ඉඩම් ආරවුලක් මත ටෙලිකොම් සේවකයකුගෙන් පළි ගැනීම සඳහා තමා කෙළෙසීයැයි බොරු පැමිණිල්ලක් කළ කාන්තාවකට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා මාස තුනක බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 1500 ක දඩයක් නියම කළේය.
පොලිස් ඇප මත සිටි ටෙලිකොම් සේවකයාට එරෙහිව නඩු පැවරුණේ නැත. ඒ නිසා ඔහුට එරෙහි නඩුද නොවැටිණි.
අකුරැස්ස පරදුව පහුරන්විල පදිංචි බුද්ධිකා ශ්‍යාමලී විතාරණ (35) ඇයයි. ඇය දෙදරු මවකි.
ටෙලිකොම් සේවකයාගේ පැමිණිල්ලක් මත ඇගේ සැමියා මීට කළින් අත්අඩංගුවට ගැනීම නිසා ඇය මේ බොරු පැමිණිල්ල කළ බව ඇය අධිකරණයේදී පිළිගත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ බොරු කියන අයව ඇත්තටම කෙළෙසන්න දෙන්න තියෙන්නේ (නි)
මේ දඬුවම බොහොම මදි, බැරිවෙලාවත් අර පිරිමි කෙනා වැරදිකරු වුණා නම් ඔහුට රැකියාවත් නැතිවෙනවා, අවනම්බුවකුත් ඔහුටත් පවුලේ සැමටත් එකතුවෙනවා. සමහරවිට අවුරුදූ 20ක් විතර හිරේ ලඟින්නත් වෙයි. මේ වගේ බොරු පැමිණිලි කරන කාන්තාවන් අවුරුදු 10ක් හෝ 20ක් අනිවාර්යෙන්ම හිරේ යැවිය යුතුමයි (නි)
එයාට සැමියා අත් අඩංගුවේ ඉන්න කාලේ මනරම් සිතිවිල්ලක් පහලවෙන්න ඇති. (නි)
ඇත්තටම දඬුවම නම් ගොඩක් මදී. මේ පිරිමියා වැරදිකරු වුණා නම් [නීතිය අන්ධ නිසා] මොන අපරාදයක්ද ? කාන්තාවන්ද අතවර කියන වචනය දැන් ආභරණයක් කරගෙන තියෙන්නේ. (නි)
අයියෝ සල්ලි
දිමුතු ඔබ හරි....මේ වගේ බොරු චෝදනා වලට අද කී දෙනෙක් හිරේ ඉන්නවද? (නි)
දිමුතු කියපු දෙය තමයි අද යථාර්තය.(නදී)