේ මොවුන්වයි. මොවුන් දේශපාලනයට සුදුසු අය නොවෙයි (නි)
ඉසුරන්දි, ඔයාට එහෙම වුණාට , මේ අය දකිද්දී පොලිසිය බයයි. නීතිය නම් ගණන් ගන්නෙම නෑ. (ම)
යන හැටි විතරක් හිනාවෙලා? (නි)