ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමග යුද්ධයක පැටලීම සහ ඔහුගේ පාලන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේත් ලෝකයේ ප්‍රධාන රටවල් කීපයක අගනගරවලත් විරෝධතා පැවැත්වෙයි.

ඇමෙරිකාවේ ජනපද 50 පුරා සිදුවීම් විරෝධතා 3,300කට අධික සංඛ්‍යාවක් පැවැත්වුණු අතර, විරෝධතා සංවිධානය කළ පිරිස් පැවැසුවේ මිලියන අටක් ඇමෙරිකානුවන් රට පුරා පැවැති එම විරෝධතා සඳහා එක් වී සිටින බවය.

ඇමෙරිකානු ඉතිහාසයේ එක් දිනක් තුළ වාර්තා වූ විශාලතම විරෝධතා ව්‍යාපාරය මෙය යැයි ද පැවැසෙයි.

ඉරානය සමග යුද්ධය වහා නවත්වන්නැයි විරෝධතාවලට එක්වුණු ඇමෙරිකානුවෝ එක හඬින් කියා සිටියහ.

ට්‍රම්ප් ආඥාදායකයකු ලෙස ක්‍රියා කරන බවටත්, ඔහුගේ පාලන ප්‍රතිපත්ති ජනතාව පීඩාවට පත් කරන බවටත් විරෝධතාකරුවෝ දොස් නගන බව පැවැසෙයි.

ඇමෙරිකන් මාධ්‍ය සිදු කළ සමීක්ෂණ අනුව, ඇමෙරිකාවේ ජනගහනයෙන් සියයට 70 කට වැඩි පිරිසක්, ඉරාන යුද්ධයට විරෝධය පළ කර ඇතැයි ද පැවැසෙයි.

නිව්යෝර්ක් නගරයේ පැවැති විරෝධතා සඳහා දස දහස් ගණනක් ජනතාව එක්රැස්වුණු අතර, ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කරන ඔස්කාර් සම්මානලාභී නළු රොබට් ඩි නිරෝ ද ඊට එක් වී සිටිනු දකින්න ලැබුණි.

වොෂින්ටන් අගනුවර ජාතික සාප්පු සංකීර්ණය අසලට රැස්වුණු විරෝධතාකරුවෝ ජනාධිපති ට්‍රම්ප් වහාම ධුරයෙන් ඉවත් විය යුතුයි හඬ නගන්න වූ බව ද පැවැසෙයි.

මීට අමතරව, යුරෝපා රටවල ප්‍රධාන නගර කිහිපයකම, එනම් ඇම්ස්ටර්ඩෑම්, මැඩ්රිඩ් සහ රෝමය වැනි නගරවල ද ට්‍රම්ප්ගේ ආඥාදායක පාලනයට එරෙහිව ජනතාව වීදි බැස විරෝධතා පවත්වයි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, මෙම විරෝධතා ජනාධිපති ට්‍රම්ප්ගේ මතභේදාත්මක තීරණ සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින දැඩි අප්‍රසාදය සහ රට තුළ පවතින දේශපාලනික අස්ථාවරත්වය මනාව පිළිබිඹු කරන බවය.

(එන්.ඩී.ටීවී.)