(අංජුල මහික වීරරත්න)

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝශ් ජා මහත්වරුන් අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී සිදු විය.

මෙම හමුවේදී මෑත කාලීනව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වර්ධනය වූ රාජතාන්ත්‍රික සහ සංස්කෘතික සබඳතා පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර  ඉන්දියාවේ වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ  සිදුව ඇති සාධනීය පරිවර්තන සම්බන්ධයෙන්ද සාකච්ඡා විය.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු ලේකම්  Rambabu Chellappa  සහ ජවිපෙ විදෙස් අංශයේ කල්පනා මධුභාෂිණී මහත්ම මහත්මීහු  සහභාගී වූහ.