ඔස්ට්‍රියාවේ වියනා නුවර ශ්‍රී ලංකා තානාපතිනිය හා එහි කාර්ය මණ්ඩලය යළි මේ රටට ගෙන්නුවේ අනෙක් තානාපති කාර්යාලවලට ද පණිවිඩයක් දීමට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) කොළඹ දී පැවැසීය.
තමාට වියානා නුවර ශ්‍රී ලංකා තානාපතිනියට කතා කිරීමට අවශ්‍ය නිසා තම කාර්ය මණ්ඩලය වියානා නුවර තානාපති කාර්යාලයට පැය හතර හමාරක් තිස්සේ උත්සාහ කළද එහි ඇති දුරකථන හයකටම උත්තර දීමට කෙනකු සිට නැති
බව කී ජනාධිපතිවරයා ඒ අනුව එහි තානාපතිනියත් තානාපති කාර්යාලයේ කම්කරුවා දක්වා සියලු දෙනාත් රටට කැඳවූ බව සඳහන් කළේය.
තානාපතිනියගේ සිට එහි කම්කරුවා දක්වා සියලු දෙනාම අද හෙටම යළි දිවයිනට පැමිණෙනු ඇතැයි කී ජනාධිපති
සිරිසේන මහතා තමා එසේ කළේ අනෙකුත් තානාපති කාර්යාලවලට ද පණිවිඩයක් දීමට යැයි කීවේය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඊයේ (17) පැවැති
ජාතික ඕසෝන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඔච්චර හිතන්න ඔනෙද?
එන්න යන්න වියදම් දෙන්නේ කවුද ආයුබෝවන්?
ඕවා රටේ ජනතාවට කියල වැඩක් නැහැ. දුර්වල පාලකයන් සිටින විට මේ දේ වෙනවා
ඇති යන්තම් අපේ ජනාධිපතිතුමාට තේරුම් ගියා එතුමා කව්ද කියල.
කතා කරපු වෙලාව කීයටද? රෑ 10ට පස්සෙ නම් වෙන්න බෑ.
අනිවාර්යෙන් එහෙට නිවාඩු දවසක කෝල් කරන්න ඇති ..
ඔය අවුල ඔය රටට විතරක් අදාල නැහැ....... අනිත් රටවලත් ඔය ටිකම තමා. ඔබතුමා ජනාධිපති වෙලා පැය 4ක් මහන්සිවෙලා. අපි දවසම මෙහෙ උත්සහ කලත් උත්තර නැහැ. යන්නම වෙනවා විස්තරයක් දැන ගන්න උනත් 1 දවසක් ගියත් වෙන්නේ නැ ඒත්. එ් අතින් අපේ තනාපති සේවාවන් දුර්වලයි අනිත් රටවල් එක්ක බැලුවහම.
කැකිල්ලේ තීන්දුවලින් ලෝකයා ඉදිරියේ අපේ රට අපකීර්තියට සහ විහිලුවට ලක්වෙනවා මේ ගැන කව්රුවත් හිතන්නේ නැති එක හරිම කනගාටුවක්.
තානාපති සේවයට යැවිය යුත්තේ නියම අන්දමින් පුහුණු කළ දක්ෂතා ඇති නිලධාරීන් යැවිය යුතුයි........ අඩුම තරමින් ඉන්දියාව ලොවට යවන තානාපතිවරුන් ගැනවත් සිතා බැලිය යුතුයි. එසේ නොමැති නම් ගුණපාල මලලසේකර වැන්නවුන් ගැනවත් කියවා බැලිය යුතුයි. දශක 04 ක සිට අපේ තානාපති සේවය විනාශයටම ගිහින්.
මේ ආපසු ගෙන්නපු කට්ටිය මැද පෙරදිග ගෘහ සේවිකාවෝ නොවෙයි. මේ පිරිසෙන් වැඩි කොටසක් තම වෘත්තීය අයිතිවාසිකම් හා රටේ පවතින නීතිය පිලිබඳ හොඳ දැනීමක් ඇති උගතුන්. ඔවුන් ලංකාවට පැමිණිය පසු මේ පිළිබඳව වන්දි ඉල්ලා අදාළ ආයතන වලට නඩු ගොනු කිරීමත්, ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් නඩුවක් ගොනු කිරීමත් අනිවාර්යයෙන් සිදු වෙනවා. බොහෝ විට මේවාට උපදෙස් දෙන පුද්ගලයෝ ජනපතිතුමාගේ තීරණ අවඥාවට ලක් වීම සඳහාම මෙවැනි දේවල් කරවනවා කියලයි මට හිතෙන්නේ .
අපේ රටේ තානාපති කාර්යාල තියෙන්නේ විශ්‍රාම ගිය දේශපාලන හිතවතුන්ට විවේක සුවයෙන් ගත කරන්න හා තම දේශාපාලන හෙංචයින්ට රැකිරක්ෂා දෙන්න විතරයි. වර්තමාන ජනාධිපතිවරයාත් ඒ පුර්වාදර්ශය අනුගමනය කරමින් හිටපු ජනාධිපති ලේකම්වරයාව තනාපති තනතුරක් සඳහා මෑතකදී පත්කර යැවු බව අපට අමතක නැහැ. එවිට අනිත් රටවල තානාපති කාර්යාලවලට එමගින් යවන්න උත්සාහා කල පණිවුඩය මොකක්ද කියලා එතුමා රටට පැහැදිලි කලොත් ඉතා වටිනවා.
එංගලන්තය කියන රටේ මෙහෙම නෑ ....... බොහොම හෙඳට වැදගත් පිලිවෙලට මිනිසුන්ට සලකනවා.... ඕස්ට්‍රේලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.....
මෙහිදී එතුමාගේ තීරණය නිවැරදියි, මොකද තානාපති සේවයේ නිරතවන්නේ සෙල්ලම් කිරීමට නොව තමා උපන් රටට සේවය කිරීමටයි. මෙවැනි තවත් තානාපතිවරුන් සහ වරියන් ඉන්නා බව සහ සිටි බව නම් පැහැදිලියි. මට මතක් වෙන්නේ ඉස්සර කාලේ හිටපු තානාපතිවරු තම කාර්යයන් ලස්සනට කළා.
ඉතාලියේ තානාපති කාර්යාලය සහ මිලානෝ වල උප කාර්යාලය මීට වඩා අන්තය. කරුණාකර මේ අයද ගෙන්වා ගන්න.
මහත්තයෝ තේරුම් ගන්න ඔබට මේ පාලනය තුළ තිබෙන තැන. ඔබට උත්තර දෙන්නේ මුර කාරයින්. ඔබව ඔය තනතුරේ තිබ්බා මිස ඔබ ඔය තනතුර ස්වෝත්සාහයෙන් දිනා ගත්ත එකක් නොවන බව දැන්වත් තේරුම් ගන්න.
රටට හෙන ගැහුවත් 10 ට නිදාගන්න පාලකයෝ ඉන්න රටේ, තානපතිලත් ඒ පාරේම යන එක අහන්නත් දෙයක්ද?
තමාගේ දුර්වල කම රට ඉදිටියේ කියන එක කැතයි නේ....
කතාකරල තියෙන්නෙ කාර්යාලය වැහුවට පස්සෙ. මේ රටවල වෙලාවට හැමදේම කරනවා. වැඩ ඇරිල ගෙදර යන්නෙත් වෙලාවට ලංකාවෙ වගේ ඕටී දදා වැඩ අදින්නෑ
දැන් හරි අවදියෙන් ඉන්න. මෙතුමාට ඔක්කොම තේරන්නේ ප්‍රමාද වෙලා. තෙල් මිල සූත්‍ර, මහ බැංකු වංචාව, අගමැතිගේ ආර්ථික කමිටුව, නඩු ප්‍රමාදවීම, ඔවා ගැන මෑතකදී මෙතුමා අප්‍රසාද පලකරලා තිබ්බා. ප්‍රමාද වෙලා තේරිලා වැඩක් නැහැ.
මෙතුමා දන්නවද දන්නේ නෑ ලංකාවේ, ඔස්ට්‍රියාවෙයි තියෙන්නේ වෙලාවල් දෙකක් කියල.
කටාර් තානාපති කාර්යාලයේත් නෝනා කෙනෙක් ඉන්නවා ලාංකිකයින්ට ගොරවන...
වරද කලේ කාර්යමණ්ඩලය ඒකට කම්කරුවොන්ටත් දඬුවම්.
කාටද මේ බොරු බයිලා? ජනතාව පිස්සෝ නොවෙයි ඔව්වා පිළිගන්න. විස්තරේ දන්නෝ දනිති!
මා සිතන්නේ ජනාධිපතිවරයා ක්‍රියා කල ආකාරය නිවැරදිය කියා.
මේගැන සමහර රටවල පුවත්පත්වල " උපහාසයෙන් " කතාකරලා තිබුනා. මේ තානාපතිතුමිය ඉතා දක්ෂ පරිපාලන නිලධාරිනියක්. මට හිතෙන්නේ මේ කතාව පිටුපස වෙනත් කතාවක් තියෙනවා කියලයි. අපි බලමුකෝ " රීප්ලේස් " කරන්නේ කාවද කියලා.
තරහ ගිය අප්පච්චි කෙනෙක් ළමයින්ට අඩගහල බනිනවා වගේ වැඩක්.
අනෙකුත් තානාපති කාර්යාලවලට ද පණිවිඩයක් දීමට කරන්නේ මෙහෙම දේවල්ද? පොඩ්ඩක් කලපනා කරලා වැඩ කරන එක නේද හොඳ?
මම මේ දන්නේ නැති නිසා අහන්නේ තානාපති කාර්යාල වල උදවිය දවසේ පැය 24ම වැඩද???
නුසුදුස්සා නොසුදුසු තැන් වලට පත් කිරීමේ ප්‍රතිපල.