
(විමුක්ති එස් රුද්රිගු)
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පැවැති උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් සිවු දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට පොලිසිය ප්රකාශ කළේය.
අපරාධය සිදුවූ ස්ථානයේ තිබී ගිනි අවි දෙකක් සොයාගෙන ඇති බවත් මෙම අපරාධය එක් අයෙකු සිදුකළ වෙඩි තැබීමක් නොවන බවට සැක පළකරන බවත් ටොරොන්ටෝ පොලිසිය පැවැසුවේය.
මූලික විමර්ශනයේදී අනාවරණය වූ කරුණුවලට අනුව උත්සවයේදී පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකාට වෙඩි තබාගෙන ඇති බවත් ඊට මැදිවූ අය මියගොස් හෝ තුවාල ලබා ඇති බවත් ටොරොන්ටෝ පොලිසිය ප්රකාශ කළේය.
මෙම වෙඩි තැබීම බටහිර ශාන්ත ක්ලෙයාර් මාවත සහ ආර්ලිංටන් මාවත අතර මෙම වැඩි තැබීම සිදුව ඇති අතර තවමත් වෙඩි තැබීම සිදුකළ සැකකරු හෝ සැකකරුවන් හඳුනාගැනීමට කැනඩා පොලිසියට හැකියාවක් නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමරාළ කපුටෝ හතක් වමනේ දැම්මා වගේ.