(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කිරුළපන, පොල්හේන්ගොඩ හන්දියේ පිහිටි පෞද්ගලික බැංකුවකට අයත් ටෙලර් යන්ත්‍රයක් කඩා එහි තිබූ රුපියල් 1,633,500 ක මුදලක් සොරාගත් පුද්ගලයෙකු අද(22) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.
සැකකරු එම බැංකුවට අයත් ටෙලර් යන්ත්‍ර 90ක මුදල් තැන්පත් කරන කණ්ඩායමේ සේවකයකු ලෙස සිට ඇති අතර, එහිදී සිදුකළ මුදල් වංචාවක් හේතුවෙන් සේවයෙන් ඉවත් කළ අයෙකු බවද හෙළි වී ඇත.
බැංකුවේ නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය කළ පරීක්ෂණයකදී එහි සවිකර තිබූ සී.සී.ටී.වී.කැමරා දර්ශන අනුව නාරහේන්පිට දාබරේ මාවතේ කුලී නිවසක පදිංචිව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු රැඳී සිටි කාමරයේ මෙට්ටයක් යට සොරාගත් මුදලින් ලක්ෂ 14ක තිබී පොලිසිය භාරයට ගෙන ඇත.
හොරොව්පොතාන පදිංචි 25 හැවිරිදි අයෙකු වන සැකකරු අලුත් කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිසුන් වංචාවේ ඉහවහ ගිහිල්ලා. මිනිසුන් සතේකට විශ්වාස කරන්න බැහැ.